bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Samuel 3
2 Samuel 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
1
සාවුල්ගේ වංශයත්, දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධ පැවතුණේ ය. දාවිත් වනාහි වඩ වඩා බලවත් වන අතර, සාවුල්ගේ වංශය වඩ වඩා බල හීන වේගෙන ගියේ ය.
2
හෙබ්‍රොන්හි දාවිත්ට පුත්‍රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය;
3
දෙවැනියා කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ් ය; තුන්වැනියා ගෙෂූර්හි රජ වූ තලමයිගේ දුව වන මයකාගේ පුත් අබ්සලොම් ය;
4
සතරවැනියා හග්ගිත්ගේ පුත් අදොනියා ය; පස්වැනියා අබිටල්ගේ පුත් ෂෙපටියා ය;
5
සවැනියා දාවිත්ගේ බිරිඳ වන එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් ය. මොවුහු හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන්නාහ.
6
සාවුල්ගේ වංශය ද දාවිත්ගේ වංශය ද අතරේ යුද්ධය පැවතෙද්දී, අබ්නේර් සාවුල්ගේ වංශයෙහි එන්න එන්න බලවත් විය.
7
ආයාගේ දුව වන රිශ්පා නම් උපභාර්යාවක් සාවුල්ට සිටියා ය. “ඔබ මාගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කෙළේ මන්දැ”යි ඊෂ්-බොෂෙත් අබ්නේර්ගෙන් ඇසී ය.
8
එවිට අබ්නේර්, ඊෂ්-බොෂෙත්ගේ ප්රශ්නය ගැන ඉතා කෝප වී, “මම ජුදාට දාස වූ නරි බල්ලෙක් ද? මම දාවිත්ගේ අතට ඔබ අසු කරනොදී, අද දක්වා ඔබේ පියා වන සාවුල්ගේ වංශයටත්, ඔහුගේ සහෝදරයන්ටත්, ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්නුවෙමි. එහෙත්, අද ඔබ මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් මට දොස් නඟන්නෙහි ය.
9
සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නොකෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා!
10
එසේ කළ යුත්තේ, රජකම සාවුල්ගේ වංශයෙන් පහකර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි පිහිටුවන පිණිස ය”යි කීවේ ය.
11
ඊෂ්-බොෂෙත් අබ්නේර්ට බිය වූ බැවින් එක වචනයකින් වත් උත්තර දෙන්නට ඔහුට නොහැකි විය.
12
එකල අබ්නේර්, දාවිත් වෙත පණිවුඩකාරයන් යවා, “දේශය අයිති කවරෙකුට ද? මා සමඟ ඔබේ ගිවිසුම කරගන්න. එවිට සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත හරවා ගන්න පිණිස මාගේ සහාය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
13
දාවිත් පිළිතුරු දෙමින්, “යහපත, මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. හැබැයි, ඔබ එක දෙයක් කළ යුතු ය; එනම්, ඔබ මා බලන්නට එන විට පළමු කොට සාවුල්ගේ දුව වන මීකල් කැඳවාගෙන ආ යුතු ය; එසේ නොකළොත්, මාගේ මුහුණ නොදකින්නෙහි ය”යි කී ය.
14
එවිට දාවිත් සාවුල්ගේ පුත්‍ර ඊෂ්-බොෂෙත් වෙත පණිවුඩකාරයන් යවා, “පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර දී මා ලබාගත් මාගේ බිරිඳ වන මීකල් මට දෙන්නැ”යි කියන්නට කීවේ ය.
15
ඊෂ්-බොෂෙත් මිනිසුන් යවා, ඇගේ පුරුෂයා වන, ලායිෂ්ගේ පුත් පල්තියෙල් වෙතින් ඈ ගෙන්වා ගත්තේ ය.
16
ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට “හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.
17
අබ්නේර් ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ කතා කොට, “දාවිත් ඔබ හැමගේ රජු වන පිණිස ඔබ පසු ගිය කාලයෙහි දී ඔහු සෙව්වහු ය.
18
දැන් එසේ කරන්න. මන්ද, ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල්, පිලිස්තිවරුන්ගේ අතින් ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින් ද මාගේ මෙහෙකරු වන දාවිත් ලවා මම ගළවාගනිමි’යි සමිඳාණන් වහන්සේ දාවිත් ගැන වදාරා තිබේ ය”යි පැවසී ය.
19
අබ්නේර් බෙන්ජමින්වරුන් සමඟ කතා කෙළේ ය. ඉන්පසු අබ්නේර් ඉශ්රායෙල්වරුන් ද මුළු බෙන්ජමින් වංශය ද කළ යුතු යයි සම්මත කරගත් සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ට කියන පිණිස ගියේ ය.
20
මෙසේ අබ්නේර් ද ඔහු සමඟ මිනිස්සු විසිදෙනෙක් ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමිණියෝ ය. දාවිත් අබ්නේර්ටත්, ඔහු සමඟ සිටි මිනිසුන්ටත් භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය.
21
අබ්නේර් දාවිත්ට කතා කොට, “මම පිටත් ව ගොස්, සියලු ඉශ්රායෙල්වරුන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙත රැස් කරගෙන එන්නෙමි; මෙසේ ඔබේ සිත් ගන්න සියල්ලන් කෙරෙහි ඔබ රජකම් කරනු ඇතැ”යි කීවේ ය. දාවිත් අබ්නේර්ට යන්නට අවසර දුන් විට ඔහු සාමදානයෙන් ගියේ ය.
22
ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි.
23
එහෙත්, ජෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාව පැමිණි විට, “නේර්ගේ පුත් අබ්නේර් රජු ළඟට ආවේ ය; රජු ඔහුට අවසර දුන්නේ ය; ඔහු සාමදානයෙන් ගියේ ය”යි කී හ.
24
එවිට ජෝවාබ් රජතුමා ළඟට අවුත්, “ඔබ කෙළේ කුමක් ද? අබ්නේර් ඔබ ළඟට ආවේ ය; දැන් ඔහු පිට වී ගොස් ඇත; ඔබ එසේ ඔහුට යන්නට අවසර දුන්නේ මන් ද?
25
නේර්ගේ පුත් අබ්නේර් ඔබ රවටා, ඔබේ යාම් ඊම් ද ඔබ කරන සියල්ල ද දැනගන්න පිණිස ආවේ ය; ඔබ එය දන්නෙහි දැ”යි ඇසී ය.
26
ජෝවාබ් දාවිත් වෙතින් පිටතට අවුත් අබ්නේර් පසුපස පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු සිරාගේ ළිඳ ළඟ සිට අබ්නේර් නැවත කැඳවාගෙන ආහ. එහෙත්, දාවිත් එය නොදත්තේ ය.
27
අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.
28
ඉන්පසු දාවිත් ඒ ගැන අසා, “මමත්, මාගේ රාජ්‍යයත් නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ වැගිරීම ගැන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දී සදහට ම නිදොස් ය.
29
ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නොසිටින කාලයක් කිසි කලෙක නොවේ වා!”යි කීවේ ය.
30
අබ්නේර් ගිබියොන්හි සටනේ දී, ජෝවාබ්ගේ සහ අබිෂයිගේ සහෝදර අසාහෙල් මැරූ නිසා, මෙසේ ඔව්හු අබ්නේර් මරාදැමූහ.
31
දාවිත් ජෝවාබ්ටත්, ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කතා කොට, “දුකින් ඔබේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි හැඳ, අබ්නේර්ගේ මෘත දේහයට පෙරටුවෙන් වැලපෙමින් යන්නැ”යි කී ය. දාවිත් රජ ද මිනී දෙණ පස්සේ ගියේ ය.
32
ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත් කළහ. රජ ශබ්ද නඟා අබ්නේර්ගේ සොහොන් පොළේ දී හැඬී ය. මුළු සෙනඟත් හැඬූ හ.
33
රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නොබඳින ලද්දේ ය;
34
ඔබේ පාදවල විලංගු නොදමන ලද්දේ ය. දුෂ්ටයන් අතින් මිනිසෙකු මැරුම් කන සේ ඔබ මැරුම් කෑවෙහි ය.” මුළු සෙනඟ යළිත් ඔහු ගැන හඬා වැලපුණෝ ය.
35
එය දවල් කාලය වූ බැවින් දාවිත්ට කෑම කන්නට පෙරැත්ත කරන පිණිස මුළු සෙනඟ ආහ. එහෙත් දාවිත්, “මා රොටි වත්, වෙන කිසි දෙයක් වත් ඉර බැස යන තෙක් කටට ගත්තොත්, දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”යි කියමින් දිවුළේ ය.
36
මුළු සෙනඟ ඒ බව දැනගෙන එය අනුමත කළහ; එසේ ම රජ්ජුරුවන් කළ සියල්ල ගැන සතුටු වූ හ.
37
මෙසේ නේර්ගේ පුත් අබ්නේර් මැරීම රජ්ජුරුවන්ගේ කැමැත්ත නොවූ බව මුළු සෙනඟ ද සියලු ඉශ්රායෙල්වරු ද ඒ දවසේ දැනගත්හ.
38
රජතුමා තමන්ගේ නිලධාරීන්ට කතා කොට, අද දවසේ ඉශ්රායෙල්හි අධිපතියෙකු ද උත්තමයෙකු ද මියගිය බව ඔබ හැම දන්නේ නැද් ද?
39
මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24