bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Chronicles 11
2 Chronicles 11
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 12 →
1
රෙහොබෝවම් ජෙරුසලමට පැමිණ, තමාට රාජ්‍යය නැවත ලබාගන්න ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස, ජුදා වංශයෙන් ද බෙන්ජමින් වංශයෙන් ද වන තෝරාගත් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.
2
එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ ෂෙමායා වෙත පැමිණ,
3
“නුඹ සලමොන්ගේ පුත් ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, ජුදාහි සහ බෙන්ජමින්හි සියලු ඉශ්රායෙල්වරුන්ටත් කතා කොට,
4
‘නුඹලා නොයන්න. නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධ ව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මන්ද, මේ කාරණා පැමිණියේ මාගෙන් ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේක’ කියා දන්වන්නැ”යි කී ය. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේගේ වචනවලට ඇහුම්කන් දී, ජෙරොබෝවම්ට විරුද්ධ ව නොගොස් හැරී ආවෝ ය.
5
රෙහොබෝවම් ජෙරුසලමෙහි වාසය කරමින් ආරක්ෂාව පිණිස ජුදාහි නගර ගොඩනැඟුවේ ය.
6
මේ නගර නම්, බෙත්ලෙහෙම්, ඒතාම්, තෙකෝවා;
7
බෙත්-ශූර්, ශෝකෝ, අදුල්ලාම්;
8
ගාත්, මාරේෂා, ශීප්;
9
අදොරයිම්, ලාකීෂ්, අශේකා;
10
ශොරා, අයාලෝන් සහ හෙබ්‍රොන් වේ. ජුදාහි ද බෙන්ජමින්හි ද තිබෙන නගරවලට බලකොටු තැනී ය.
11
ඔහු මේ බලකොටු සවි කර, ඒවායේ අධිපතීන් සිටුවා, ඒවායේ ආහාර සහ තෙල් ද මුද්‍රික පානය ද රැස් කොට තැබී ය.
12
යළිත් හෙතෙම එක එක නගරයෙහි පලිස් සහ හෙල්ල තැබී ය. ඔහු ඒවා ඉතා බලවත් ලෙස ශක්තිමත් කෙළේ ය. එසේ කෙළේ, ජුදා සහ බෙන්ජමින් පෙදෙස්වල සෙනඟ මෙල්ල කරන පිණිස ය.
13
සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටි පූජකවරු ද ලෙවීවරු ද තමන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙත ආවෝ ය.
14
මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි.
15
තවද, ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවලටත්, එළු රූප හා ගව රූප වන දේවතාවන්ටත් පූජකයන් පත් කරගත්තේ ය.
16
ලෙවීවරුන්ට පසු, සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉශ්‍රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට තමන් සිත් යොමු කරගත් අය තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ජෙරුසලමට ආවෝ ය.
17
මෙසේ ඔව්හු ජුදා රාජ්‍යය ශක්තිමත් කොට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට තුන් අවුරුද්දක් සහාය දුන්හ. මන්ද, ඔවුන් තුන් අවුරුද්දක් ම දාවිත්ගේ ද සලමොන්ගේ ද මාර්ගයෙහි ගමන් කළ බැවිනි.
18
තවද, රෙහොබෝවම් දාවිත්ගේ පුත් ජෙරිමොත්ගේ ද ජෙස්සේගේ පුත් එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේ ද දුව වන මහලත් භාර්යාව කොට පාවාගත්තේ ය.
19
ඈ ජෙවුෂ් ද ෂෙමරියා ද සාහම් ද යන පුත්‍රයන් ඔහුගෙන් ලැබුවා ය.
20
ඈට පසු ව ඔහු අබ්සලොම්ගේ දූ වන මයකා පාවාගත්තේ ය. ඈ අබියා ද අත්තයි ද සීසා ද ෂෙලොමිත් ද ඔහුගෙන් ලැබුවා ය.
21
රෙහොබෝවම් තමාගේ සියලු භාර්යාවන්ටත්, උපභාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූ වන මයකාට ප්‍රේම කෙළේ ය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත්, උපභාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිඅටදෙනෙක් ද දූවරු හැටදෙනෙක් ද ඔහුට උපන්නෝ ය.
22
රෙහොබෝවම් වනාහි මයකාගේ පුත් අබියා රජකමට පත් කරන්නට සිතාගෙන ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත් කෙළේ ය.
23
ඔහු සිහි නුවණින් හැසිර තමාගේ සියලු පුත්‍රයන්ට වගකීම් පවරා දී ඔවුන්ගෙන් කීප දෙනෙකු ජුදාහිත්, බෙන්ජමින්හිත් පළාත් මුළුල්ලෙහි සියලු බලකොටු නගරවලට බෙදා යැවී ය. තවද, බොහෝ සෙයින් ඔවුන්ට ආහාර සපයා දුන්නේ ය. ඔවුන්ට බොහෝ භාර්යාවන් ද සොයා දුන්නේ ය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36