bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Nehemiah 7
Nehemiah 7
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 8 →
1
පවුර ගොඩනැඟුවාට පසු මම දොරවල් පිහිටෙව්වෙමි. දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද ලෙවීවරු ද පත් කරනු ලැබූ හ.
2
ඉන්පසු මම මාගේ සහෝදර වූ හනානි ද බලකොටුවේ අධිපතියා වූ හනනියා ද ජෙරුසලමේ පරිපාලනයට පත් කෙළෙමි. කුමක් නිසා ද, හනනියා බොහෝ මිනිසුන්ට වඩා විශ්වාස වූ දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති කෙනෙකු වී සිටියේ ය.
3
මම ඔවුන්ට කතා කොට, “අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි.
4
නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත.
5
එවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන් ද නිලධාරීන් ද සෙනඟ ද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන් ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්බ විය. එහි මෙසේ ලියා තිබුණි.
6
බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ගෙනයනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් ජුදාහි තම තමන්ගේ නගරවලටත් පැමිණියහ.
7
ඔවුන්ගේ ප්‍රධානියෝ සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද නෙහෙමියා ද අශරියා ද රයමියා ද නහමානි ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිස්පෙරෙත් ද බිග්වායි ද නෙහුම් ද බානා ද යන මොවුහු වෙති.
8
ඉශ්රායෙල් සෙනඟ වූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය: පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.
9
ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය.
10
ආරාගේ පුත්‍රයෝ හයසිය පණස්දෙදෙනෙක් ය.
11
පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දහඅටදෙනෙක් ය.
12
ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.
13
ශට්ටුගේ පුත්‍රයෝ අටසිය හතළිස්පස්දෙනෙක් ය.
14
ශක්කයිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය.
15
බින්නුයිගේ පුත්‍රයෝ හයසිය හතළිස්අටදෙනෙක් ය.
16
බේබයිගේ පුත්‍රයෝ හයසිය විසිඅටදෙනෙක් ය.
17
අශ්ගාද්ගේ පුත්‍රයෝ දෙදාස් තුන්සිය විසිදෙදෙනෙක් ය.
18
අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහත්දෙනෙක් ය.
19
බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් හැටහත්දෙනෙක් ය.
20
ආදීන්ගේ පුත්‍රයෝ හයසිය පණස්පස්දෙනෙක් ය.
21
හෙසකියාගේ වංශයට අයිති වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය.
22
හාෂුම්ගේ පුත්‍රයෝ තුන්සිය විසිඅටදෙනෙක් ය.
23
බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිහතරදෙනෙක් ය.
24
හාරිප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.
25
ගිබියොන්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.
26
බෙත්ලෙහෙමේ සහ නොටොපාහි මනුෂ්‍යයෝ එකසිය අසූඅටදෙනෙක් ය.
27
අනාතොත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය.
28
බෙත්-අශ්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස්දෙදෙනෙක් ය.
29
කිරියත්-ජෙයාරීම්හි ද කෙපීරාහි ද බෙයේරොත්හි ද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය.
30
රාමාහිත්, ගෙබාහිත් මනුෂ්‍යයෝ හයසිය විසිඑක්දෙනෙක් ය.
31
මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය.
32
බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.
33
අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පණස්දෙදෙනෙක් ය.
34
අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.
35
හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය.
36
ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.
37
ලොද්හි ද හාදිද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිඑක්දෙනෙක් ය.
38
සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් නවසිය තිස්දෙනෙක් ය.
39
පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය.
40
ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පණස්දෙදෙනෙක් ය.
41
පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය.
42
හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය.
43
ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු වූ කද්මියෙල්ගෙන් පැවත ආ ජේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය.
44
ගායනාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයන් එකසිය හතළිස්අටදෙනෙක් ය.
45
දොරටු පාලකයන් වූ ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හට්ටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද එකසිය තිස්අටදෙනෙක් ය.
46
දේව මාලිගාවේ සේවකයන් වන නේතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;
47
කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය;
48
ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; සල්මයිගේ පුත්‍රයෝ ය;
49
හානාන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය;
50
රෙයායාගේ පුත්‍රයෝ ය; රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය;
51
ගශ්ශාම්ගේ පුත්‍රයෝ ය; උස්සාගේ පුත්‍රයෝ ය; පසේයාගේ පුත්‍රයෝ ය;
52
බේසයිගේ පුත්‍රයෝ ය; මෙයුනිම්ගේ පුත්‍රයෝ ය; නෙපුෂෙසිම්ගේ පුත්‍රයෝ ය; බක්බූක්ගේ පුත්‍රයෝ ය;
53
හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය;
54
බශ්ලීත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය;
55
බර්කොස්ගේ පුත්‍රයෝ ය; සිසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය;
56
නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය.
57
සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරීදාගේ පුත්‍රයෝ ය;
58
ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය;
59
ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමොන්ගේ පුත්‍රයෝ ය;
60
දේව මාලිගාවේ සේවකයන්ගේ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.
61
තේල්-මෙලෙහෙන් ද තේල්-හර්ෂායෙන් ද කෙරුබෙන් ද අද්දෝනෙන් ද ඉම්මෙරෙන් ද ආ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තමන්ගේ පිය වංශයත්, තමන්ගේ පෙළපතත් පෙන්වන්නට බැරි වූ අය නම්:
62
දෙලායාගේ පුත්‍රයෝත්, ටෝබියාගේ පුත්‍රයෝත්, නෙකෝදාගේ පුත්‍රයෝත් හයසිය හතළිස්දෙදෙනෙක් ය.
63
පූජකයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත් ගිලියදිය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.
64
නාම සටහන් වූ තමන්ගේ පෙළපත් ලේඛනය සෙවූ නමුත්, සම්බ නොවූ බැවින් මොවුහු අපවිත්‍ර අය ලෙස ගණන්ගන්න ලදුව පූජකකමෙන් ඉවත් කරනු ලැබුවෝ ය.
65
ඌරිම් සහ තුම්මිම් ඇති පූජකයන් නැඟිටින තුරු ඔවුන් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතු යයි තිර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේ ය.
66
මුළු සභාවේ ගණන නම්, හතළිස්දෙදාස් තුන්සිය හැටක් ය.
67
ඒ හැර ඔවුන්ගේ වැඩකාරයෝත්, වැඩකාරියෝත් හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් වූවෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසිය හතළිස්පස්දෙනෙක් සිටියෝ ය.
68
ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය. ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය.
69
ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය. කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.
70
තවද, පවුල්වල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩයට දායකයෝ වූ හ. තිර්ෂාතා රන් කිලෝග්‍රෑම් අටකුත්, පාත්‍රා පණසකුත්, පූජක ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේ ය.
71
පිය වංශවල ප්‍රධානින්ගෙන් සමහරු රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එක්දාස් දෙසිය පණහකුත් වැඩ සඳහා ගබඩාවට දුන්නෝ ය.
72
සෙනඟගෙන් ඉතිරි අය දුන්නේ, රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එකසිය හතළිසකුත්, පූජක ඇඳුම් හැටහතකුත් ය.
73
මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද සෙනඟගෙන් සමහරු ද දේව මාලිගාවේ සේවකයෝ ද සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ නගරවල විසූහ.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13