bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Revelation 20
Revelation 20
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 21 →
1
තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දුතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි.
2
ඔහු යක්ෂයා ද සාතන් ද වන පුරාතන සර්පයා හෙවත් ඒ මකරා අල්ලා අවුරුදු දහසකට බැඳ තැබී ය.
3
ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස, ඔහු පාතාලයට හෙළා, එය වසා, මතුපිට මුද්‍රා තැබී ය. මින්පසු මඳ කලකට ඔහු මුදා හැරිය යුතු ය.
4
එවිට සිංහාසන දිටිමි. ඒවායේ හිඳ ගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේ ය. තවද, ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත්, දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමනු ලැබූවන්ගේ ද, මෘගයාට වත් උගේ රූපයට වත් නමස්කාර නොකළ, උගේ සලකුණ සිය නළල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේ ද ආත්මයන් දිටිමි. ඔව්හු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.
5
මළා වූ සෙසු අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවනය නොලැබූ හ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ.
6
පළමු වන පුනරුජ්ජීවනයට පංගුකාරකම ඇති තැනැත්තා භාග්‍යවන්තයෙකි, සැදැහැවතෙකි. දෙ වන මරණයට ඔවුන් කෙරෙහි බලයක් නැත. ඔව්හු දෙවියන් වහන්සේගේත්, ක්‍රිස්තුන් වහන්සේගේත් පූජකයෝ ව, උන් වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම් කරන්නෝ ය.
7
අවුරුදු දහස කෙළවර වූ පසු, සාතන් තමාගේ සිරගෙයින් මුදනු ලැබ,
8
පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.
9
ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය.
10
එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.
11
තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.
12
මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය.
13
මහමුහුද එහි වූ මළවුන් භාර දුන්නේ ය. මරණයත්, පාතාලයත්, එහි උන් මළවුන් භාර දුන්නේ ය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූ හ.
14
මරණයත්, පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේ ය. මේ ගිනි විල දෙ වන මරණය වේ.
15
යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22