bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Deuteronomy 1
Deuteronomy 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 2 →
1
ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය.
2
හොරෙබ් සිට කාදෙෂ්-බර්නේයට සේයිර් කඳුකර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට එකොළොස් දවසක් ගත වේ.
3
සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.
4
මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය.
5
ජොර්දාන් ගඟෙන් මෙගොඩ මෝවබ් දේශයේ දී මෝසෙස් දේව ආඥා පහදා දීම මෙසේ ඇරඹී ය.
6
“අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.
7
කඳවුර ගලවා, ගමන අරඹා අමෝරිවරුන්ගේ කඳුකරයට ද ඊට යාබද ව අසල්වැසියන් වසන මිටියාවතට සහ කඳුකරයට ද තැනිතලාවට සහ දකුණු දිශාවට ද මුහුදුබඩට හා කානානිවරුන්ගේ දේශයට ද ලෙබනොන් රටට සහ මහා ගංගාව වන යුප්රටීස් ගංගාව දක්වා ද යන්න.
8
බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “
9
“එකල මම ඔබට කතා කොට, ‘ඔබ පිළිබඳ වගකීම මට තනි ව දැරිය නොහැකි ය.
10
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම වැඩි වර්ධනය කළ සේක. පුදුමයකි! අද දින ඔබ හැම ගණනින් අහසේ තරු හා සමාන ය.
11
ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක.
12
ඔබ හැම පිළිබඳ වගකීම, කරදර හිරිහැර, වාද විවාද මා තනි ව කෙසේ දරන්නට ද?
13
එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි.
14
ඔබ හැම ද මට පිළිතුරු දෙමින්, ‘ඔබ කී දේ අපට වැඩදායක යැ’යි පැවසූ හ.
15
එවිට මම ඔබේ ගෝත්ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි.
16
“මම එකල ඔබේ විනිසකරුවන් අමතමින්, ‘ඔබේ සෙනඟ අතර නඩු අසන ලෙස ද යමෙකු සහ ඔහුගේ අසල්වැසියා අතරත්, ඔහු සමඟ වසන විදේශිකයා අතරත් යුක්තිය අනුව තීන්දුව දෙන්නට ද
17
විනිශ්චය කරද්දී, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, ලොකු කුඩා අයට එක සේ කන් දී, තීන්දුව දෙවියන් වහන්සේගෙන් එන බැවින් මිනිසුන්ට බිය නොවිය යුතු යයි ද දුෂ්කර නඩුවක් ඇත්නම් මා එය අසන පිණිස මා වෙත එය ගෙනෙන්නට ඕනෑ බව ද කීවෙමි.
18
මම ඔබ කළ යුතු සියල්ල ගැන ඔබට උපදෙස් දුනිමි.’ “
19
“සමිඳාණන් වහන්සේ අපට වදාළ ලෙස අපි ඉටු කෙළෙමු. අපි හොරෙබ් කන්දෙන් නික්ම අමෝරිවරුන්ගේ කඳුකරයට යන මඟ ඔබ දුටු මහා, රුදුරු පාළුකරය ඔස්සේ ගොස් කාදෙෂ්-බර්නේය නම් ස්ථානයට පැමිණියෙමු.
20
මම ද ඔබ අමතා, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ ආවහු ය.
21
මෙන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශය ඔබ ඉදිරිපිට ඇත. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කී පරිදි බිය නොවී, අධෛර්ය නොවී ගොස් එය උරුම කරගන්නැ’යි ද කීවෙමි.
22
“එවිට ඔබ සියල්ලෝ ම මා සමීපයට විත්, ‘අප කුමන මඟකින් යා යුතු ද අප පැමිණිය යුත්තේ කුමන නගරවලට ද කියා වාර්තා කිරීමට, රට පිළිබඳ ඔත්තු සොයා බලාගනු පිණිස අපට කලින් මිනිසුන් යැවිය යුතු ය’යි කීවහු ය.
23
මම ද ඊට මුළු හිතින් එකඟ වූයෙමි. එක එක ගෝත්රයෙන් එක්කෙනා බැගින් මිනිසුන් දොළොස්දෙනෙකු තෝරාගතිමි.
24
ඔව්හු ද හැරී කඳුකරයට නැඟී, එෂ්කොල් මිටියාවත දක්වා ගොස් එහි ඔත්තු බැලූ හ.
25
ඒ රටේ පලතුරුවලින් ද සමහරක් අප වෙත ගෙනවුත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන දේශය සාරවත් රටක් බව ද අපට සැළ කළ හ.
26
“එහෙත් ඔබ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් එහි යාමට කැමැත්ත නොදැක්වූ හ.
27
ඔබ ද කූඩාරම්වලට වී කොඳුරමින්, ‘සමිඳාණන් වහන්සේ අපට ද්වේෂ කරන බැවින්, අමෝරිවරුන්ගේ බලයට අප පාවා දී අප මරනු පිණිස මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක.
28
අප එහි යා යුත්තේ මන් ද? එහි ගිය අය, ඒ සෙනඟ අපට වඩා උස මහත සෙනඟක් බව ද, ඔවුන්ගේ විශාල නගරවල ප්රාකාර අහස දක්වා විහිදෙන බව ද, එහි දී අනාක්වරුන්ගේ පුතුන් වන යෝධයන් දුටු බව ද කියමින් අපේ සිත් අධෛර්යයට පත් කළ හ’යි කීවහු ය.
29
“මම එවිට ඔබ අමතමින්, ‘තැති නොගන්න, ඔවුන්ට බිය නොවන්න;
30
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි යන සේක. මිසරයේ දී ඔබ ඇස් ඉදිරියෙහි උන් වහන්සේ ඔබ වෙනුවෙන් ඉෂ්ට කළ සියල්ල අනුව, උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක.
31
තවද, පියෙකු තම පුතුන් උසුලාගෙන යන්නාක් මෙන්, මේ ස්ථානය දක්වා එන මුළු මාර්ගය ඔස්සේ ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පාළුකරයේ දී ඔබ උසුලාගෙන පැමිණි අයුරු ඔබ දුටුවහු ය’යි කීවෙමි.
32
එහෙත් මා කී දේ ගණන් නොගෙන, ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ විශ්වාස නොකළහු ය.
33
කඳවුරු බැඳීම සඳහා ස්ථානයක් ඔබට සොයනු පිණිස ඔබ ගිය මඟ උන් වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් කළ සේක. මෙලෙස උන් වහන්සේ ඔබ යා යුතු මඟපෙන්වීම සඳහා රාත්රි කාලයේ දී ගින්නක් මෙන් ද, දිවා කාලයේ දී වලාකුළක් මෙන් ද ගමන් කළ සේක.”
34
“සමිඳාණන් වහන්සේ ඔබේ මැසිවිලි අසා, උදහස් වී දිවුරමින්,
35
‘මා ඔවුන්ගේ පියවරුන්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ ඒ සාරවත් රටට මේ දුෂ්ට පෙළපතට අයිති කිසි ම කෙනෙක් ඇතුළු නොවන්නෝ ය.
36
එහෙත්, ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් ඊට ඇතුළු වන්නේ ය; ස්වාමීන් වන මට ඔහු සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඒ රටේ පස් පෑගූ ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් මම එය දෙන්නෙමි’යි වදාළ සේක.
37
ඔබ හැම නිසා සමිඳාණන් වහන්සේ මා සමඟ ද කිපී, ‘ඔබත් එහි ඇතුළු නොවන්නෙහි ය;
38
එහෙත් ඔබ සමඟ සිටින නූන්ගේ පුත් ජෝෂුවා එහි ඇතුළුවන්නේ ය; ඔහු දිරි ගන්වන්න; ඉශ්රායෙල්වරුන්ට එම දේශය උරුම කරගන්නට ඔහු සලසනු ඇතැ’යි වදාළ සේක.
39
“තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ‘මොවුන් සතුරන්ට ගොදුරු වනු ඇතැ යි ඔබ සිතූ සිඟිති දරුවන් ද, එකල හොඳ නරක නොදත් ඔබේ දරුදැරියන් ද එහි ඇතුළු වනු ඇත. මා ඒ දේශය ඔවුන්ට දුන් පසු එය ඔව්හු අයිති කරගන්නෝ ය.
40
එහෙත්, ඔබ හැම නැවත හැරී, රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරයට ගමන් කරන්නැ’යි වදාළ සේක.”
41
“ඔබ පිළිතුරු දෙමින්, ‘ඔව්, අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි ගොස් සටන් කරන්නෙමු’යි කීවහු ය. ඉන්පසු ඔබ සියල්ලෝ යුද්ධායුධ ගෙන සන්නාහ සන්නද්ධ වූ පසු කඳුකරයට යෑමට පහසු ය කියා සිතුවහු ය.
42
“එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘ඔවුන්ට නොයන්නටත්, සටන් නොකරන්නටත් කියන්න. මන්ද, මා ඔබ සමඟ වැඩ නොසිටින බැවින් ඔබේ සතුරන් ඔබ පරාජය කරනු ඇතැ’යි වදාළ සේක.
43
මම ද ඔබට එය සැළ කෙළෙමි. එහෙත්, ඔබ ඊට කන් නොදී සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් හිතුවක්කාරකමින් කඳුකරයට ගමන් කළහු ය.
44
එවිට කඳුකරයේ විසූ අමෝරිවරු මීමැසි රැළක් සේ ඔබට විරුද්ධ ව පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් සේයිර් දේශයේ හොර්මා නම් ස්ථානයේ දී ඔබ පරාජය කළෝ ය.
45
ඉන්පසු ඔබ ආපසු හැරී අවුත් සමිඳාණන් වහන්සේ අබිමුව හැඬු නමුත්, උන් වහන්සේ ඔබේ ඉල්ලීම නොසලකා, ඔබට සවන් නුදුන් සේක.
46
මෙලෙස ඔබ සිතූ හැටියට ම බොහෝ කාලයක් කාදෙෂ්හි වාසය කළහු ය.”
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34