bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Samuel 4
2 Samuel 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 5 →
1
අබ්නේර් හෙබ්රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ.
2
සාවුල්ගේ පුත්රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි.
3
බෙයේරොතිවරු ගිත්තායිම් නගරයට පලා ගොස් අද දක්වා එහි විදේශිකයන් වී සිටිති.
4
සාවුල්ගේ පුත් ජොනතන්ට දෙපා කොර වූ පුත්රයෙක් සිටියේ ය. ජෙශ්රෙයෙල්හි සිටි සාවුල් හා ජොනතන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙකු ව සිටියේ ය. ඔහුගේ කිරි මව ඔහු වඩාගෙන පලා ගියා ය. ඈ කඩිනම් කර පලා යන අතර ඔහු වැටී කොර වුණේ ය. ඔහුගේ නම මෙපිබොෂෙත් ය.
5
තවද, බෙයේරොතිය රිම්මොන්ගේ පුත්රයන් වූ රේකාබ් ද බානා ද ගොස් දවල් ග්රීෂ්ම වේලාව පමණේ දී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුළු වූ හ. ඉර මුදුන් වේලාව නිසා ඔහු සැතපී සිටියේ ය.
6
ඒ අවස්ථාවේ දී තිරිඟු පොළමින් සිටි දොරටුපාලී නිදිබර වී නිදා වැටුණා ය. එවිට රේකාබ් ද ඔහුගේ සහෝදර වූ බානා ද ඇතුළට පිවිසියහ.
7
ඔව්හු ගෙට ඇතුළු වී ඊෂ්-බොෂෙත් ඔහුගේ නිදන කාමරයේ යහනේ නිදා සිටිය දී ඔහුට පහර දී ඔහු මරා, ඔහුගේ හිස කපා දමා, එය රැගෙන මුළු රැයේ ම අරබා සමභූමිය පාරෙන් ගියාහ.
8
ඔව්හු හෙබ්රොන්හි සිටි දාවිත් වෙත ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනවුත්, රජුට කතා කොට, “ඔබ මරන්නට සෙවූ, ඔබට සතුරු වූ, සාවුල්ගේ පුත්රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් උදෙසා අද සාවුල්ගෙන් ද ඔහුගේ වංශයෙන් ද පළිගත් සේකැ”යි කී හ.
9
දාවිත් ද බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්රයන් වන රේකාබ්ටත්, ඔහුගේ සහෝදර බානාටත් පිළිතුරු දෙමින්, “සියලු විපත්තිවලින් මාගේ ප්රාණය ගළවාගත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා මෙසේ කියමි:
10
යහපත් ආරංචියක් ගෙනෙමි යි සිතාගෙන එක් කෙනෙක්, ‘සාවුල් මැරුණේ ය’යි මට දැන්වූ විට මම ඔහු අල්ලා ශික්ලග්හි දී මරා දැමුවෙමි. ඔහු ගෙනා ආරංචියට මා විසින් දෙන ලද ප්රතිවිපාකය එය වේ.
11
තමාගේ ගෙයි, තමාගේ යහනේ සිටිය දී, දැහැමි මිනිසෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්නට යුතු ද? එබැවින් ඔහුගේ ලේ වැගිරීමේ වරදට ඔබෙන් පළි ගෙන ඔබ දැන් මිහි පිටින් පහ කරදැමීම මට යුතු නොවේ දැ”යි ඇසුවේ ය.
12
දාවිත් තමාගේ තරුණයන්ට අණ දුන්නේ ය; ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා හෙබ්රොන්හි පොකුණ ළඟ එල්ලා තැබූ හ. එහෙත්, ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළහ.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24