bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Revelation 21
Revelation 21
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 22 →
1
ඉන්පසු අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මම දුටිමි. මන්ද පළමු අහසත්, පළමු පොළොවත් පහ වී ගොසිනි; මුහුද තවත් නො වීය.
2
තම ස්වාමි පුරුෂයාණන් උදෙසා සරසවන ලදුව, මනාලියක සේ සූදානම් කරන ලද ශුද්ධ පුරවරය වන අලුත් යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මම දුටිමි.
3
එවිට සිංහාසනය වෙතින් මෙසේ කියන උස් කටහඬක් මට ඇසිණි. “මෙන්න! දෙවියන්වහන්සේගේ වාසස්ථානය මිනිසුන් සමඟයි. උන්වහන්සේ ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුන් උන්වහන්සේගේ ජනයා වනු ඇත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ ලෙස දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිටිනවා ඇත.
4
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් කඳුළු හැම පිසදාලනු ඇත. මින් මතු මරණයක් නැත; ශෝක වීමක්, හැඬීමක්, වේදනාවක් ද මින් මතු නැත. මන්ද පළමු දෑ පහව ගොසිණි.”
5
සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේ කතා කරමින්, “මෙන්න! මම හැම දෙයක්ම අලුත් කරන්නෙමි” යි පැවසූ සේක; තවද උන්වහන්සේ, “මෙය ලියන්න, මන්ද මේ වචන විශ්වාසනීය ය; සත්‍ය යැ” යි කී සේක.
6
උන්වහන්සේ මා ඇමතූ සේක්, “ඒවා නිම කෙරිණ. මම අල්ෆා සහ ඔමෙගා වෙමි; ආරම්භය හා අවසානය වෙමි. පිපාසිතයාට මම ජීවන දිය උල්පතින් නොමිලයේ බොන්නට දෙන්නෙමි.
7
ජයගන්නාට මේ උරුමය ලැබේ. මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුතණුවන් වනු ඇත.
8
එහෙත් බියසුල්ලන්, අවිශ්වාසිකයින්, පිළිකුල්කම් කරන්නන්, මිනීමරුවන්, ලිංගික අපචාරීන්, මන්තර ගුරුකම්කරුවන්, පිළිම රූප වඳින්නන් හා සියලු බොරුකරුවන් යන අයට හිමි තැන, ඇවිළෙන ගෙන්දගමින් යුත් ගිනි විලයි. එය දෙවන මරණය යැ” යි පැවසූ සේක.
9
ඉන්පසු අවසාන වසංගත හතෙන් පිරි පාත්‍ර හත දැරූ දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් මා වෙත අවුත්, “එන්න; බැටළු පැටවාණන්ගේ භාර්යාව වන මනාලිය මම ඔබට පෙන්වන්නෙමි” යි මට කීවේ ය.
10
ඔහු මහ උස කන්දක් වෙත ආත්මයාණන් තුළ මා ගෙන ගොස්, ශුද්ධ පුරවරය වන යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වීය.
11
දෙවියන්වහන්සේගේ තේජසින් හෙබි එහි කාන්තිය ඉතා දුර්ලභ මැණිකක් සේ, පළිඟු මෙන් දිළිසෙන සූර්යකාන්තයක් සේ විය.
12
එහි උස්වූ මහා ප්රාකාරයක් විය. එය දේව දූතයින් දොළොස් දෙනකුගෙන් යුත් දොරටු දොළොසකින් සමන්විත විය. ඉශ්රායෙල් පුත්‍රයින්ගේ දොළොස් ගෝත්‍රවල නාම ඒ දොරටු මත කොටා තිබිණි.
13
නැගෙනහිරින් දොරටු තුනක් ද උතුරින් දොරටු තුනක් ද දකුණින් දොරටු තුනක් හා බස්නාහිරින් දොරටු තුනක් ද විය.
14
පුර පවුරට අත්තිවාරම් දොළොසකි; ඒ මත බැටළු පැටවාණන්ගේ දොළොස් අපෝස්තුලුවරුන්ගේ නාම දොළොස විය.
15
මා හා කතා කළ දේව දූතයාට පුරවරයත්, පුර දොරටු හා පුර පවුරත් මනින පිණිස රන් මිනුම් දණ්ඩක් තිබිණි.
16
පුරවරය සම චතුරශ්‍රයකි. එහි දිග හා පළල එක සමාන ය. ඔහු මිනුම් දණ්ඩෙන් පුරවරය මැන්නේ ය, එය පර්ලොං දොළොස් දහසකි. එය දිගින්, පළලින් හා උසින් එක සමාන ය.
17
ඔහු නගර පවුර මැන්නේ ය. මිනිස් මිම්මෙන් මෙන්ම දේව දූත මිම්මෙන් එය එකසිය හතළිස්හතර රියනකි.
18
පුර පවුර සූර්යකාන්ත මැණිකෙන් සැදුම් ලද අතර, පුරවරය වීදුරු මෙන් පැහැදිලි පවිත්‍ර රනින් ය.
19
පුර පවුරු අත්තිවාරම් හැම වර්ගයකම අගනා මැණික් ගලින් සරසා තිබිණි. පළමුවැන්න සූර්යකාන්තියෙනි; දෙවැන්න ඉන්ද්‍රනීලයෙනි. තෙවැන්න අගස්තියෙනි. සිවුවැන්න මරකතයෙනි.
20
පස්වැන්න නඛමිණෙනි. සවැන්න ලෝහිතංකයෙනි. සත්වැන්න රන් කාන්තියෙනි. අටවැන්න වෛදූර්යයෙනි. නවවැන්න පුෂ්පරාගයෙනි. දසවැන්න ගෝමේදයෙනි. එකොළොස්වැන්න පද්මරාගයෙනි. දොළොස්වැන්න අඹතේස්තයෙනි.
21
පුර දොරටු දොළොස, මුතු දොළොසකි. හැම දොරටුවක්ම තනි මුතුවකින් නිමවා තිබිණි. පුර වීදිය විනිවිද පෙනෙන වීදුරු වැනි පවිත්‍ර රනින් යුතු විණි.
22
පුරවරය තුළ දේව මාලිගයක් මා දැක්කේ නැත. මන්ද සියලු බලැති දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ හා බැටළු පැටවාණෝම එහි දේව මාලිගය ය.
23
හිරු හෝ සඳු හෝ බැබළීම ඒ පුරවරයට වුවමනා නො වේ. මන්ද දෙවියන්වහන්සේගේ තේජස ඊට ආලෝකය දෙයි; එහි පහන බැටළු පැටවාණෝ ය.
24
ජාතීන් එහි එළියෙහි ඇවිදිනු ඇත. පොළොවේ රජුන් ඔවුන්ගේ යසස එහි ගෙනෙනු ඇත.
25
එහි දොරටු දහවලේ කිසි දින වසනු නො ලැබේ. මන්ද එහි රාත්‍රියක් නැත.
26
ජාතීන්ගේ තේජසත්, ගෞරවයත් එතුළට ගෙනෙනු ලැබේ.
27
අපවිත්‍ර වූ කිසිවක් කිසි කල එහි ඇතුළු වන්නේ නැත. පිළිකුල් වූ, ව්‍යාජ වූ දෑ කරන කිසිවකු එහි ඇතුළු වන්නේ නැත. ඇතුළු වන්නේ, බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියවුණු ඇත්තන් පමණකි.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22