bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Deuteronomy 32
Deuteronomy 32
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 33 →
1
“එම්බා, අහස් තලය! මා කියන දේට සවන් දෙන්න. එම්බා, මිහිතලය! මා වදනට ඇහුම්කන් දෙන්න.
2
මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ.
3
හිමි සඳ නම මම පවසමි. එතුමන්ගේ මහිමය ඔබ ගයන්න.
4
එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.
5
එහෙත් එතුමන්ගේ සෙනඟ, දූෂ්‍ය වී ඇත; දෙවි දරුකම ඔවුන්ට නැත; වංක, අදමිටු පරපුරක් වී ඇත.
6
අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද?
7
පැරණි යුග සිහි කරන්න. පෙර පරපුර සලකා බලන්න. පියාගෙන් අසන්න; ඔහු නුඹලාට කියා දෙනු ඇත. ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; ඔවුන් නුඹලාට දන්වනු ඇත.
8
මහෝත්තමයාණෝ ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, මුර දේවතාවන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක.
9
සමිඳුන්ගේ කොටස එතුමන් සෙනඟ ය, සිය උරුමය ජාකොබ් පෙළපත ය.
10
කාන්තාර රටක දී, බියකරු පාළුකරයේ දී, ඔවුන් හමු වී, එතුමාණෝ, තම දෙනෙත මෙන් ඔවුන් රැකබලා ඔවුන්ට උපදෙස් දී, මඟපෙන්වූ සේක.
11
එසේ කෙළේ, රාජාලියා සිය කැදැල්ල අවුස්සා, පැටවුන්ට පහළින් පියාඹා, පියාපත් විහිදුවා, ඒ මත උන් දරා, උන් ගෙන යන්නාක් මෙනි.
12
ඔවුන්ට මඟපෙන්වූයේ සමිඳාණන් පමණෙකි; අන් දෙවියෙක් එතුමන් සමඟ නො වී ය.
13
එතුමාණෝ මිහි පිට ගිරිකුළු මත ඔවුන් ගෙන ගිය සේක. ගොඩ මඬ අස්වැන්නෙන් ඔවුන් පෝෂණය කළ සේක. පර්වතයෙන් මී පැණි ද ගිනිගලෙන් තෙල් ද ඔවුන්ට පෙවූ සේක.
14
දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක.
15
ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.
16
අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. පිළිකුල් ක්‍රියා කොට, එතුමන් උදහස් කළහ.
17
දෙවිඳුන් නොවන, ඔවුන් නොහඳුනන, අලුතින් පැමිණි නව දෙවිවරුන් වන ඔවුන්ගේ පියවරුන් ගරුබිය නොපෑ යකුන් හට ඔව්හු පූජා කළහ.
18
ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය.
19
සමිඳාණෝ එය දැක, ඔවුන්ගේ දූ පුතුන් එතුමන් කුපිත කළ නිසා, ඔවුන් පිළිකුල් කළ සේක.
20
එතුමාණෝ මෙසේ වදාළ සේක: මම ඔවුන්ගෙන් මුහුණ සඟවාගනිමි. ඔවුන්ගේ ඉරණම කුමක් දැ යි බලමි. ඔව්හු කපටි පෙළපතකි; අවිශ්වාසී පරපුරකි.
21
බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ. එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි.
22
මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.
23
මම ඔවුන් පිට විපත් ගොඩ ගසමි. ඊ සැරයෙන් ඔවුන් විද දමමි.
24
ඔවුන් සාගින්නෙන් දැවෙනු ඇත. දැඩි උණකට, දරුණු වංසගතයට බිලි වනු ඇත. ඔවුන් ඉරාදැමීමට වන සතුන් එවමි. සර්ප විසෙන් ඔවුන් වනසාදමමි.
25
වීදිවල යුද්ධය ඇති වෙයි; ගෙවල භීතිය ඇති වෙයි. තරුණ තරුණියෝ නැසී යති; කිරි දරුවෝ ද මහල්ලෝ ද වැනසී යති.
26
ඔවුන් දස දෙස විසුරුවා හැර, ඔවුන්ගේ නම මිනිසුන් අතරෙන් මකාදමමි. මෙය මාගේ තීරණය වේ.
27
‘අපි ජයගත්තේ අපේ අතිනි. මෙය කෙළේ සමිඳාණන් නොව, අපි ම ය’යි සතුරන් වරදවා කියා මා උදහසට පත් නොකරනු වස්, මම එසේ නොකෙළෙමි.
28
ඉශ්රායෙල්වරු නැණනුවණ මදි ජාතියකි; ප්‍රඥා හීන සෙනඟකි.
29
ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද?
30
ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?
31
අප සතුරන්ගේ දෙවිවරු, අපේ දෙවිඳුන් හා සම නොවෙති යි සතුරෝ දනිත්.
32
සතුරන්ගේ මිදි වැල සොදොම්හි මිදි වැලෙන් ය; ගොමොරාහි වතුපිටිවල මිදි වැලෙන් ය. ඒවායේ මිදි පල විස ය; ඒවායේ මිදි වලු තිත්ත ය.
33
ඔවුන්ගේ මිදියුස සර්ප විස වැනි ය, පොළඟාගේ සැර විස වැනි ය.
34
ඉශ්රායෙල් ජනයා මට අනගි නොවේ ද? මාගේ ගබඩාවල සම්පත් මෙන් ඔවුන් තැන්පත් කොට නැද් ද?
35
ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ ඉරණම වහා පැමිණේ.
36
තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණෝ දැක; සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; ඔවුන්ට අනුකම්පා කරන සේක.
37
එතුමාණෝ මෙසේ අසන සේක: ‘ඔවුන් විශ්වාසය තැබූ පර්වතය වන දෙවිදේවතාවෝ කොහේ ද?
38
යාග පඬුරුවල තෙල වැළඳූ, පානීය පූජාවල මිදියුස පානය කළ, ඔවුන්ගේ දෙවිදේවතාවෝ කොතැන ද?’ ඔව්හු නැඟිට සිට උපකාර කරත් වා! රැකවරණය සලසත් වා!
39
බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.
40
අහසට මා අත ඔසවා දිවුරා කියමි, මා සදහට ම ජීවත් ව සිටින්නාක් මෙන්,
41
මා දිළිසෙන කඩුව මුවහත් කොට, මම යුක්තිය ඉටු කරමි. සතුරන්ට දඬුවම් දෙමි; මට වෛර කරන අයට දුර්විපාක දෙමි.
42
මැරුම් කෑ අයගේ ද අල්ලාගත් අයගේ ද ලෙයින්, මාගේ ඊගස් පොඟවමි; දිගු කෙස් ඇති නායකයන්ගේ මාංසය මාගේ කඩුවට ගොදුරු වන්නේ ය.
43
එම්බා ජනයෙනි! දේව සෙනඟ ගැන ප්‍රීති වන්න. එතුමාණෝ සිය සෙනඟගේ මරණයට පළිගන්න සේක; සතුරන්ට දඬුවම් දෙන සේක; එහෙත්, සිය සෙනඟගේ දේශයට අනුකම්පා කරන සේක.”
44
මෝසෙස් ද නූන්ගේ පුත් ජෝෂුවා සමඟ අවුත් මේ ගීතයේ වචන සියල්ල ම සෙනඟට ඇසෙන පරිදි හඬ නගා කී ය.
45
මෝසෙස් මේ කරුණු සියල්ල ඉශ්රායෙල්වරුන්ට කියා නිම කළ පසු,
46
ඔහු ඔවුන්ට කතා කොට, “අද දින මා ඔබ අතර සාක්ෂි දුන් මේ කරුණු සියල්ල කෙරෙහි සිත් යොමු කරන්න. මේ ව්‍යවස්ථාවේ කරුණු සියල්ල ම පිළිපදින ලෙස ඔබේ දරුදැරියන්ට නියම කරන්න.
47
මෙය ඔබේ ජීවය වන හෙයින් එය වටිනා දෙයකි. ජොර්දාන් ගඟෙන් එතෙර වී අයිති කරගන්නට යන දේශයෙහි මේ දේ පිළිපදින්නහු නම් ඔබ චිරාත් කාලයක් ජීවත් වන්නහු ය”යි කීවේ ය.
48
ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,
49
“ජෙරිකෝ නුවරට ඉදිරියෙන් මෝවබ් දේශයෙහි ඇති අබාරීම් කඳු වැටියේ පිහිටි නෙබෝ නම් කන්දට නැඟී මා ඉශ්රායෙල් ජනයාට අයිති කර දෙන්නට යන කානාන් දේශය නරඹන්න.
50
නුඹේ සොහොයුරු ආරොන් හෝර් කන්දේ දී මරණයට පත් වී, පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවාක් මෙන්, නුඹ ද නඟින්නට යන කන්දේ දී මරණයට පත් වී පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබිය යුතු ය.
51
මන්ද, ශීන් නම් පාළුකරයේ කාදෙෂ්හි මෙරිබා නම් උල්පත ළඟ දී ඉශ්රායෙල් ජනයා අතර නුඹලා මට විරුද්ධ ව පව් කොට, මට හිමි ගෞරවය නුදුන් නිසා ය.
52
නුඹ දුර තියා දේශය නරඹන්න. එහෙත්, මා ඉශ්රායෙල් ජනයාට දෙන දේශයට නුඹ ඇතුළු නොවන්නෙහි ය”යි වදාළ සේක.
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 33 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34