bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Revelation 1
Revelation 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 2 →
1
දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක.
2
ජොහන් ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේ ය.
3
මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය.
4
ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත්
5
මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.
6
තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.
7
බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.
8
“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.
9
ඔබගේ සහෝදරයා වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවල ද, උන් වහන්සේගේ රාජ්‍යයේ ද, ඔබේ ඉවසිල්ලේ ද පංගුකාරයා වන, ජොහන් නම් මම, පැට්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත් ය.
10
සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.
11
“ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය.
12
එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද,
13
ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි.
14
උන් වහන්සේගේ හිස ද හිසකෙස් ද ලෝම මෙන් ද හිම මෙන් ද සුදෝසුදු ය; ඇස් ගිනි දැල්ලක් හා සමාන ය;
15
පාද උදුනක ගිනියම් කළ දිළිසෙන ලෝකඩ වැනි ය; උන් වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂයක් හා සමාන ය;
16
දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි.
17
උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: “බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය,
18
ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත.
19
එබැවින් ඔබ දුටු දේ ද දැන් තිබෙන දේ ද මතු සිදු වන්නට යන දේ ද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න.
20
මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22