bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Deuteronomy 17
Deuteronomy 17
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 18 →
1
“කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.
2
දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන නගරයක ඔබ අතරෙන් යම්කිසි පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ උන් වහන්සේගේ ගිවිසුම කඩකොට, උන් වහන්සේ අබිමුව දුෂ්ටකම් කරමින්,
3
උන් වහන්සේ තහනම් කළ දෙවිදේවතාවන්ට හෝ ඉරට හෝ හඳට හෝ අන්කිසි ආකාශ වස්තුවකට හෝ වැඳුම්පිදුම් හා නමස්කාර කරන්නට පුළුවන.
4
එවැන්නක් දැනගන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන හොඳාකාර විභාග කළ යුතු ය. ඉශ්රායෙල් ජනයා අතර එවැනි පිළිකුලක් සිදුවූ බව නිසැක ව සත්‍ය ලෙස පෙනී ගියොත්
5
ඒ දුෂ්ටකම කළ පුරුෂයා හෝ ස්ත්‍රිය හෝ වාසල් දොරකඩට රැගෙන විත්, ඔහුට හෝ ඈට හෝ ගල් ගසා මරාදැමිය යුතු ය.
6
සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ කීම පිට මරණයට සුදුසු තැනැත්තා මරනු ලැබිය යුතු ය. එහෙත් එක සාක්ෂිකරුවෙකුගේ කීම පිට එවැන්නෙකු මරනු නොලැබිය යුතු ය.
7
ඔහු මරනු සඳහා පළමුවෙන් සාක්ෂිකරුවන් ද ඉන්පසු සියලු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ඔහුට ගල් ගැසිය යුතු ය. මේ අයුරින් ඔබ ඒ දුෂ්ටකම ඔබ අතරෙන් පහකළ යුතු ය.
8
“ඔබේ නගරය තුළ විවාදයට භාජනය වූ නොයෙක් විදියේ මිනීමැරීම් ද පැමිණිලි ද පහර දීම් ද පිළිබඳ ව තීරණයක් දීම ඉතා දුෂ්කර නම්, දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයට ඔබ ගොස්
9
ලෙවී පූජකයන් සහ එකල පත් ව සිටින විනිසකරු වෙත පැමිණ එය විසඳාගත යුතු ය. ඔව්හු ඔබට නඩු තීන්දුව දෙන්නෝ ය.
10
සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයෙහි ඔවුන් දෙන තීන්දුව අනුව ඔබ ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දන්වන පරිදි ඔබ සියල්ල පිළිපැදිය යුතු ය.
11
ඔවුන් ඔබට දෙන උපදෙස් සහ ඔබට දන්වන නඩු තීන්දුව අනුව ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දෙන තීන්දුව අකුරට ම පිළිපැදිය යුතු ය.
12
දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවා කරන පූජක තැනට වත් විනිසකරුට වත් කීකරු නොවී හිතුවක්කාර ලෙස හැසිරෙන්නා මරනු ලැබිය යුතු ය. මේ අයුරින් ඉශ්රායෙල් ජනයා අතරෙන් දුෂ්ටකම පහකළ යුතු වේ.
13
එවිට සියලු සෙනඟ මේ ගැන අසා, බිය වී තවත් හිතුවක්කාරකම් නොකරනු ඇත.”
14
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණ, එය අයිති කොට, එහි පදිංචි වූවායින් පසු, ‘මා අවට සිටින සියලු ජාතීන් මෙන්, මා කෙරෙහි රජෙකු පත් කරගනිමි’යි ඔබ කියන්නට පුළුවන.
15
දෙවි සමිඳාණන් වහන්සේ තෝරන තැනැත්තා ඔබේ රජු වශයෙන් පත් කිරීමට ඔබ තරයේ සිතට ගත යුතු ය. ඔබේ ජාතියෙන් කෙනෙකු රජු වශයෙන් පත්කළ යුතු ය. ඔබේ ජාතියට අයිති නැති විදේශිකයෙකු ඔබේ රජු වශයෙන් පත් නොකළ යුතු ය.
16
රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
17
තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය.
18
ඔහු රාජකීය සිංහාසනය අරා හිඳින කල, ලෙවීවරුන් වන පූජකවරුන්ගේ පොතේ හැටියට මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියාගෙන තමා ළඟ තබාගත යුතු ය.
19
මෙසේ ඔහු එය තමා ළඟ තබාගෙන, මුළු ජීවිත කාලය තුළ ම එය කියවිය යුතු ය. එසේ කියවීමෙන් ඔහු තම දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ද නීති හා නියෝගවල අඩංගු සියල්ල ආරක්ෂා කරමින් ඒවා පිළිපැදීමට ද ඉගෙන ගන්නේ ය;
20
මෙලෙස සිය සහෝදරයන්ට ඉහළින් තමා ගැන උඩඟු නොවන්නේ ය. ඉශ්රායෙල් ජනයා මැද සිහසුන අරා ඔහුත්, ඔහුගේ දරුපරපුරත් චිරාත් කාලයක් ජීවත් වන පරිදි අණපණත්වලට කීකරු ව ඒවා අකුරට ම ඉටු කරන්නේ ය.”
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34