bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Chronicles 36
2 Chronicles 36
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
1
එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන, ඔහුගේ පියා වෙනුවට ඔහු ජෙරුසලමෙහි රජකමට පත් කළෝ ය.
2
ජෙහෝවාහාස් විසිතුන් අවුරුදු වයසේ දී රජ වී, ජෙරුසලමෙහි තුන් මාසයක් රජකම් කෙළේ ය.
3
මිසරයේ රජ තෙමේ ජෙරුසලමේ දී ඔහු නෙරපා රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත්, දේශයට දඩගසා,
4
ඔහුගේ සහෝදර වූ එලියාකීම් ජුදාහි සහ ජෙරුසලමෙහි රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. තවද, නෙකෝ ඔහුගේ සහෝදර වූ ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය.
5
ජෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
6
බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධ ව පැමිණ, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේ ය.
7
සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙන ගොස් බබිලෝනියේ තම මාලිගාවෙහි තැබුවේ ය.
8
ජෙහෝයාකිම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ පිළිකුල් දේවල් ද ඔහුට විරුද්ධ ව දැනගත් කාරණා ද ඉශ්රායෙල් සහ ජුදා රජවරුන්ගේ පුරාවෘත්ත ග්රන්ථයෙහි වාර්තා කර තිබේ. ඔහුගේ පුත් ජෙහෝයාකීන් ඔහු වෙනුවට රජ විය.
9
ජෙහෝයාකීන් දහඅට අවුරුදු වයසේ දී රජකමට පත් වී තුන් මාසයකුත් දස දවසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
10
ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.
11
ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.
12
ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.
13
තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.
14
පූජකයන්ගේ සියලු ප්‍රධානීහු ද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා හැටියට බොහෝ සේ අපරාධ කරමින්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමෙහි විශුද්ධ කළ උන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝ ය.
15
ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟටත්, ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා, උන් වහන්සේ නැවත නැවත පණිවුඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක.
16
එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.
17
ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක.
18
ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.
19
ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව දවාදමා, ජෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ.
20
ඔහු කඩුපහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේ ය. පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔව්හු දාසයන් ව සිටියෝ ය.
21
මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.
22
එහෙත්, සමිඳාණන් වහන්සේ ජෙරමියාගේ මුඛයෙන් කියෙවූ වචනය සම්පූර්ණ වන පිණිස පාර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ පාර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත පෙළඹෙවූ සේක. ඔහු වනාහි ප්‍රකාශයක් කරමින්, “ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.
23
“තවද, උන් වහන්සේ ජුදාහි තිබෙන ජෙරුසලමෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණකර තිබේ. උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින්නේ කවරෙක් ද? ඔහු සමඟ ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ වැඩ සිටින සේක් වා! ඔහු එතැනට යේවා යි පාර්සියාවේ සයිරස් දන්වන්නේ ය” කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධ කොට ලියවිල්ලෙනුත් එය පතළ කරවී ය.
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36