bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Nehemiah 12
Nehemiah 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 13 →
1
ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද සමඟ පැමිණි පූජකයෝත් ලෙවීවරුත් මොවුහු ය;
2
සෙරායා, ජෙරමියා, එස්රා, අමරියා, මල්ලූක්, හට්ටුෂ්;
3
ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්;
4
ඉද්දෝ, ගින්නෙතොන්, අබියා;
5
මියාමින්, මයදියා, බිල්ගා;
6
ෂෙමායා, ජෝයාරීබ්, ජෙදායා;
7
සල්ලු, ආමොක්, හිල්කියා සහ ජෙදායා ය. මොවුහු ජේෂුවාගේ දවස්වල දී පූජකයන්ගෙන් ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ද ප්‍රධානියන් ව සිටියෝ ය.
8
තවද, ලෙවීවරු නම්: ජේෂුවා, බින්නුයි, කද්මියෙල්, ෂේරෙබියා, ජුදා සහ මත්තනියා ය. ඔවුහුත්, ඔවුන්ගේ සහෝදරයෝත් ස්තුති ගායනා කණ්ඩායම්වලට පත් ව සිටියෝ ය.
9
තවද, ඔවුන්ගේ සහෝදරයන් වන බක්බුකියා ද උන්නෝ ද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝ ය.
10
ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය.
11
ජෝයාදාට දාව ජොනතන් උපන්නේ ය. ජොනතන්ට දාව ජද්දුවා උපන්නේ ය.
12
ජෝයාකීම්ගේ දවස්වල පිය පෙළපත් ප්‍රධානියන් වූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායා ය; ජෙරමියාගෙන් හනනියා ය;
13
එස්රාගෙන් මෙෂුල්ලාම් ය; අමරියාගෙන් ජෙහෝහානාන් ය.
14
මල්ලූකීගෙන් ජොනතන් ය; ෂෙබනියාගෙන් ජෝසෙප් ය;
15
හාරීම්ගෙන් අද්නා ය; මෙරායොත්ගෙන් හෙල්කයි ය;
16
ඉද්දෝගෙන් ශෙකරියා ය; ගින්නෙතොන්ගෙන් මෙෂුල්ලාම් ය;
17
අබියාගෙන් සික්රී ය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයි ය;
18
බිල්ගාගෙන් ෂම්මුවා ය; ෂෙමායාගෙන් ජෙහෝනාතාන් ය;
19
ජෝයාරීබ්ගෙන් මත්තෙනයි ය; ජෙදායාගෙන් උශ්ශී ය;
20
සල්ලයිගෙන් කල්ලයි ය; ආමොක්ගෙන් ඒබෙර් ය;
21
හිල්කියාගෙන් හෂබියා ය; ජෙදායාගෙන් නෙතෙනේල් ය.
22
එලියාෂිබ්ගේ ද ජෝයාදාගේ ද ජෝහානාන්ගේ ද ජද්දුවාගේ ද දවස්වල ලෙවීවරුන්ගේ පිය පෙළපත් ප්‍රධානියෝ ලියාපදිංචි කරනු ලැබුවෝ ය. පූජකයෝත් පර්සියාවේ දාරියුස්ගේ රජ කාලය දක්වා එසේ වූ හ.
23
පිය පෙළපත්වල ප්‍රධානියන් වූ ලෙවීගේ පුත්‍රයෝ එලියාෂිබ්ගේ පුත් ජෝහානාන්ගේ දවස් දක්වා ම ලේකම් පොතෙහි ලියවුණෝ ය.
24
ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.
25
මත්තනියා ද බක්බුකියා ද ඔබදියා ද මෙෂුල්ලාම් ද ටල්මොන් ද අක්කුබ් ද දොරටු ගබඩාවල දොරටු පාලකයන් ව සිට රැකවල් කළෝ ය.
26
මොවුහු ජොශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයා වන ජෝයාකීම්ගේ දවස්වල දිශාධිපතියා වන නෙහෙමියාගේත්, නීතිවේදියා වන පූජක එස්රාගේත් දවස්වල ද සිටියෝ ය.
27
ජෙරුසලමේ පවුර කැප කිරීමේ දී ප්‍රීති ප්‍රමෝදයෙන් ද ස්තුති කිරීමෙන් ද ගීතිකා කිරීමෙන් ද අත්තල්වලින් ද වීණා හා මහා වීණාවලින් ද කැප කිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරු විසූ සෑම තැන්වලින් ඔවුන් සොයාගෙන ජෙරුසලමට ගෙනෙන ලදහ.
28
එවිට ගායකයන් වූ ලෙවීවරු ජෙරුසලම අවට ප්‍රදේශයෙනුත්, නෙටොපාතිවරුන්ගේ ගම්වලිනුත්,
29
බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය.
30
පූජකයෝත් ලෙවීවරුත් පවිත්‍ර වී, සෙනඟ ද දොරටු ද පවුර ද පවිත්‍ර කළෝ ය.
31
එවිට මම ජුදාහි අධිපතීන් පවුර පිටට නඟින්නට සලස්වා, ස්තුති කිරීමටත්, පෙරහරින් යාමටත් මහා කණ්ඩායම් දෙකක් නියම කෙළෙමි. එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේ ය.
32
ඔවුන් පස්සේ හෝෂායා ද ජුදාහි අධිපතීන්ගෙන් භාගයක් ද
33
අශරියා ද එස්රා ද මෙෂුල්ලාම් ද
34
ජුදා සහ බෙන්ජමින් ද ෂෙමායා ද ජෙරමියා ද
35
නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ
36
දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩ ඇති ව, ඔහුගේ සහෝදරයන් වන ෂෙමායා ද අශරියෙල් ද මිලලයි ද ගිලලයි ද මායයි ද නෙතනේල් ද ජුදා ද හනානි ද ඔවුන්ට පෙරටුවෙන් සිටි නීතිවේදී එස්රා ද ගියෝ ය.
37
ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමන් ඉදිරිපිට ද තිබුණු දාවිත්ගේ නිවෙසට ඉහළින් පවුරට නැඟුමෙහි දාවිත්ගේ නගරයේ පඩිවලින් නැඟී නැගෙනහිරට තිබෙන වතුර දොරටුව ළඟට ගියෝ ය.
38
අනික් පැත්තට දෙ වන ගායක කණ්ඩායම ද ඔවුන් පස්සේ සෙනඟගෙන් භාගයක් ද මම ද පවුර පිට මුදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්,
39
එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.
40
මෙසේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගායක කණ්ඩායම් දෙක ද මා සමඟ මුලාදෑනීන්ගෙන් කොටසක් ද නළා ඇති ව
41
එලියාකිම්, මයසේයා, මිනියාමින්, මීකායා, එලියෝයේනයි, ශෙකරියා, හනනියා යන පූජකයෝ ද;
42
මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.
43
එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය.
44
ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.
45
ඔව්හු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද දාවිත්ගේ සහ ඔහුගේ පුත් සලමොන්ගේ ආඥාව ලෙස තමන්ගේ දෙවියන් වහන්සේට නියම පූජා විධි ද පවිත්‍ර වීම පිළිබඳ නියම වත්පිළිවෙත් ද පැවැත්වූ හ.
46
මන්ද, පෙර දාවිත්ගේ ද ආසාප්ගේ ද කාලයේ පටන් ගායකයන්ගේ ප්‍රධානියෙක් සිටියේ ය. එපමණක් නොව දෙවියන් වහන්සේට තුති පැසසුම් ගී ද ගයනු ලැබී ය.
47
සියලු ම ඉශ්රායෙල්වරු ද සෙරුබ්බාබෙල්ගේ දවස්වලත්, නෙහෙමියාගේ දවස්වලත් දිනපතා ගායකයන්ගේත්, දොරටු පාලකයන්ගේත් කොටස් සහ ලෙවීවරුන්ට කැප කළ යුතු දේත් දුන්හ. ලෙවීවරු ද ආරොන්ගේ පුත්‍රයන්ට කැප කළ යුතු දේ දුන්හ.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13