bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Nehemiah 9
Nehemiah 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 10 →
1
තවද, ඒ මාසයේ විසිහතර වන දා ඉශ්රායෙල් සෙනඟ නිරාහාර ව ගෝණි රෙදි හැඳ, තමන්ගේ හිස පිට පස් ලා ගෙන, උපවාසයක් සඳහා රැස් වූ හ.
2
ඉශ්රායෙල් ජාතිය අන්‍ය සියලු ජාතීන්ගෙන් වෙන් වී, තමන්ගේ පව් ද තමන්ගේ පියවරුන්ගේ අපරාධ ද ප්‍රකාශ කළහ.
3
ඔව්හු තමන්ගේ ස්ථානයෙහි නැඟිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙව්වෝ ය; තවත් හතරෙන් කොටසක් තුළ එකිනෙකා පාපෝච්චාරණය කර, දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
4
එවිට ජේෂුවා ද බානී ද කද්මියෙල් ද ෂෙබනියා ද බුන්නී ද ෂෙරෙබියා ද බානී ද කෙනානි ද ලෙවීවරුන්ගේ වේදිකාවේ උඩ සිට මහා හඬකින් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කළෝ ය.
5
පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, “ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේ ය, සියලු ප්‍රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්‍රශංසා වේවා”යි කී හ.
6
එස්රා මෙසේ යාච්ඤා කෙළේ ය: “ඔබ ම, ඔබ පමණක් ම සමිඳාණන් වහන්සේ ය. ඔබ ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද එහි සියලු ග්රහතාරකා ද පොළොව සහ එය මතුපිට ඇති සියල්ල ද සත් සමුදුර සහ එහි ඇති සියල්ල ද මැවූ සේක. ඔබ ම ඒ සියල්ල ආරක්ෂා කරන සේක. ග්‍රහතාරකාවෝ ද ඔබට නමස්කාර කරති.
7
ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබූ දෙවි සමිඳාණන් වහන්සේ ය.
8
ඔබ ඉදිරියෙහි ඔහු විශ්වාසවන්ත ව සිටින බව දැක, ඔබ කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද දේශය දෙන්නට, ඔහුගේ වංශයට දෙන්නට ඔහු සමඟ ගිවිසුමක් කර ඔබේ පොරොන්දුව ඔබ ඉෂ්ට කළ සේක. කුමක් නිසා ද ඔබ ධර්මිෂ්ඨ ය.
9
“තවද, මිසරයේ දී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටු සේක. රතු මුහුද ළඟ දී ඔවුන්ගේ මොරගැසීම ද ඔබ ඇසූ සේක.
10
පාරාවෝට ද ඔහුගේ සියලු සේවකයන්ට ද ඔහුගේ දේශයේ මුළු සෙනඟට ද විරුද්ධ ව හාස්කම් හා අරුමපුදුම දේ කර වදාළ සේක. කුමක් නිසා ද ඔවුන්ට විරුද්ධ ව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගෙන සිටි සේක. ඔබ ද අද දක්වා පවතින කීර්තිමත් නාමයක් දිනාගත් සේක.
11
තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහුබැඳගෙන ආ අය ඔබ මහා ජලයෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළූ සේක.
12
ඔබ දවල් වලා ටැඹකින් ද ඔවුන් යන මාර්ගයෙහි දී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින් ද ඔවුන් ගෙන ගිය සේක.
13
ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කර, සාධාරණ විනිශ්චයයන් ද සැබෑ ව්‍යවස්ථාවන් ද සුදුසු පණත් ද ආඥා ද ඔවුන්ට දුන් සේක.
14
“ඔබේ මෙහෙකරු වූ මෝසෙස් මඟින් ඔබේ ශුද්ධ සබත් දවස් ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාවන් ද ව්‍යවස්ථාවන් ද ඔවුන්ට නියම කළ සේක.
15
ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට ආහාර දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්ම වූ සේක.
16
ඔබ ඔවුන්ට දෙන බවට දිවුරුම් දුන් දේශය හිමි කරගැනීමට ඇතුළුවන්නට කියා ද ඔවුන්ට අණ කළ සේක. එහෙත්, අපේ පියවරු මුරණ්ඩු ව ඔබේ ආඥාවන්ට අකීකරු වූ හ.
17
ඔව්හු කීකරු වන්නට අකමැති වී, ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර, මුරණ්ඩු ව සිටිමින්, පෙරළා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත්, ඔබ කමා වන, දයාබර, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත, කරුණාභරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක.
18
එපමණක් නොව, ඔව්හු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන ‘මිසරයෙන් ඔබ ගෙනා ඔබේ දෙවියන් වහන්සේ මේ ය’යි මහා දේව අපහාසයක් කළ විටත්,
19
ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාළුකරයෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලා ටැඹ දවාලේ වත්, ඔවුන් යා යුතු මාර්ගයේ දී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේ වත් ඔවුන් කෙරෙන් පහ නො වී ය.
20
ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබේ යහපත් ආත්මානුභාවය ඔබ ඔවුන්ට දුන් සේක. ඔවුන්ගේ ආහාරය වූ මන්නා ඔබ ඔවුන්ගෙන් අහක් කර නොගත් සේක. ඔවුන්ගේ පිපාසයේ දී ඔබ ඔවුන්ට වතුර දුන් සේක.
21
එසේ ය, ඔබ හතළිස් අවුරුද්දක් පාළුකරයේ දී ඔවුන් පෝෂණය කළ සේක. ඔවුන්ට කිසි අගහිඟයක් නො වී ය. ඔවුන්ගේ ඇඳුම් පරණ වුණේ වත්, ඔවුන්ගේ පාද ඉදිමුණේ වත් නැත.
22
“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.
23
ඔබ අහසේ තාරකා මෙන් ඔවුන්ගේ දරුවන් වැඩිකර, හිමි කරගන්නට ඔවුන්ට ඇතුළු විය යුතු ය කියා ඔබ ඔවුන්ගේ පියවරුන්ට කී දේශයට ඔවුන් පැමිණෙවූ සේක.
24
ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක.
25
ඔව්හු පවුරු ඇති නගර ද සශ්‍රීක රටක් ද අල්ලාගෙන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල් ද කණින ලද තටාක ද මිදි වතු ද ඔලීව වතු ද පල දෙන බොහෝ ගස් ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට, තෘප්තියට පැමිණ, තර වී, ඔබේ මහා යහපත්කම කරණකොටගෙන සැපෙන් පසු වූවෝ ය.
26
“එසේ වී නමුත්, ඔව්හු අකීකරු වී ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබේ ව්‍යවස්ථාවට පිටුපා, ඔබ වෙත ඔවුන් හරවාගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවැසිවරුන් මරා මහා දේව අපහාසයක් කළෝ ය.
27
එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ඔවුන්ට පීඩා කළෝ ය. ඔවුන්ගේ පීඩා කාලයේ දී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට සවන් දී, ඔබේ මහානුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් විමුක්තිදායකයන් ඔවුන්ට දුන් සේක.
28
එහෙත්, ඔවුන්ට නිදහස ලැබුණ විට ඔව්හු නැවත ඔබ ඉදිරියෙහි නපුරුකම් කළෝ ය. එවිට ඔවුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වනු පිණිස ඔබ ඔවුන් සතුරන්ගේ අතට පාවා දුන් සේක. එහෙත්, ඔවුන් නැවතත් මොරගැසූ විට ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබේ අනුකම්පාවේ හැටියට, බොහෝ වතාවල ඔවුන් නිදහස් කළ සේක.
29
ඔබේ ව්‍යවස්ථාවට ඔවුන් හරවා ගන්නට ඔබ ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු උඩඟුකම් කර, ඔබේ ආඥාවලට සවන් නො දී, මනුෂ්‍යයා ජීවත් වන පිණිස ඔහු කළ යුතු ඔබේ විනිශ්චයයන්ට විරුද්ධ ව පව් කොට දරදඬු වී, හිතුවක්කාරකමින් සවන් නො දී සිටියෝ ය.
30
එහෙත්, ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබේ ආත්මානුභාවයෙන් ඔබේ දිවැසිවරුන් මඟින් ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු සවන් නුදුන්හ. ඔබ ද දේශවල ජනයන් අතට ඔවුන් පාවා දුන් සේක.
31
එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.
32
“ඉතින් අපේ දෙවියන් වහන්ස, මහත් වූ, බලවන්ත වූ, භයානක වූ ගිවිසුම ද කරුණාව ද පවත්වන්නා වූ දෙවියන් වහන්ස, අසිරියාවේ රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත්, අපේ පියවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පූජකයන්ටත්, අපේ දිවැසිවරුන්ටත්, ඔබේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළු ලෙස නොපෙනේ වා!
33
ඔබ වනාහි අපට පැමිණි සියල්ල සම්බන්ධයෙන් සාධාරණ ව සිටි සේක. කුමක් නිසා ද, ඔබ විශ්වාසවන්ත ව ක්‍රියා කළ සේක. අපි නම් දුෂ්ටකම් කෙළෙමු.
34
අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද අපේ පූජකයන් ද අපේ පියවරුන් ද ඔබේ ව්‍යවස්ථාව පැවැත්වූයේ වත්, ඔබේ ආඥාවලට ද ඔබ ඔවුන්ට කළ ඔබේ අවවාදවලට ද සවන් දුන්නේ වත් නැත.
35
ඔවුන් සිය රජවරුන් යටතේ ඔබ ඔවුන්ට දුන් සෞභාග්‍යය භුක්තිවිඳින විට ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේ දී ද ඔබට සේවය කෙළේ වත්, තමන්ගේ නපුරු ක්‍රියාවලින් වෙන් වුණේ වත් නැත.
36
මෙන්න අපි දැනට දාසයන් වී සිටිමු. භූමියේ උපදින ඵල ද හොඳ දේවල් ද භුක්තිවිඳීමට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහි ම අපි දාසයන් වී සිටිමු.
37
අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත් කළ රජුන්ට දේශයේ අස්වැන්න අයිති වන්නට සලසා ඇත. ඔව්හු සිය කැමැත්ත පරිදි අප කෙරෙහි ද අපේ ගවයන් කෙරෙහි ද බලය පවත්වති. අපි මෙබඳු මහා දුකකින් සිටිමු.
38
“මේ සියල්ල නිසා අපි ලියවිල්ලකින් ස්ථිර ගිවිසුමක් කරමු. අපේ අධිපතීහු ද අපේ ලෙවීවරු ද අපේ පූජකයෝ ද ඒ පිට ඔවුන්ගේ මුද්‍රාව තබති.”
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13