bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Revelation 12
Revelation 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 13 →
1
තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම්, සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි.
2
ගැබ්ගෙන සිටි ඈ, විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑගැසුවා ය.
3
අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි.
4
ඌ උගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද, පොළවට හෙළී ය. උපන් කෙණෙහිම දරුවා කාදමන පිණිස, මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම් ව බලා සිටියේ ය.
5
ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළා ය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබී ය.
6
ස්ත්‍රිය කාන්තාරයට පලා ගියා ය. එක් දහස් දෙසිය සැට දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙළ කරන ලද ස්ථානයක් ඈට එහි විය.
7
තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධ ව සටන් කළහ.
8
මකරා ද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගයෙහි තැනක් තවත් නො වී ය.
9
මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.
10
ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, “අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි.
11
ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.
12
එබැවින් ස්වර්ගයෙනි, එහි වැසියෙනි, ප්‍රීති සන්තෝෂ වන්න. අහෝ! පොළොවටත් මුහුදටත් වන විපත! මන්ද, යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන, කෝපාවිෂ්ට ව, ඔබ වෙත බැස ගියේ ය” යනු යි.
13
තමා පොළොවට හෙළනු ලැබූ බව දුටු මකරා, පිරිමි දරුවා ප්‍රසූත කළ ස්ත්‍රිය ලුහුබැඳ ගියේ ය.
14
එහෙත් මරුකතරෙහි ඇගේ රක්ෂස්ථානයට සර්පයා වෙතින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දෙන ලදි. එහි කාලයක් ද කාල දෙකක් ද අර්ධ කාලයක් ද ඈ පෝෂණය කරනු ලබයි.
15
එවිට සර්පයා ඒ ස්ත්‍රිය සැඬ පාරෙන් ගසාගෙන යන පිණිස, ඇය පස්සෙන් ගංගාවක් මෙන් තමාගේ කටින් වතුර පිට කෙළේ ය.
16
එහෙත් පොළොව ස්ත්‍රියට පිහිට වී, කට ඇර, මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තා ය.
17
එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි කෝපයෙන් දිලිහී දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදින, ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධ ව සටනට ගියේ ය.
18
ඔහු මුහුදු වෙරළෙහි සිටියේ ය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22