bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Revelation 7
Revelation 7
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 8 →
1
මින් පසුව, පොළොවේ හතර කොනේ සිටගෙන සිටි දේව දූතයින් හතර දෙනකු, ගොඩබිමට හෝ මුහුදට හෝ කිසි ගසකට හෝ නො වදින ලෙස පොළොවේ හතර සුළඟ අල්ලා, නවතාගෙන සිටිනු මම දුටුවෙමි.
2
එවිට තවත් දේව දූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, හිරු නැගෙන දෙසින් නැගී එනු දුටුවෙමි. ඔහු උස් හඬ නගා, ගොඩබිමටත්, මුහුදටත් හානි කරන්නට බලය ලැබ සිටි දේව දූතයින් හතරදෙනා අමතමින්,
3
“අපගේ දෙවියන්වහන්සේගේ දාසයින්ගේ නළල්වල මුද්‍රාවක් තබන තුරු, ගොඩබිමටවත්, මුහුදටවත්, ගස්වලටවත් හානි නො කරන්නැ” යි කීවේ ය.
4
එසේ මුද්‍රා තබනු ලැබූවන්ගේ ගණන මට ඇසිණි. ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර සියල්ලෙන් මුද්‍රා තබනු ලැබූවන්ගේ ගණන එක්ලක්ෂ හතළිස්හතර දහසකි.
5
යූදා ගෝත්‍රයෙන් 12,000ක් මුද්‍රා තබන ලදහ. රූබන් ගෝත්‍රයෙන් 12,000, ගාද් ගෝත්‍රයෙන් 12,000,
6
අෂේර් ගෝත්‍රයෙන් 12,000, නප්තලී ගෝත්‍රයෙන් 12,000, මනස්සේ ගෝත්‍රයෙන් 12,000,
7
සිමියොන් ගෝත්‍රයෙන් 12,000, ලෙවී ගෝත්‍රයෙන් 12,000, ඉස්සාකර් ගෝත්‍රයෙන් 12,000,
8
සාබුලොන් ගෝත්‍රයෙන් 12,000, යෝසෙප් ගෝත්‍රයෙන් 12,000, බෙන්ජමින් ගෝත්‍රයෙන් 12,000ක් මුද්‍රා තබන ලදහ.
9
මෙයින් පසු මම බැලීමි; මෙන්න! එවිට අති විශාල ජන සමූහයක්; කිසිවකුටත් ගණන් කරන්නට බැරි තරමේ හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම ජනතාවකට හා හැම භාෂාවකටම අයත් වූ ඔවුහු, සුදු ලෝගු හැඳ, ඉඳි අතු අතැතිව සිංහාසනය හා බැටළු පැටවාණන් ඉදිරියේ සිටගෙන වුන්හ.
10
ඔවුහු උස් හඬ නගා මොර ගැසුවෝ ය: “ගැලවීම අයිති සිංහාසනයේ හිඳින, අපගේ දෙවියන්වහන්සේටත්, බැටළු පැටවාණන්ටත් ය.”
11
දේව දූත සියල්ලෝ, සිංහාසනය වටාත්, වැඩිමහල්ලන් හා ජීවමාන සත්වයන් හතරදෙනා වටාත් සිටගෙන වුන්හ. ඔවුහු සිංහාසනය අබියස මුහුණින් වැඳ වැටී, දෙවියන්වහන්සේට නමස්කාර කරමින්,
12
මෙසේ කීහ: “ආමෙන්! ප්‍රශංසාව හා මහිමයත්, ප්‍රඥාව හා ස්තූතියත්, ගෞරවයත්, බලය හා පරාක්‍රමයත්, සදහට ම, සදාතනිකව ම අපේ දෙවියන්වහන්සේටම වේවා. ආමෙන්!”
13
එවිට වැඩිමහල්ලන්ගෙන් කෙනෙක් මා අමතමින්, “මේ සුදු ලෝගු හැඳ සිටින අය කවුරු ද? ඔවුන් ආවේ කොහේ සිට දැ?” යි ඇසී ය.
14
මම ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ එය දනියි, මාගේ ස්වාමිනි” යි කීවෙමි. එවිට ඔහු, “මහා පීඩාව මැදින් එන්නෝ මොවුහුයි. ඔවුන් තම සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගෙන ඇත.
15
එබැවින්, “ඔවුහු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ, දිවා රැයේ උන්වහන්සේට, උන්වහන්සේගේ මාලිගයේ මෙහෙ කරති. සිංහාසන මත හිඳිනා තැනැන්වහන්සේ ස්වකීය අභිමුඛය, ඔවුනට ඉහළින් සෙවණක් කරන සේක.
16
‘ඔවුන්ට තවත් කුසගිනි වන්නේ නැත; පිපාස වන්නේ ද නැත. හිරු කිරණ හෝ දැවෙන ගිනියමක්,’ ඔවුන්ට පහර දෙන්නේ නැත.
17
මන්ද සිංහාසනය මැද සිටින බැටළු පැටවාණෝ, ඔවුනගේ එඬේරාණන් වන්නේ ය; ‘උන්වහන්සේ ජීවන දිය උල්පත් වෙත ඔවුනට මඟ පෙන්වන්නාහ.’ ‘දෙවියන්වහන්සේම ඔවුනගේ ඇස්වල කඳුළු හැම පිසදමන්නාහ’ යි” පැවසී ය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22