bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Samuel 2
2 Samuel 2
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 3 →
1
ඉන්පසු දාවිත්, “මා ජුදාහි නගරයකට යන්නට දැ”යි සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. “යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. “මා කොයි නගරයට යන්නට දැ”යි දාවිත් ඇසුවේ ය. “හෙබ්රොන් නගරයට ය”යි උන් වහන්සේ වදාළ සේක.
2
එවිට දාවිත් ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද එහි ගියහ.
3
දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේ ය. ඔව්හු හෙබ්රොන් නගරවල වාසය කළහ.
4
තවද, ජුදාහි සෙනඟ අවුත් එහි දී දාවිත් ජුදා වංශයේ රජු වශයෙන් අභිෂේක කළහ. “සාවුල් තැන්පත් කරනු ලැබුවේ ජාබෙෂ්-ගිලියද් මිනිසුන් විසින් ය”යි දාවිත්ට දන්වන ලද්දේ ය.
5
දාවිත් ජාබෙෂ්-ගිලියද් මිනිසුන් වෙත පණිවුඩයක් යවමින් මෙසේ කීවේ ය: “ඔබේ ස්වාමියා වූ සාවුල්ට ඔබ පක්ෂපාත ව සිට ඔහු තැන්පත් කළ බැවින් සමිඳාණන් වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේ වා!
6
දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි.
7
එබැවින් ඔබේ අත් බලවත් වේ වා! වික්රමාන්විත ව සිටින්න. මන්ද, ඔබේ ස්වාමි වූ සාවුල් මිය ගිය නමුත්, ජුදා වංශය කෙරෙහි රජු වශයෙන් ඔව්හු මා අභිෂේක කළහ.”
8
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
9
ගිලියද්වරුන්, අෂූර්වරුන්, ජෙශ්රෙයෙල්වරුන්, එප්රායිම්වරුන්, බෙන්ජමින්වරුන් සහ සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකමට පත් කෙළේ ය.
10
සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය.
11
දාවිත් හෙබ්රොන්හි ජුදා වංශයට රජ ව සිටි කාලය සත් අවුරුදු හය මාසයක් ය.
12
නේර්ගේ පුත් අබ්නේර් ද සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝ ද මහනයිම් සිට පිටත් ව ගිබියොන් නගරයට ගියහ.
13
ශෙරුයාගේ පුත් ජෝවාබ් ද දාවිත්ගේ සේවකයෝ ද පිටත් ව ගොස් ගිබියොන් පොකුණ ළඟ දී මුණගැසී, එක පක්ෂයක් පොකුණේ එක පැත්තක ද අනෙක් පක්ෂය පොකුණේ අනෙක් පැත්තේ ද නැවතුණාහ.
14
“තරුණයෝ නැඟිට අප ඉදිරියෙහි ක්රීඩා කරත් වා”යි අබ්නේර් ජෝවාබ්ට කී ය. ජෝවාබ් ද, “ඔව්හු එසේ කරත් වා”යි කීවේ ය.
15
එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළොස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළොස් දෙනෙක් ද නැඟිට ගියහ.
16
එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.
17
ඒ දවසේ දී බලවත් සටනක් ඇති විය. අබ්නේර් ද ඉශ්රායෙල් සෙනඟ ද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝ ය.
18
ශෙරුයාගේ පුත්රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.
19
අසාහෙල්, අබ්නේර් ලුහුබැඳ යනුයේ, දකුණට වත්, වමට වත් නොහැරී අබ්නේර් පස්සේ ගියේ ය.
20
එවිට අබ්නේර් පස්සට හැරී, “ඔබ අසාහෙල් දැ”යි ඇසී ය. “එසේ ය”යි ඔහු කී ය.
21
අබ්නේර්, “ඔබ දකුණට හෝ වමට හෝ හැරී, තරුණයන්ගෙන් එක් කෙනෙකු අල්ලාගෙන, ඔහුගේ ආයුධ පැහැරගන්නැ”යි ඔහුට කී ය. එහෙත්, අසාහෙල් ඔහු වෙතින් අහක් ව යන්නට කැමැති නො වී ය.
22
නැවතත් අබ්නේර්, “මා වෙතින් අහක් ව යන්න. මා ඔබට ගසා බිම හෙළන්නේ කුමට ද? එසේ කළොත්, මා ඔබේ සහෝදර වන ජෝවාබ්ට මුහුණ දෙන්නේ කොහොම දැ”යි අසාහෙල්ට කී ය.
23
එහෙත්, ඔහු අහක් ව යන්නට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඇන්න හෙල්ලය ඔහුගේ පිට පසාරු කරගෙන එළියට ආවේ ය. ඔහු එතැන ම වැටී මළේ ය. තවද, අසාහෙල් වැටී මැරුණු ස්ථානයට ආ විට සියල්ලෝ ම නතර වූ හ.
24
එහෙත්, ජෝවාබ් සහ අබිෂයි, අබ්නේර් ලුහුබැඳ ගොස් ඉර බැස ගිය විට ගිබියොන් පාළුකරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමිණියහ.
25
බෙන්ජමින්වරු අබ්නේර් වෙත රැස් වී එක කණ්ඩායමක් ව හෙලක් මුදුනේ නැවතී සිටියහ.
26
එවිට අබ්නේර් ජෝවාබ්ට අඬගසා, “මේ ඝාතනය සදහට ම කළ යුතු ද? එයින් අවසානයේ දී උග්ර දුක හටගන්න බව ඔබ නොදන්නෙහි ද? එසේ වී නම්, තමන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්නට කියා අණ නොකර ඔබ කොපමණ කල් සිටින්නෙහි දැ”යි ඇසී ය.
27
ජෝවාබ් කතා කරමින්, “සැබැවින් ම ඔබ කතා නොකෙළෙහි නම්, සෙනඟ තමන්ගේ සහෝදරයන් උදේ වනතෙක් ලුහුබැඳ යන්නට ඉඩ තිබිණි යයි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කීවේ ය.
28
එවිට ජෝවාබ් හොරණෑව පිම්බේ ය; මුළු සෙනඟ ද නැවතුණාහ. ඔවුන් තවත් ඉශ්රායෙල්වරුන් පසුපස ලුහුබැඳ ගියේ වත්, යුද්ධ කෙළේ වත් නැත.
29
අබ්නේර් සහ ඔහුගේ සෙනඟ ඒ රාත්රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස් ජොර්දානින් එගොඩ ව, මුළු උදේ වරුවේ ගමන් කොට මහනයිම් නගරයට පැමිණියහ.
30
ජෝවාබ්, අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී අවුත් මුළු ජනයා රැස් කෙළේ ය. එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙකු ද අසාහෙල් ද නැති බව පෙනී ගියේ ය.
31
එහෙත්, දාවිත්ගේ සේවකයෝ බෙන්ජමින්වරුන්ගෙන් ද අබ්නේර්ගේ මිනිසුන්ගෙන් ද තුන්සිය හැටදෙනෙකුට පහර දී මැරූ හ.
32
ඔව්හු අසාහෙල් රැගෙන බෙත්ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි තැන්පත් කළෝ ය. ජෝවාබ් ද ඔහුගේ සෙනඟ ද මුළු රාත්රියේ ගමන් කර එළි වන විට හෙබ්රොන් නගරයට පැමිණියහ.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24