bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Revelation 16
Revelation 16
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 17 →
1
“ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර සත පොළොව පිට වගුරුවන්නැ”යි දේව දූතයන් සත් දෙනාට කියන මහ හඬක් දේව මාලිගාවෙන් මට ඇසිණි.
2
එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.
3
දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේ ය. මුහුදේ වතුර මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්ත්වයෝ මළෝ ය.
4
තෙවැන්නා තමාගේ පාත්‍රය ගංගා සහ දිය උල්පත් පිට වැගිරෙව්වේ ය. එවිට ඒවා ලේ විය.
5
ජලය භාර ව සිටි දේව දූතයා කතා කොට, “වැඩ සිටින, වැඩ සිටිය, සුවිශුද්ධ තැනැන් වහන්ස, ඔබ දුන් විනිශ්චයන්හි ඔබ සාධාරණ ය.
6
ඔවුන් සැදැහැවතුන්ගේ ද දිවැසිවරයන්ගේ ද ලේ වැගිරෙව් බැවින්, ඔබ ඔවුන්ට ලේ බොන්නට දුන් සේක. ඔවුන්ට ලැබිය යුතු විපාකය මේ ය”යි කියනු මට ඇසිණි.
7
“එසේ ය, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්ස, ඔබගේ විනිශ්චය නිවැරැදි ය, සාධාරණ ය”යි පූජාසනයෙන් කියනු මට ඇසිණි.
8
එවිට සතරවැන්නා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේ ය. ගින්නෙන් මනුෂ්‍යයන් දවාලීමේ බලය ඊට දෙන ලද්දේ ය.
9
මනුෂ්‍යයෝ අධික උෂ්ණයකින් දවනු ලැබ, මේ වසංගත කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට සාප කළා මිස, උන් වහන්සේට ගෞරවය දෙන පිණිස පසුතැවී සිත් හරවා නොගත් හ.
10
පස්වැන්නා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේ ය. ඔහුගේ රාජ්‍යය අඳුරින් වැසී ගියේ ය. ඔව්හු වේදනා නිසා දිව් විකාගත්හ.
11
ඔව්හු තමන්ගේ තුවාළ හා වේදනා නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට සාප කළා මිස, තමන්ගේ ක්‍රියා ගැන පසුතැවී සිත් හරවා නොගත් හ.
12
සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය.
13
එකල මකරාගේ කටින් ද, මෘගයාගේ කටින් ද, බොරු දිවැසිවරයාගේ කටින් ද මැඩියන් වැනි අශුද්ධාත්මයන් තුන් දෙනෙකු නික්ම එනු මම දිටිමි.
14
ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.
15
“මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.”
16
මෙලෙස ඔව්හු හෙබ්‍රෙව් බසින් ආර්මගිදොන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ.
17
සත්වැන්නා ද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේ ය. එවිට, “අවසානය පැමිණ ඇතැ”යි කියන මහ හඬක් දේව මාලිගාවේ සිංහාසනයෙන් නික්මිණි.
18
විදුලිය කෙටීම් ද ශබ්ද ද හෙණ හඬ ද විය. මහා භූමිකම්පාවක් ද විය. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒ සා බලවත්, මහා භූමිකම්පාවක් ඇති නො වී ය.
19
ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක.
20
සියලු දිවයින් අතුරුදහන් විය. කඳු නොපෙනී ගියේ ය.
21
අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේ ය. එහි එක එක ගල කිලෝග්‍රෑම් පණහක් පමණ බර විය. ඒ ගල් වර්ෂා වසංගතය එතරම් දරුණු වූ බැවින් මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේට සාප කළහ.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22