bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Nehemiah 3
Nehemiah 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 4 →
1
එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.
2
එලියාෂිබ්ට පසු ව ජෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැඟුවෝ ය. ඔවුන්ට පසු ව ඉම්රිගේ පුත් ශක්කුර් ඒවා ගොඩනැඟුවේ ය.
3
මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැඟුවෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළහ.
4
ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
5
ඔහුට පසු ව තෙකෝවරු එය අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. එහෙත්, ඔවුන්ගේ නායකයෝ තමන්ගේ ස්වාමීන්ගේ සේවයට කරගසන්නට කැමැති නුවූ හ.
6
පාසේයාගේ පුත් ජෝයාදා ද බෙසෝදෙයාගේ පුත් මෙෂුල්ලාම් ද පරණ දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළෝ ය.
7
ඔවුන්ට පසු ව ගිබියෝනි ජාතික මෙලෙටියා ද මෙරොනොතීය ජාතික ජාදොන් ද ගිබියොන්හි සහ මිශ්පාහි මනුෂ්‍යයෝ ද යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපතීන් උදෙසා අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
8
ඔවුන්ට පසු ව රන් කරුවන් වූ හර්හායාගේ පුත් උශ්ශියෙල් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන්ගෙන් කෙනෙකු වූ හනනියා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔව්හු පළල් පවුර දක්වා ජෙරුසලම ශක්තිමත් කළෝ ය.
9
ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හුර්ගේ පුත් රෙපායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
10
ඔහුට පසු ව හරුමප්ගේ පුත් ජෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව හෂබ්නෙයාගේ පුත් හට්ටුෂ් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
11
හාරීම්ගේ පුත් මල්කියා ද පාහත්-මෝවබ්ගේ පුත් හප්ෂුබ් ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියා කළෝ ය.
12
ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හල්ලෝ-හෙෂ්ගේ පුත් ෂල්ලුම් ද ඔහුගේ දූවරු ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
13
මිටියාවතේ දොරටුව හානුන් ද ශානොවේ වැසියෝ ද අලුත්වැඩියා කළෝ ය. ඔව්හු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් මීටර් හාරසිය හතළිහක් ද අලුත්වැඩියා කළෝ ය.
14
කසළ දොරටුව බෙත්-හක්කෙරෙම් පළාතේ අධිපතියා වූ රේකාබ්ගේ පුත් මල්කියා අලුත්වැඩියා කෙළේ ය. ඔහු එය ගොඩනඟා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කෙළේ ය.
15
මිශ්පා පළාතේ අධිපතියා වූ කොල්-හෝශෙගේ පුත් ෂල්ලුම් උල්පත් දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කර රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේ ය.
16
ඔහුට පසු ව බෙත්-ශුර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ අශ්බුක්ගේ පුත් නෙහෙමියා දාවිත්ගේ සොහොන ඉදිරිපිටට පැමිණෙන තුරුත්, සාදන ලද පොකුණ දක්වාත්, බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියා කෙළේ ය.
17
ඔහුට පසු ව, ලෙවීවරු බානීගේ පුත් රෙහුම් යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
18
ඔහුට පසු ව ඔහුගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
19
ඔවුන්ට පසු ව මිශ්පායේ අධිපතියා වූ ජේෂුවාගේ පුත් එශෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැඟුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
20
ඔහුට පසු ව සබ්බයිගේ පුත් බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයා වූ එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ උනන්දුවෙන් කෙළේ ය.
21
ඔහුට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂිබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.
22
ඔහුට පසු ව සමභූමියේ මනුෂ්‍යයන් වූ පූජකයෝ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
23
ඔවුන්ට පසු ව බෙන්ජමින් ද හෂ්ෂුබ් ද තමන්ගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කළෝය. ඔවුන්ට පසු ව අනනීයාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් අශරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියා කෙළේ ය.
24
ඔහුට පසු ව හෙනාදාද්ගේ පුත් බින්නුයි අශරියාගේ ගෙය පටන් පවුර හැරෙන තැන සහ කොත දක්වාත් තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.
25
ඌසයිගේ පුත් පාලාල් පවුරු කොතත්, හිරගෙයි මිදුල ළඟ ඉහළ රජ ගෙදරට ඉදිරිපිටින් තිබෙන කොතත් අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව පරොෂ්ගේ පුත් පෙදායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
26
එකල ඕපෙල්හි විසූ දේව මාලිගයේ සේවකයෝ නැගෙනහිර දිශාවේ වතුර දොරටුව ද පිටතින් තිබෙන කොත ඉදිරිපිට තැන දක්වා අලුත්වැඩියා කළෝ ය.
27
පෙදායාට පසු ව තෙකෝවරු පිටතින් තිබෙන ලොකු කොත ඉදිරිපිට ද ඕපෙල්හි පවුර දක්වා ද තව කොටසක් අලුත්වැඩියා කළෝ ය.
28
පූජකයෝ එකිනෙකා අශ්ව දොරටුවට ඉහළින්, තම තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කළෝ ය.
29
ඔවුන්ට පසු ව ඉම්මෙර්ගේ පුත් ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව නැගෙනහිර දොරටුවේ රැකවලා වූ ෂෙකනියාගේ පුත් ෂෙමායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
30
ඔහුට පසු ව ෂෙලෙමියාගේ පුත් හනනියා ද ශාලාප්ගේ ස වන පුත්‍රයා වූ හානුන් ද තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කෙළේ ය.
31
ඔහුට පසු ව රන්කරුවෙකු වූ මල්කියා මුර දොරටුව ඉදිරිපිට දේව මාලිගාවේ සේවකයන්ගේ ද වෙළෙන්දන්ගේ ද ගෙවල් දක්වාත්, කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.
32
කොනේ උඩුමහලටත්, බැටළු දොරටුවටත් අතරේ රන්කරුවෝ ද වෙළෙන්දෝ ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13