bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Deuteronomy 22
Deuteronomy 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 23 →
1
“ඔබේ සහෝදරයාට අයිති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ මංමුළා ව ගොස් සිටිනු දැක, ඌ ගැන සලකා බලා, ඔබේ සහෝදරයා වෙත ඌ ආපසු ගෙනා යුතු ය.
2
එහෙත්, ඔබේ සහෝදරයා අසලක නොසිටී නම්, නොහොත් ඔබ ඔහු නොදන්නෙහි නම්, ඔහු ඌ සොයා එන තුරු ඔබ ඌ ගෙදර ගෙන යා යුතු ය. ඔහු ඌ සොයා ආ විට ඒ සතා ඔහුට ආපසු භාර දිය යුතු ය.
3
ඔබේ සහෝදරයාට අයිති ව තිබී, නැති වූ, පසුව ඔබ සොයාගත් ඔහුගේ කොටළුවෙකු හෝ ඔහුගේ වස්ත්‍ර හෝ අන් හැම දෙයක් හෝ සම්බන්ධයෙන් ද ඔබ මගනෑර එලෙස ම සලකා බලා ක්‍රියා කළ යුතු ය.
4
“ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා හෝ පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත්, අහක බලාගෙන නොගොස් ඌ නැගිටුවාලීමට ආධාර කළ යුතු ය.
5
“කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතු ය. එලෙස කරන සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.
6
“ඔබ පාරේ යන විට, ගසක හෝ බිම හෝ ඇති, පැටවුන් හෝ බිත්තර හෝ සහිත, කුරුලු කූඩුවක් දුටහොත්, තවද කිරිල්ලී පැටවුන් හෝ බිත්තර හෝ මත සිටින්නී නම්, ඔබ පැටවුන් සමඟ කිරිල්ලී නොගත යුතු ය.
7
කිරිල්ලී ගිය පසු පැටවුන් ඔබට ගත හැකි ය. මෙලෙස කළොත් ඔබට සෙත සැලසේ; ඔබේ ආයු දික් වන්නේ ය.
8
“ඔබ අලුත් ගෙයක් ඉදි කරන විට, වහලෙන් යමෙකු ලිස්සා නොවැටෙන සේ වහල වෙට්ට ම බිත්තියක් තැනිය යුතු ය. යමෙකු එයින් ලිස්සා වැටී මැරුණොත්, ඒ මරණය පිළිබඳ වගකීම ඔබේ ගෘහයේ අය පිට නොපැවරේ.
9
“ඔබේ මිදි වත්තේ බීජ දෙවර්ගයක් වැපිරිය යුතු නොවේ. එසේ කළොත් ඔබ වපුළ බීජවල පලදාවත්, මිදි පලදාවත් ශුද්ධස්ථානයට අයිතිවන්නේ ය.
10
“කෙතක් හෑම සඳහා ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳිය යුතු නොවේ.
11
“ලෝම සහ හණ වැනි දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍ර ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය.
12
“ඔබ ඇඟ ලා ගන්න ඇඳුම්වල කොන් සතරේ දාවලු සාදාගත යුතු ය.”
13
“යම් පුරුෂයෙකු බිරිඳක පාවාගෙන ඈ සමඟ සේවනයෙහි යෙදී, කලකට පසු ඈට අකමැති වී,
14
ඈට විරුද්ධ ව බොරු චෝදනා ඉදිරිපත් කොට, ඇගේ නමට නිගා කරමින්, ‘මම මේ කාන්තාව සරණ පාවා ගතිමි; ඈ වෙත පිවිසුණු කල්හි ඈ කන්‍යාවක් නොවූයේ ය’යි කිවහොත්,
15
තරුණියගේ දෙමාපියන් ඈ ගෙන නගර වාසල් දොරටුවේ සිටින ප්‍රජා මූලිකයන් වෙත තරුණියගේ කන්‍යාභාවය දක්වන සලකුණු රැගෙන යා යුතු ය.
16
තරුණියගේ පියා ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මම මගේ දුව මේ පුරුෂයාට බිරිඳ කොට පාවා දුනිමි. එහෙත්, ඔහු ඇයට අකමැති වී,
17
බොරු චෝදනා ඉදිරිපත් කරමින්, මගේ දුව කන්‍යාවක් නො වූවා යයි කියයි. එහෙත් මෙන්න, මාගේ දුවගේ කන්‍යාභාවයේ සලකුණු’යි කියා, ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි, රෙදි කඩ දිග ඇරිය යුතු වේ.
18
එවිට නගරයේ ප්‍රජා මූලිකයන් ඒ පුරුෂයා ගෙන ඔහුට පහර දිය යුතු ය.
19
තවද, ඔහුට රිදී කාසි සියයක් දඩ ගසා ඒවා ඒ තරුණියගේ පියාට දිය යුතු ය. මෙසේ කළ යුත්තේ ඉශ්රායෙල් ජාතික කන්‍යාවක පිට ඔහු නරක නාමය පැවරූ බැවිනි. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. දිවි ඇති තාක් ඔහුට ඇය පන්නාදැමිය නොහැකි ය.
20
“එහෙත්, තරුණියගේ කන්‍යාභාවයේ සලකුණ නැති බවට ඉදිරිපත් කළ චෝදනාව ඇත්තක් නම්,
21
ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
22
“යම් පුරුෂයෙකු අන් විවාහක කාන්තාවක සමඟ සයනය කළහොත්, එම පුරුෂයාත් කාන්තාවත් දෙදෙන ම මරණයට පත් කළ යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
23
“යම් මිනිසෙකු, අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් කන්‍යාවක සමඟ නගරය තුළ දී හමු වී ඇය සමඟ සයනය කළහොත්,
24
ඔබ ඔවුන් දෙදෙනා ඒ නගරයේ වාසල් දොරකඩට ගෙනවුත් ගල් ගසා මරණයට පත් කළ යුතු ය. තරුණිය මැරිය යුත්තේ නගරය තුළ දී ඈට එය වූ බැවින්, කෑ ගසා බේරෙන්නට ඇයට ඉඩ ප්‍රස්තාව තිබූ නිසා ය. පුරුෂයා මැරිය යුත්තේ, ඔහු තම අසල්වැසියාගේ බිරිඳට අගෞරව කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.
25
“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් තරුණියක එළිමහනේ දී මුණගැසී, ඔහු බලහත්කාරකමින් ඇය දූෂණය කළහොත්, ඒ පුරුෂයා පමණක් මරණයට පත් කළ යුතු ය.
26
තරුණියට නම්, කිසිවක් නොකළ යුතු ය. ඈ මරණයට සුදුසු අපරාධයක් නොකළ බැවිනි. මේ කාරණය, යමෙකු තම අසල්වැසියාට විරුද්ධ ව නැඟිට, ඔහු මරා දැමීමට සමාන වේ.
27
මන්ද, විවාහ ගිවිසුම් බස් දුන් තරුණිය ඔහුට මුණගැසුණේ කෙතක දී ය. ඈ කෑගැසූ නමුත් ඇය මුදාගැනීමට කිසිවෙකු නොසිටි බැවිනි.
28
“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් නුදුන් තරුණ කන්‍යාවක බලහත්කාරකමින් දූෂණය කොට හසුවුවහොත්,
29
ඔහු ඒ තරුණියගේ පියාට රිදී කාසි පණහක් දිය යුතු ය. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. ඔහු ඇයට අගෞරව කළ බැවින් දිවි ඇති තාක් ඇය නෙරපා නොදැමිය යුතු ය.
30
“යම් පුරුෂයෙකු තම පියාගේ බිරිඳ සරණ පාවාගෙන ඒ පියාට නින්දා කළ යුතු නොවේ.”
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34