bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Chronicles 32
2 Chronicles 32
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 33 →
1
මේ කාරණාවලටත්, මේ සේවයටත් පසු ව, අසිරියාවේ රජ වන සෙනකෙරීබ් අවුත්, ජුදා දේශයට ඇතුළු ව, පවුරු ඇති නගර අල්ලාගන්න සිතා ඒවාට විරුද්ධ ව කඳවුරු බැන්දේ ය.
2
සෙනකෙරීබ් පැමිණ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන්න යන බව හෙසකියා දැක,
3
නගරයට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්න තමාගේ අධිපතීන් ද බලවන්තයන් ද සමඟ මන්ත්‍රණය කරගත්තේ ය. ඔහුගේ යුද්ධ මණ්ඩලය ද ඔහුට උපකාර කෙළේ ය.
4
මෙසේ විශාල සෙනඟක් රැස් ව කතා කොට, “අසිරියාවේ රජවරුන් පැමිණි විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්න ඉඩ තබන්නේ කුමට දැ”යි කියා සියලු උල්පත් ද දේශය මැදින් ගලා යන ඔය ද නැවැත්තූ හ.
5
හෙසකියා ධෛර්යය වඩා, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැඟුවේ ය. පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනඟා, දාවිත්ගේ නුවරට තිබුණු මිටියාවතෙහි ආරක්ෂා සංවිධාන මිල්ලෝ සවිකර බොහෝ ආයුධ හා පලිස් සෑදුවේ ය.
6
ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත් කොට, නුවර දොරකඩ එළිමහන් තැන ඔවුන් රැස්කර, ඔවුන්ට මිත්‍ර ලීලාවෙන් කතා කොට,
7
“අසිරියාවේ රජුට වත්, ඔහු සමඟ සිටින මුළු සමූහයට වත් බිය නොවී, නොකැළඹී, බලවත් ව, ධෛර්යවත් ව සිටින්න. මන්ද, ඔහු සමඟ සිටින තැනැත්තාට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේ ය.
8
ඔහුට ඇත්තේ මනුෂ්‍ය බලයකි, එහෙත්, අපට පිහිට වී, අපේ යුද්ධ කරන පිණිස අප සමඟ වැඩ සිටින්නේ, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය”යි කීවේ ය. සෙනඟ ජුදාහි රජ වන හෙසකියාගේ වචනය විශ්වාස කළහ.
9
මින්පසු අසිරියාවේ රජ වන සෙනකෙරීබ් තෙම තමාගේ මුළු සේනාව ඇති ව ලාකීෂ් ඉදිරිපිට සිටිය දී, ජෙරුසලමෙහි සිටි ජුදාහි රජ වන හෙසකියාටත්, ජෙරුසලමෙහි සිටි සියලු ජුදාවරුන්ටත් තමාගේ සේවකයන් අත මෙසේ කියා යැවී ය:
10
“අසිරියාවේ රජ වන සෙනකෙරීබ් මෙසේ කියන්නේ ය: ඔබ ජෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාස කරගෙන ද?
11
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ අතින් අප ගළවාගන්න සේකැ යි කියමින්, හෙසකියා ඔබ හැම පොළඹවන්නේ සාපිපාසයෙන් මැරෙන්න ඔබ සියල්ලන් භාර දෙන පිණිස නොවේ ද?
12
ගිරිකුළු දේවාල ද පහකොට, ඔබ එක ම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාර කරන්නටත්, ඒ පිට සුවඳ දුම් ඔප්පු කරන්නත් ඕනෑ ය කියා ජුදාටත්, ජෙරුසලමටත් අණ කෙළේ මේ හෙසකියා නොවේ ද?
13
මා සහ මාගේ පියවරුන් අන් දේශවල සියලු ජනයන්ට කළ දේ ඔබ දන්නේ නැද් ද? අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින් වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්න පුළුවන් වූයේ ද?
14
මාගේ අතින් ඔබ හැම ගළවන්න ඔබේ දෙවියන්ට පුළුවන් වන ලෙස, මාගේ පියවරුන් වනසා ලූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්න පුළුවන් වූයේ කාට ද?
15
එබැවින් ඔබ රවටන්න වත්, මෙලෙස ඔබ පොළඹවන්න වත් හෙසකියාට ඉඩ නොදෙන්න. ඔහු විශ්වාස නොකරන්න. මන්ද, කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවි කෙනෙකුට වත් තමාගේ සෙනඟ මාගේ අතින් වත්, මාගේ පියවරුන්ගේ අතින් වත් ගළවාගන්න පුළුවන් නො වී ය. එසේ නම්, ඔබේ දෙවියන් වහන්සේ ඔබ හැම මාගේ අතින් ගළවන්නේ කෙසේ දැ”යි කීවේ ය.
16
ඔහුගේ නිලධාරීහු දෙවි සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ මෙහෙකරු වන හෙසකියාටත් විරුද්ධ ව තවදුරටත් කතා කළෝ ය.
17
“තවද, අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමන්ගේ සෙනඟ මා අතින් නොගැළවූ ලෙස හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත” කියා ඉශ්‍රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට නින්දාකර, උන් වහන්සේට විරුද්ධ ව කතා කරන පිණිස සෙනකෙරීබ් ලියුම් එවුවේ ය.
18
ඔව්හු නගරය අල්ලාගන්න පිණිස, පවුර පිට සිටි ජෙරුසලමේ සෙනඟ බයගන්වන්නත්, ඔවුන් කළඹන්නත් ජුදෙව් භාෂාවෙන් මහා හඬකින් මොරගසා,
19
මනුෂ්‍ය අතින් සාදා නිම කරන ලද මිහි පිට ජනයන්ගේ දෙවිවරුන් ගැන කතා කරන පරිදි, ජෙරුසලමේ දෙවියන් වහන්සේ ගැන කතා කළෝ ය.
20
ඒ නිසා හෙසකියා රජ ද ආමොස්ගේ පුත් දිවැසිවරයා වන යෙසායා ද යාච්ඤා කොට ස්වර්ගයට මොරගැසූ හ.
21
එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය.
22
මෙසේ සමිඳාණන් වහන්සේ හෙසකියා ද ජෙරුසලමේ වැසියන් ද අසිරියාවේ රජු වූ සෙනකෙරීබ්ගේ අතින් ද අනික් සියල්ලන්ගේ අතින් ද ගළවා හැම අතින් ම ඔවුන් ආරක්ෂා කළ සේක.
23
එවිට බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේට පඬුරු ද ජුදාහි රජ වන හෙසකියාට අනර්ඝ දේ ද දෙන පිණිස ජෙරුසලමට ඒවා ගෙනාවෝ ය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.
24
ඒ කාලයේ දී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුර වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට සලකුණක් ඔහුට දුන් සේක.
25
එහෙත්, හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට කෘතඥ නොවී සිතින් උඩඟු විය. ඒ නිසා ඔහු පිට ද ජුදා සහ ජෙරුසලම පිට ද උදහස පැමිණියේ ය.
26
එහෙත්, තම සිතේ උඩඟුකම ගැන හෙසකියා ද ජෙරුසලමේ වැසියන් ද යටත් වූ නිසා, හෙසකියාගේ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ උදහස නිසා උන් වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර පසු ව දඬුවම් කළ සේක.
27
හෙසකියා බොහෝ වස්තුව හා කීර්තිය භුක්ති වින්දේ ය. ඔහු රන් රිදීවලටත්, අනර්ඝ මැණික් ගල්වලටත්, සුවඳ ද්‍රව්‍යවලටත්, පලිස්වලටත්, සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩා ගෙවල් ද,
28
ධාන්‍යවල අස්වැන්නටත්, මුද්‍රික පානයටත්, තෙල්වලටත් ගබඩා ද, සියලු ආකාර ගවමහිෂයන්ට ගව මඩු ද, රැළවලට ගාල් ද සැදුවේ ය.
29
දෙවියන් වහන්සේ ඔහුට අතිශයින් ම සම්පත් දුන් නිසා ඔහු නගර ද බොහෝ එළු බැටළු ගව පට්ටි ද සපයා ගත්තේ ය.
30
මේ හෙසකියා රජ ගීහොන්හි වතුර ගලා එන ඉහළ උල්පත නවත්වා එය දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැස එන්න සැලැස්සුවේ ය. හෙසකියා තමාගේ සියලු වැඩවල දී සමෘද්ධිමත් විය.
31
එසේ වුවත්, දේශයෙහි සිද්ධ වූ ආශ්චර්යය ගැන විභාග කරන්න බබිලෝනියේ අධිපතීන් ඔහු ළඟට තානාපතීන් එවූ කල, ඔහුගේ සිතුම් පැතුම් සියල්ල දැන ගන්න පිණිස දෙවියන් වහන්සේ ඔහු සෝදිසි කිරීමට පමණක් ඔහු අත්හැරිය සේක.
32
හෙසකියාගේ අනික් ක්‍රියා ද ඔහුගේ භක්තිමත් කෘත්‍යයන් ද ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයාගේ දර්ශන පොතෙහි ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ද ලියා තිබේ.
33
හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 33 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36