bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Revelation 11
Revelation 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 12 →
1
ඉන්පසු දිග සැරයටියක් වැනි කෝදුවක් මට දෙන ලද්දේ ය. “නැඟිට දෙවියන් වහන්සේගේ මාලිගාව ද පූජාසනය ද මැන, එහි නමස්කාර කරන්නන් ගණන් කරන්න.
2
මාලිගාවෙන් පිටත වූ මළුව විජාතීන්ට දී ඇති බැවින්, එය නොමැන අත් හරින්න. ඔව්හු සතළිස් දෙමාසයක් ශුද්ධ නගරය පයින් පාගා දමන්නෝ ය.
3
තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.
4
මේ දෙදෙනා පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙක ද පහන් රුක් දෙක ද වෙයි.
5
යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම විත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ, මෙලෙස මරනු ලබන්නේ ය.
6
තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.
7
ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය.
8
ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය.
9
සියලු සෙනඟගෙන් ද ගෝත්‍රයන්ගෙන් ද භාෂාවන්ගෙන් ද ජාතීන්ගෙන් ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින් ඒවා සොහොනක තබන්නට ඉඩ නොදෙති.
10
ඒ දිවැසිවරුන් දෙදෙනා මිහි පිට වැසියන්ට පීඩා කළ බැවින්, ඔව්හු ප්‍රීති සන්තෝෂ වෙමින් තමන් අතරේ තෑගි හුවමාරු කරගන්නාහ.
11
ඒ දවස් තුනහමාරට පසු දෙවියන් වහන්සේ කෙරෙන් ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණි විට ඔව්හු නැඟිට සිටියෝ ය. ඔවුන් දුටු අය බොහෝ සේ බියපත් වූ හ.
12
“නැඟිට මෙහි එන්නැ”යි කියන මහ හඬක් ස්වර්ගයෙන් ඔවුන්ට ඇසිණි. එකල ඔවුන්ගේ සතුරන් බලා සිටිය දී ඔව්හු වලාකුළකින් ස්වර්ගයට නැඟී ගියහ.
13
ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.
14
දෙ වන විපත පහ විය; මෙන්න තුන් වන විපත වහා එන්නේ ය.
15
සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.
16
දෙවියන් වහන්සේ ඉදිරියෙහි තමන්ගේ සිහසුන්වල හුන් කුලදෙටුවෝ විසි හතර දෙනා මුහුණින් වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කර මෙසේ කී හ:
17
“වැඩ සිටින, වැඩ සිටිය, සර්ව පරාක්‍රම දෙවි සමිඳාණන් වහන්ස, ඔබගේ අතිමහත් බලය මෙහෙයවා ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු.
18
මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ. ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”
19
එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22