bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Chronicles 17
2 Chronicles 17
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 18 →
1
ආසාගේ පුත් ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව තමාගේ බලය තහවුරු කරගත්තේ ය.
2
ඔහු ජුදා රටේ සියලු බලකොටු නගරවල හමුදාවන් සිටුවා, ජුදා දේශයෙහි ද තමාගේ පිය වූ ආසා අල්ලාගත් එප්‍රායිම් නගරවල ද මුර සේනාවන් සිටෙව්වේ ය.
3
සමිඳාණන් වහන්සේ ජෙහෝෂාපාට් සමඟ වැඩ සිටි සේක. මන්ද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ මුල් කාලයේ ආදර්ශ අනුව හැසිර, බාල් දේවතාවුන්ට වැඳුම්පිදුම් නොකර,
4
තම පියාගේ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ ක්‍රියා අනුව නොව, උන් වහන්සේගේ ආඥා අනුව හැසුරුණේ ය.
5
එබැවින් සමිඳාණන් වහන්සේ ඔහු යටතේ රාජ්‍යය ස්ථිර කළ සේක. සියලු ජුදාවරු ජෙහෝෂාපාට්ට තෑගි ගෙනාහ. වස්තුව ද ගෞරවය ද ඔහුට බොහෝ සෙයින් තිබිණි.
6
ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය.
7
තවද, ඔහු තමා රජකම් කළ තුන් වන අවුරුද්දේ දී ජුදා නගරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්හයිල් ද ඔබදියා ද ශෙකරියා ද නෙතනේල් ද මීකායා ද
8
ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා ද නෙතනියා ද ශෙබදියා ද අසාහෙල් ද ෂෙමිරාමොත් ද ජෙහොනාතාන් ද අදොනියා ද ටෝබියා ද ටෝබ්-අදොනියා ද ඔවුන් සමඟ පූජකවරුන් වූ එලීෂාමා ද ජෙහෝරාම් ද යැවී ය.
9
ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය.
10
සමිඳාණන් වහන්සේ ජුදා රට අවට දේශවල සියලු රාජ්‍යයන් භීතියට පත් කළ නිසා, ඔව්හු ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධ නොකළෝ ය.
11
පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් ජෙහෝෂාපාට්ට තෑගි ද රිදී ද කප්පම් පිණිස ගෙනාවෝ ය. අරාබිවරු ද බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් ද යන සිවුපාවුන් ගෙනාවෝ ය.
12
ජෙහෝෂාපාට් අතිශයින් උතුම් ව ජුදාහි බලකොටු ද ගබඩා-නගර ද ගොඩනැඟුවේ ය.
13
ඔහුට ජුදා නගරවල බොහෝ බලකොටු තිබුණේ ය. යුද්ධයට බලවත්, වික්‍රමාන්විත මනුෂ්‍යයෝ ද ජෙරුසලමෙහි සිටියෝ ය.
14
ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේ ය: ජුදාවරුන් අතර සහශ්‍රාධිපතියෝ නම්, අධිපතියා වන අද්නා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝ ය.
15
ඊළඟට අධිපතියා වූ ජෙහෝහානාන් ය. ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂ අසූදාහක් සිටියෝ ය.
16
ඊළඟට සිටියේ, කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේගේ සේවයට බාර වූ ශික්රීගේ පුත් අමසියා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝ ය.
17
ඊළඟට සිටියේ බෙන්ජමින්වරුන් අතර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු වූ එල්යාදා ය. ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධ වූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝ ය.
18
ඊළඟට සිටියේ, ජෙහෝශාබාද් ය; යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදහසක් ඔහු සමඟ වූවෝ ය.
19
ඔව්හු රජුට මෙහෙ කළ අය වූ හ. ඔවුන් හැර රජු විසින් මුළු ජුදාහි බලකොටු නගරවල නවතනු ලැබූ අයත් රජුට මෙහෙ කළෝ ය.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36