bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Revelation 8
Revelation 8
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 9 →
1
බැටළු පැටවාණන් හත්වන මුද්‍රාව කැඩූ කල, අඩ පැයකට පමණ ස්වර්ගයේ නිහැඬියාවක් විය.
2
දෙවියන්වහන්සේ ඉදිරිපිට සිටගෙන සිටි දේව දූතයින් හත්දෙනා ඉන්පසු මම දුටිමි. ඔවුනට හොරණෑ හතක් දෙන ලදී.
3
රන් දුම් බඳුනක් රැගත් වෙනත් දේව දූතයෙක් අවුත්, පූජාසනය ළඟ සිට ගත්තේ ය. සිංහාසනය ඉදිරිපිට රන් පූජාසනය මත, සියලු ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස, සුවඳ ද්‍රව්‍ය බොහොමයක් ඔහුට දෙන ලදී.
4
ඒ සුවඳ ද්‍රව්‍යයන්හි දුම, ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයා අතින් දෙවියන්වහන්සේ අබියසට නැංගේ ය.
5
ඒ දේව දූතයා දුම් බඳුන ගෙන, පූජාසනයේ ගින්නෙන් එය පුරවා, එය පොළොව පිට හෙළී ය. එවිට මේඝ ගර්ජනා ද ශබ්ද රාව ද විදුලි අකුණු ධාරා ද භූමිකම්පාවක් ද ඇති විය.
6
එවිට හොරණෑ හත ඇතිව සිටි දේව දූතයින් හත්දෙනා ඒවා පිඹින්නට සූදානම් වූහ.
7
පළමු දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ලේ මිශ්‍ර ගල් වැස්සක් හා ගිනි හටගැනී, ඒවා පොළොව පිටට හෙළනු ලැබී ය. එයින්, පොළොවෙන් තුනෙන් එකක් දවා දැමිණ. ගස්වලින් තුනෙන් එකක් දවා දැමිණ. අමු තණකොළ සියල්ල ද දවා දැමිණ.
8
දෙවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ගිනි ඇවිළෙන යෝධ කන්දක් වැනි යමක් මුහුදට හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් එකක් ලෙයට හැරිණ.
9
මුහුදෙහි පණ ඇති සතුන්ගෙන් තුනෙන් එකක් මළහ. නැව්වලින් තුනෙන් එකක් විනාශ කෙරිණ.
10
තුන් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට මහත් තරුවක් ගිනි හුළක් සේ ඇවිළෙමින්, ගංගාවල තුනෙන් එකක් පිට ද දිය උල්පත් පිට ද අහසේ සිට කඩා වැටිණ.
11
ඒ තරුවේ නම තික්ත ය. ජලයෙන් තුනෙන් එකක් ඉන් තිත්ත විණි. තිත්තව තිබූ ඒ ජලයෙන් බොහෝ දෙනා මළහ.
12
සිවුවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් එකකට ද සඳුගෙන් තුනෙන් එකකට ද තරුවලින් තුනෙන් එකකට ද පහර දෙනු ලැබී ය. එසේ වූයේ ඒවායින් තුනෙන් එකක් අඳුරු වන පිණිසත්, දහවලෙන් තුනෙන් එකක් නො බබළන පිණිස හා රැයෙන් තුනෙන් එකකට එයම වන පිණිසත් ය.
13
මා බලා සිටියදී ඉහළ අහසේ පියාසර කරමින් සිටි රාජාලියකු උස් හඬින් මෙසේ මොර ගසනු මට ඇසිණි. “දේව දූතයින් තුන්දෙනා පිඹින්නට යන අනෙක් හොරණෑ නාද නිසා, මිහි පිට වාසීනට දුක් වේ! දුක් වේ! දුක් වේ!”
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22