bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Nehemiah 10
Nehemiah 10
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 11 →
1
මුද්‍රා කළ අය නම්: හකලියාගේ පුත් තිර්ෂාතා වන නෙහෙමියා ද ශෙදෙකියා ද;
2
සෙරායා ද අශරියා ද ජෙරමියා ද;
3
පෂ්හුර් ද අමරියා ද මල්කියා ද;
4
හට්ටුෂ් ද ෂෙබනියා ද මල්ලූක් ද;
5
හාරීම් ද මෙරේමොත් ද ඔබදියා ද;
6
දානියෙල් ද ගින්නෙතොන් ද බාරුක් ද;
7
මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද;
8
මයශයා ද බිල්ගයි ද ෂෙමායා ද යන පූජකයෝ ය.
9
ලෙවීවරුන් වන අශනියාගේ පුත් ජේෂුවා ද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන බීන්නුයි ද කද්මියෙල් ද;
10
ඔවුන්ගේ සහෝදරයන් වන ෂෙබනියා ද හෝදියා ද කෙලීටා ද පෙලායා ද හානාන් ද;
11
මීකා ද රෙහොබ් ද හෂබියා ද;
12
ශක්කුර් ද ෂේරෙබියා ද ෂෙබනියා ද;
13
හෝදියා ද බානී ද බෙනීනු ද යන තැනැත්තෝ ය.
14
සෙනඟගේ ප්‍රධානියන් වන පාරොෂ් ද පාහත්-මෝවබ් ද ඒලාම් ද ශට්ටු ද බානී ද,
15
බුන්නී ද අශ්ගාද් ද බේබයි ද;
16
අදොනියා ද බිග්වායි ද ආදීන් ද;
17
ආටෙර් ද හෙසකියා ද අශ්ශුර් ද;
18
හෝදියා ද හාෂුම් ද බේශයි ද;
19
හාරිප් ද ආනාතොත් ද නෝබයි ද;
20
මග්පියාෂ් ද මෙෂුල්ලාම් ද හෙසීර් ද;
21
මෙෂේශබයෙල් ද ශාදොක් ද ජද්දුවා ද;
22
පෙලටියා ද හානාන් ද අනායා ද
23
හෝෂෙයා ද හනනියා ද හෂ්ෂුබ් ද;
24
හල්ලෝහෙෂ් ද පිල්හා ද පෝබෙක් ද;
25
රෙහුම් ද හෂබ්නා ද මයසේයා ද;
26
අහියා ද හානාන් ද ආනාන් ද;
27
මල්ලූක් ද හාරීම් ද බානා ද යන තැනැත්තෝ ය.
28
සෙනඟගෙන් ඉතිරි අය ද පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගීතිකාකාරයෝ ද දේව මාලිගාවේ සේවකයෝ ද දේශවල ජනයන්ගෙන් වෙන් ව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙන් දැනුම් තේරුම් ඇති සියල්ලෝ ද
29
තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පණත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,
30
දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්න හැටියටත්,
31
දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේ වත්, ශුද්ධ දවසක වත් ඔවුන්ගෙන් මිලේට නොගන්න හැටියටත්, හත් වන අවුරුද්දේ පලදාව සහ සියලු ණය ද අත්හරින හැටියටත් සාපයකින් හා දිවුරුමකින් බැඳුණෝ ය.
32
තවද, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට සබත් දවස්වල ද අමාවක්වල ද පිදීමේ රොටි සඳහාත්, නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන යාග පූජාව සඳහාත්, නියම මංගල්‍ය සඳහාත්, ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟි කිරීමේ පාප පූජා සඳහාත්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මුළු වැඩ සඳහාත්, රිදී ග්‍රෑම් පහක් අවුරුදුපතා දෙන ලෙස අපට නියෝග පණවාගතිමු.
33
***
34
තවද, ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයට අපේ පිය වංශවල ප්‍රකාරයට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දෙන පඬුරු ගෙන ඊම ගැන පූජකයන් ද ලෙවීවරුන් ද සෙනඟ ද වන අපි පස ඇට දැමුවෙමු.
35
අපේ බිම්වල ප්‍රථම අස්වැන්න ද සියලු ආකාර ගස්වල සියලු පලවලින් ප්‍රථම පල ද අවුරුද්දෙන් අවුරුද්ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන හැටියටත්,
36
ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිවුපාවුන්ගෙන් කුලුඳුලන් ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට එනම්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරන පූජකයන් වෙත ගෙනෙන හැටියටත්,
37
අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්,
38
ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවේ ඇතුළු ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට, ආරොන්ගේ පුත්‍රයෙකු වන පූජකයෙකු ඔවුන් සමඟ සිටින හැටියටත් නියම කරගතිමු.
39
කුමක් නිසාද, ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන, සේවය කරන පූජකයන් ද දොරටු පාලකයන් ද ගායකයන් ද සිටින ඇතුළු ගෙවලට ඉශ්රායෙල්වරුන් ද ලෙවීවරුන් ද ධාන්‍යවලිනුත්, මිදියුසෙනුත්, තෙල්වලිනුත් පිළිගැන්වීමේ පඬුර ගෙනෙන්නට යුතු ය. තවද, අපි අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අත් නොහරින්නෙමු.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13