bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Revelation 17
Revelation 17
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 18 →
1
පාත්‍ර හත ඇතිව සිටි දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් අවුත්, මා අමතමින්, “එන්න; බොහෝ ජල මත හිඳ සිටින මහ වේශ්‍යාවගේ දඬුවම මම ඔබට පෙන්වන්නම්.
2
ඇය සමඟ පොළොවේ රජුන් ලිංගික අනාචාරයේ ගැලුණ අතර පොළෝ වාසීන් ඇගේ සරාගික මිදි යුෂයෙන් බීමත්ව ඇතැ” යි පැවසී ය.
3
ඉන්පසු ඔහු ආත්මයාණන් තුළ කාන්තාරයට මා ගෙන ගියේ ය. එවිට හිස් හතක් හා අං දහයක් තිබූ, අපහාසික නාමවලින් පිරී සිටි තද රතු පැහැති මෘගයකු පිට හිඳ සිටින ස්ත්‍රියක එහිදී මම දැක්කෙමි.
4
ඒ ස්ත්‍රිය දම් හා තද රතු ඇඳුම් හැඳ, රන්, මැණික්, හා මුතුවලින් සැරසී සිටියා ය. පිළිකුල්කම්වලින් හා ඇගේ ලිංගික අනාචාර අපවිත්‍රතාවෙන් පිරි රන් කුසලානක් ඇගේ අතේ විය.
5
ඇගේ නළලේ අබිරහස් නාමයක් ලියා තිබිණි. මහා බබිලෝනිය ය; පොළොවේ වේශ්‍යාවන්ගේ හා පිළිකුල්කම්වල මව ය.
6
ඇය ශුද්ධවතුන්ගේ ලෙයින්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දැරූවන්ගේ ලෙයින් බීමත්ව සිටිනු මම දුටුවෙමි. ඇය දුටු කල, මම අතිශයින් පුදුම වීමි.
7
එවිට මා ඇමතූ දේව දූතයා, “ඇයි ඔබ පුදුම වූයේ? ස්ත්‍රිය පිළිබඳ හා ඇය නැගී යන හිස් හතක් හා අං දහයක් ඇති මෘගයා පිළිබඳ අබිරහස මම ඔබට කියන්නම්.
8
ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.
9
“ප්‍රඥාවන්ත මනසක් අවශ්‍ය මෙහිදී ය. හිස් හත, ස්ත්‍රිය හිඳ සිටින කඳු හත ය.
10
තවද ඒවා රජවරුන් හත් දෙනෙකි. පස් දෙනෙක් වැටී ගියහ. එක් කෙනෙක් සිටියි. අනෙක් තැනැත්තා තවම පැමිණ නැත. ඔහු පැමිණි කල, මද කලකට පැවත සිටිය යුතු ය.
11
සිටිය, එහෙත් දැන් නැති මෘගයා අට වැන්නෙකි; හත් දෙනාට අයත්වන්නෙකි. ඔහු විනාශයට යයි.
12
“ඔබ දුටු අං දහය, තවම රාජ්‍යයක් නො ලද රජවරුන් දහ දෙනෙකි. එහෙත් ඔවුන් මෘගයා සමඟ හවුලේ එක් පැයකට රජුන් වශයෙන් ආධිපත්‍යය ලබනු ඇත.
13
ඔවුහු එක සිතින් තමන්ගේ බලයත්, ආධිපත්‍යයත් මෘගයාට පවරා දෙති.
14
ඔවුන් බැටළු පැටවාණන්ට එරෙහිව යුද්ධ කරනු ඇත. එහෙත්, බැටළු පැටවාණෝ ඔවුන්ගෙන් ජය ගන්නාහ. මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය; රජවරුන්ගේ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ සමඟ සිටින්නේ කැඳවුම් ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසනීයයන් යැ” යි පැවසී ය.
15
ඉන්පසු මා ඇමතූ දේව දූතයා, “වේශ්‍යාව හිඳ සිටිනු ඔබ දුටු ජලය, ජනතාවන් ද ජන සමූහයන් ද ජාතීන් ද භාෂාවන් ද වේ.
16
ඔබ දුටු අං දහය හා මෘගයා, වේශ්‍යාවට වෛර බඳිනු ඇත. ඔවුන් ඇය පාළුවට යවා, ඇය නිරුවත් කර, ඇගේ මාංස කා දමා, ගින්නෙන් ඇය දවා දමනු ඇත.
17
මන්ද දෙවියන්වහන්සේගේ වචන සම්පූර්ණ වන තුරු තම අරමුණ ක්‍රියාවට නැංවීම උදෙසා, එක සිතින් තමන්ගේ රාජ්‍ය බලය මෘගයාට පැවරීමට ඔවුන්ගේ හදවත් තුළ තැබුවේ දෙවියන්වහන්සේ ය.
18
ඔබ දුටු ස්ත්‍රිය, පොළොවේ රජුන් කෙරේ ආධිපත්‍යය දරන මහ පුරවරයැ” යි පැවසී ය.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22