bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Revelation 19
Revelation 19
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 20 →
1
මින් අනතුරුව ස්වර්ගයෙහි මහත් ජන සමූහයකගේ බඳු උස් කටහඬකින් මොර ගසා කියනු මට ඇසිණි: “හාලේලූයා! ගැලවීම, තේජස හා බලය අයිති අප දෙවියන්වහන්සේට ය,
2
මන්ද උන්වහන්සේගේ විනිශ්චයන් සත්‍යය ය; සාධාරණ ය. මන්ද තම අපචාරවලින් පොළොව දූෂ්‍ය කළ මහා වේශ්‍යාවට, උන්වහන්සේ දඬුවම් කළ සේක. උන්වහන්සේ ස්වකීය සේවකයින්ගේ ලේ ගැන ඇයට විපාක දුන් සේක.”
3
ඔවුහු නැවතත් මොරහඬ නඟමින්: “හාලේලූයා! ඇගේ දුම සදහටම-සදාතනිකව නැගෙතැ” යි කීහ.
4
වැඩිමහල්ලන් විසිහතර දෙනා හා ජීවමාන සත්වයින් සතර දෙනා, “ආමෙන්! හාලේලූයා!” කියමින්, සිංහාසනයේ හිඳ හුන් දෙවියන්වහන්සේට වැඳ වැටී, නමස්කාර කළහ.
5
එවිට සිංහාසනයෙන් පැමිණි කටහඬක් මෙසේ පැවසී ය: “අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ සියලු සේවකයිනි, උන්වහන්සේට බය, ලොකු කුඩා සියල්ලෙනි,”
6
ඉන්පසු මහා ජන සමූහයකගේ ද හඬ බඳු වූ, බොහෝ ජල ඝෝෂාවක හා ගිගුරුම් හෙණ හඬක් වැනි කටහඬකින් මෙසේ මොර ගසනු මට ඇසිණි: “හාලේලූයා! මන්ද සියලු බලැති අප දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රජකම් කරන සේක.
7
අපි ප්‍රීති වෙමු; ප්‍රමෝද වෙමු. උන්වහන්සේට මහිමය දෙමු. මන්ද බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය පැමිණිලා, එතුමන්ගේ මනාලී තමාම සැරසී සිටින්නී ය.
8
ඇයට හැඳ ගැනීමට, දීප්තිමත්, පවිත්‍ර, සිහින් හණ පිළි දෙනු ලැබිණි.” (එම සිහින් හණ පිළි ශුද්ධවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ය.)
9
එවිට මා ඇමතූ දේව දූතයා, “ ‘බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයේ භෝජනයට ඇරියුම් ලද්දෝ භාග්‍යවත් ය’ කියා ලියන්නැ” යි පැවසී ය. “මේවා දෙවියන්වහන්සේගේ සත්‍ය වචනයැ” යි ද ඔහු පැවසී ය.
10
එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.
11
ඉන්පසු මා දුටුවේ ස්වර්ගය විවරව තිබෙනු ය; එවිට මෙන්න, සුදු අශ්වයෙක් සිටියේ ය. ඌ පිට හිඳ සිටි තැනැත්තාණන්, “විශ්වාසනීය ය, සත්‍ය ය” යනුවෙන් හඳුන්වනු ලැබිණි. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක.
12
උන්වහන්සේගේ ඇස් ඇවිළෙන ගිනිසිළු වැන්න. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබිණි. උන්වහන්සේ මිස අන් කවරකුත් නො දන්න, ලියා ඇති නමක් උන්වහන්සේට තිබිණි.
13
ලෙයින් පෙඟුණු ලෝගුවක් හඳවනු ලැබ සිටි උන්වහන්සේ හැඳින්වූයේ දෙවියන්වහන්සේගේ වචනය යන නාමයෙනි.
14
පවිත්‍ර, සුදු සිහින් හණ පිළියෙන් සැරසුණු ස්වර්ගීය හමුදාවෝ සුදු අසුන් පිට නැගී උන්වහන්සේ අනුව ගියෝ ය.
15
ජාතීන්ට පහර දෙන තියුණු කඩුවක් උන්වහන්සේගේ මුවින් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරන්නාහ. උන්වහන්සේ සියලු බලැති දෙවියන්වහන්සේගේ උදහසේ භයංකරත්වයේ මිදි යන්ත්‍රයේ මිදි මඩින්නාහ.
16
උන්වහන්සේගේ ලෝගුවෙහි හා කළවයෙහි, මෙසේ ලියා තිබිණි: රජවරුන්ගේ රජ්ජුරුවෝ ය; ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය.
17
ඉන්පසු, හිරු මත සිටගෙන සිටිනු මා දුටු දේව දූතයා, අහස මැද පියාසර කරන සියලු පක්ෂීනට උස් හඬින් මොර ගසමින්, “වරෙල්ලා; දෙවියන්වහන්සේගේ මහා භෝජනයට රැස් වෙයල්ලා.
18
එවිට නුඹලාට රජුන්ගේ මස් ද හමුදාපතීන්ගේ මස් ද බලවතුන්ගේ මස් ද අශ්වයින්ගේ හා අසරුවන්ගේ මස් ද වහල්, නිවහල්, ලොකු, කුඩා යන සියලු මිනිසුන්ගේ මස් ද කන්නට හැකි යැ” යි කීවේ ය.
19
එවිට අශ්වයා පිට හුන් තැනැත්තාණන්ටත්, උන්වහන්සේගේ සේනාවටත් එරෙහිව යුද්ධ කරන්නට මෘගයා ද පොළොවේ රජුන් ද ඔවුන්ගේ හමුදාවන් ද රැස්ව සිටිනු දුටිමි.
20
එහෙත් මෘගයා අල්ලා ගනු ලැබිණ. තවද මෘගයාගේ සලකුණ ලැබූ හා උගේ පිළිරුවට නමස්කාර කළවුන් රවටමින් මෘගයා ඉදිරියේ ඌ වෙනුවෙන් හාස්කම් ලකුණු පෑ බොරු දිවැසිවරයා ද අල්ලා ගනු ලැබිණි. ඔවුහු දෙදෙනා පණ පිටින්ම ඇවිළෙන ගෙන්දගමින් යුතු නිරාගිනි විලට හෙළනු ලැබූහ.
21
සෙසු අය, අසු පිට හිඳ හුන් තැනැත්තාණන්ගේ මුවින් නික්මුණු කඩුවෙන් මරනු ලැබූහ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංස, ගිජු ලෙස ගිල දැමූහ.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22