bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Samuel 22
2 Samuel 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 23 →
1
සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ඔහු මුදාගත් කල ඔහු සමිඳාණන් වහන්සේට ගැයූ ගීයේ වචන මෙසේ ය:
2
සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය.
3
මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.
4
සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුන් මම අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
5
මන්ද, මරණය නමැති තරංගයෝ මා වට කළහ. අධර්මය නමැති ජලධාරාවෝ මා බියගැන්වූ හ.
6
පාතාලයේ රැහැන් මා වෙළා ගති, මරණයේ මලපත් මට අටවා තිබිණි.
7
මාගේ විපතේ දී මම සමිඳුන් යැදීමි. එසේ ය, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මාගේ හඬට සවන් දුන් සේක. මා යැදුම් එතුමන් වෙත නැඟිණි.
8
එවිට පොළොව සෙලවී කම්පා විය; සග පදනම් ද වෙවුළා සෙලවිණි. මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
9
එතුමාණන්ගේ නාස් පුඬුවලින් දුමක් නැඟිණි. එතුමන්ගේ මුවින් වනසන ගින්නක් නික්මිණි, එයින් ගිනි අඟුරු ඇවිළිණි.
10
එතුමාණෝ අහස නමා බැස වැඩිය සේක, එතුමන්ගේ පා යට ගන’ඳුර වී ය.
11
එතුමාණෝ කෙරුබ්වරයෙකු අරා පියාසර කළ සේක. එසේ ය, එතුමාණෝ සුළං පියාපත් පිට පියාඹා වැඩිය සේක.
12
එතුමාණෝ අඳුර සිය ආවරණය කරගත් සේක. ඝන වැහි වලා සිය මණ්ඩපය කරගත් සේක.
13
එතුමාණන් ඉදිරියෙහි වූ දීප්තියෙන් ගිනි අඟුරු දැල්වී ගියේ ය.
14
සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක: මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක.
15
එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක; විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක.
16
එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළොවේ පදනම් ද දිස් විය.
17
එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක; ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.
18
මාගේ බලවත් සතුරන්ගෙන් ද මට වෛර කළවුන්ගෙන් ද එතුමාණෝ මා මුදා ගත් සේක. මන්ද, ඔව්හු මට වඩා බලවත් වූ හ.
19
මාගේ විපත්ති දවසේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ. එහෙත්, සමිඳාණෝ මාගේ පිහිට වූ සේක.
20
එතුමාණෝ අවහිර නැති තැනකට මා ගෙනා සේක, මා කෙරෙහි ප්‍රසන්න වූ බැවින් මා මිදූ සේක.
21
සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව මට විපාක දුන් සේක. මාගේ නිදොස්කම අනුව මට ප්‍රතිඵල දුන් සේක.
22
මන්ද, මම සමිඳු මඟ හැසුරුණෙමි, මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස අහක් ව නොගියෙමි.
23
එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි විය. එතුමන්ගේ පණත්වලින් ඉවත් ව නොගියෙමි.
24
මම එතුමන් ඉදිරියෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.
25
එබැවින් සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව ද එතුමන්ගේ ඇස් හමුයෙහි මාගේ පිරිසිදුකම අනුව ද මට ප්‍රතිඵල දුන් සේක.
26
කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය. නිදොස් අයට ඔබ නිදොස් ය.
27
පිරිසිදු අයට ඔබ පිරිසිදු ය. හිතුවක්කාර අයට ඔබ විරුද්ධ ය.
28
ඔබ පීඩිත සෙනඟ ගළවන සේක. එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.
29
මන්ද, සමිඳුනි, ඔබ මාගේ පහන ය, සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
30
ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය. ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය.
31
මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.
32
මන්ද, සමිඳුන් මිස දෙවි වන්නේ කවරෙක් ද? අපේ දෙවිඳුන් මිස පර්වතයක් වන්නේ කවරෙක් ද?
33
මේ දෙවි තුමාණෝ මාගේ බලකොටුව ය; එතුමාණෝ මාගේ මාර්ගය නිදොස් කරන සේක.
34
එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක. කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.
35
මාගේ බාහුවෙන් ලෝකඩ දුන්නක් නමන්න පුළුවන් වන පිණිස එතුමාණෝ මාගේ දෑත සටනට පුහුණු කරන සේක.
36
ඔබේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන් සේක. ඔබේ පිහිට මා උසස් කළ සේක.
37
ඔබ මාගේ දෙපා යට මාගේ අඩි පාර පළල් කළ සේක. මාගේ පාද නොලිස්සුවේ ය.
38
මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් ඔවුන් විනාශ කෙළෙමි. මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.
39
නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි. එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.
40
මන්ද, ඔබ සටන් පිණිස ශක්තියෙන් මාගේ ඉඟටිය සවිමත් කරන සේක. මට විරුද්ධ ව නැඟුණ අය ඔබ මා ඉදිරියෙහි අවනත කරවූ සේක.
41
ඔබ මාගේ සතුරන්ට පසු බැස යන්න සැලැසූ සේක. මට ද්වේෂ කරන්නන් මම විනාශ කරමි.
42
ඔවුන් බැලූ නමුත්, ඔවුන් ගළවන්න කිසිවෙක් නො වූ හ. සමිඳුන්ට මොරගැසූ නමුත් එතුමාණෝ උත්තර නුදුන් සේක.
43
එකල මම පොළොවෙහි ධූලි මෙන් ඔවුන් සුණු විසුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් පාගා දැමුවෙමි.
44
කැරලිකාර සෙනඟගෙන් ඔබ මා මිදූ සේක; ජාතීන්ට ප්‍රධානියා වන පිණිස මා රක්ෂා කළ සේක; මා නොහඳුනන සෙනඟක් මට මෙහෙ කරති.
45
විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති.
46
විදේශීහු මලානික වී තමන් සැඟවී උන් හිටි තැන්වලින් වෙවුළමින් පිටත එති.
47
සමිඳාණෝ ජීවමාන ය; මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේ වා! මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!
48
එතුමාණෝ, මා උදෙසා සතුරන්ගෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන,
49
මාගේ සතුරන්ගෙන් මා මුදාගන්න දෙවියන් වහන්සේ ය. එසේ ය, මට විරුද්ධ ව නැඟී සිටින්නාට වඩා ඔබ මා උසස් කරන සේක; සැහැසි මිනිසුන්ගෙන් මා ගළවන සේක.
50
එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි; ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.
51
උන් වහන්සේ තමන් රජු හට ඉමහත් ජය අත් කර දෙන සේක. තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන දාවිත්ටත්, ඔහුගේ වංශයටත් සදහට කරුණාව පෙන්වන සේක.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24