bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Deuteronomy 20
Deuteronomy 20
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 21 →
1
“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.
2
ඔබ සටනට ළං වන කල පූජකවරයා සේනාව වෙත පැමිණ,
3
ඔවුන් අමතමින්, ‘ඉශ්රායෙල් ජනයෙනි, සවන් දෙන්න; අද දින ඔබේ සතුරන්ට විරුද්ධ ව ඔබ සටනට යන්නහු ය. සිත් අධෛර්ය කර නොගන්න; බිය නොවන්න, කලබල නොවන්න; සතුරන් නිසා තැති නොගන්න.
4
ඔබ ගළවාගැනීමට ඔබ වෙනුවෙන් සතුරන්ට විරුද්ධ ව සටන් කරන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වඩින සේකැ’යි කිව යුතු ය.
5
“එවිට නිලධාරීන් සේනාව අමතා මෙසේ කිව යුතු ය: ‘අලුත් ගෙයක් තැනූ නමුත්, එහි ගෙවදීමේ උත්සවය නොකළ යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත්, අන් කෙනෙකු ඒ උත්සවය සිදු කරනු ඇත.
6
මිදි වත්තක් වවා එහි පලදාව භුක්ති නොවින්ද යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙක් එහි පලදාව භුක්ති විඳින්නට පුළුවන.
7
කාන්තාවක හා විවාහ ගිවිසගත් නමුත් ඈ සරණ පාවා නොගත් යමෙක් සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙකු ඇය සරණ පාවාගන්නට පුළුවන.
8
“නිලධාරීන් තවදුරටත් සේනාව අමතමින්, ‘බිය වන, අධෛර්ය වන යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. එවිට ඔහුගේ සිත මෙන් සෙසු සහෝදර ජනතාවගේ සිත් ද අධෛර්යට පත් නොවනු ඇතැ’යි කිව යුතු ය.
9
නිලධාරීන් සෙනඟට කතා කොට නිම වූ පසු, සේනාවන් මෙහෙය වනු සඳහා සේනාධිපතීන් පත් කරනු ලැබිය යුතු ය.
10
“යම් නුවරකට විරුද්ධ ව සටන් කිරීම ළඟා වන විට, ඊට සාම යෝජනාවක් ඉදිරිපත් කරන්න.
11
ඒ නුවර වාසීහු ද සාමදානයට කැමැති ව, එහි දොරටු විවෘත කරත් නම්, එහි සිටින සියල්ලන් ම වහලුන් මෙන් ඔබට වහල් සේවය ඉටු කළ යුතු ය.
12
එහෙත්, ඔව්හු සාමදානයට කැමැති නොවී, ඔබට විරුද්ධ ව සටන් කරත් නම් ඔබ ඒ නුවර වටලෑ යුතු ය.
13
දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබේ බලයට පාවා දුන් පසු, ඔබ එහි සිටින සියලු පිරිමින් කඩුවෙන් මරාදැමිය යුතු ය.
14
එහෙත්, කාන්තාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද ඒ නුවරින් කොල්ලකාගත් මුළු වස්තුව ද ඔබේ ප්රයෝජනයට තබාගත හැකි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් ඔබේ සතුරන්ගේ කොල්ලකාගත් වස්තුව ඔබට භුක්ති විඳිය හැකි ය.
15
ඔබට යාබද ව වසන ජාතීන්ට අයිති නො වූ, ඔබෙන් බොහෝ දුරස්තර ව පිහිටි නගර සියල්ලට ම ඔබ මෙලෙස කළ යුතු ය.
16
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන නගරවල සෙනඟගෙන් කිසිවෙකුට පණපිටින් සිටින්නට ඉඩ නොහැරිය යුතු ය.
17
දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ප්රකාර හිත්තීවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද යන සියල්ලන් සහමුලින් ම වනසාලිය යුතු ය.
18
ඔබ එසේ කළ යුත්තේ, ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් ඉදිරියෙහි කරන පිළිකුල් ක්රියාවන් ඔබට නූගන්වන පිණිසත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකරන පිණිසත් ය.
19
“යම් නුවරක් අල්ලාගැනීම සඳහා සටනක යෙදී, බොහෝ කාලයක් එය වටලාගෙන සිටින විට, එහි ඇති ගස් කොළන් පොරොවකින් වැනසිය යුතු නොවේ. ඒවායින් ඔබට කන්නට පුළුවන. ඒවා නොකැපිය යුතු ය; නගරයක් වැටලීමේ දී එහි ඇති ගස් කොළන්, ඔබේ සතුරන් නොවන බව සැලකිය යුතු ය.
20
පල නොදරන යම් ගසක් වේ නම්, ඔබට එය කපා වනසාදැමිය හැකි ය. ඒවා පාවිච්චි කරමින්, ඔබට විරුද්ධ ව සටන් කරන නගරය යටත් වන තුරු එය වැටලීම සඳහා පවුරු පදනම් සෑදිය හැකි ය.”
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34