bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Chronicles 23
2 Chronicles 23
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 24 →
1
සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා ධෛර්ය වඩා, ශතාධිපතීන් වන ජෙරෝහාම්ගේ පුත් අශරියා ද ජෙහෝහානාන්ගේ පුත් ඉෂ්මායෙල් ද ඕබෙද්ගේ පුත් අසරියා ද අදායාගේ පුත් මයසේයා ද ශික්රිගේ පුත් එලිෂාපාට් ද සමඟ ගිවිසුමක් කර ගත්තේ ය.
2
ඔව්හු ජුදා දේශයෙහි ඔබමොබ ගොස්, ජුදාහි සියලු නගරවලින් ලෙවීවරුන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද රැස් කරගෙන ජෙරුසලමට ආවෝ ය.
3
මුළු සභාව දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි රජු හා සමඟ ගිවිසුමක් කරගත්තා ය. ජෙහෝයාදා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජකමට පත් විය යුතු ය.
4
ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය.
5
තුනෙන් කොටසක් රජ ගෙයි ද තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවෙහි ද සිටිය යුතු ය. මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටිත්වා.
6
එහෙත්, පූජකයන් ද ලෙවීවරුන්ගෙන් සේවය කරන්නන් ද හැර වෙන කිසිවෙක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් නොවෙත්වා. ඔව්හු විශුද්ධ ව සිටින නිසා ඇතුළු වෙත්වා. එහෙත්, මුළු සෙනඟ සමිඳාණන් වහන්සේගේ නියමයන් පිළිපැද්ද යුතු ය.
7
ලෙවීවරුන් එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිය යුතු ය. දේව මාලිගාවට ඇතුළු වන කවුරුන් නමුත් මරනු ලැබිය යුතු ය. රජු ඇතුළු වන කල්හි ද පිටත යන කල්හි ද ඔබ හැම ඔහු සමඟ සිටින්නැ”යි කීවේ ය.
8
ලෙවීවරු ද සියලු ජුදාවරු ද ජෙහෝයාදා පූජකයා විසින් අණ කරනු ලැබූ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝ ය. මන්ද, ජෙහෝයාදා පූජකයා මුරකාවල් නිදහස් කර නොහැරියේ ය.
9
එවිට ජෙහෝයාදා පූජකයා දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල ද කුඩා පලිස් සහ මහ පලිස් ද ශතාධිපතීන්ට දී,
10
මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය.
11
ඉන්පසු ඔව්හු රජ කුමාරයා පිටතට ගෙනවුත්, ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත් කළෝ ය. ජෙහෝයාදා ද ඔහුගේ පුත්‍රයෝ ද ඔහු අභිෂේක කොට, “මහ රජ සැරදේවා” කියා හඬ නැඟුවහු ය.
12
සෙනඟ රජ වෙත දුවමින්, රාජ ප්රශස්ති ගී ගයන හඬ අතලියාට ඇසුණ විට, ඈ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය.
13
ඈ බැලූ විට ඇතුළු වන තැන රජ තෙම තම වේදිකාව උඩ සිටිනවාත්, රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටිනවාත් දැක, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත් ව හොරණෑ පිඹිණවාත්, ගී කියන්නන් ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන් ද ප්රශස්ති ගී ගයනවාත් අසා, කෝපයෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකම ය, ද්‍රෝහිකම ය” කියා කෑ ගැසුවා ය.
14
එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන් පිටතට ගෙනවුත්, ඔවුන්ට කතා කොට, “ඇය පේළි අතරෙන් පිටතට ගෙන එන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. “දේව මාලිගාවෙහි දී ඈ මරනු නොලබාවා”යි පූජකයා කියා තිබිණි.
15
ඔව්හු ඇය අත්අඩංගුවට ගත්හ; ඈ රජ ගෙදරට ගෙන ගියෝ ය. එහි දී අශ්ව දොරටුව ළඟ ඔව්හු ඈ මැරුවෝ ය.
16
සමිඳාණන් වහන්සේගේ සෙනඟ වී සිටින ලෙස ජෙහෝයාදා තමා සහ මුළු සෙනඟත්, රජුත් අතරේ ගිවිසුමක් කෙළේ ය.
17
මුළු සෙනඟ බාල් දෙවියාගේ ගෘහයට ගොස් එය කඩා දමා, ඔහුගේ පූජාසන ද ඔහුගේ පිළිම ද බිඳ දමා පූජාසන ඉදිරියෙහි බාල්ගේ පූජකයා වන මත්තන් මැරුවෝ ය.
18
තවද, දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතිය ද ගී ගැයීම ද ඇති ව, සමිඳාණන් වහන්සේගේ දවන යාග පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පු කිරීමට, ජෙහෝයාදා උන් වහන්සේගේ මාලිගාවේ මුර මෙහෙයවල් දාවිත් විසින් උන් වහන්සේගේ මාලිගාවේ සේවයට බෙදා නියම කරන ලද ලෙවීවරුන් වන පූජකයන් අතට බාර කෙළේ ය.
19
යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය.
20
තවද, ඔහු ශතාධිපතීන් ද වංශාධිපතීන් ද සෙනඟගේ ආණ්ඩුකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද කැඳවාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගියේ ය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජ ගෙට පැමිණ රජතුමන් රාජාසනයෙහි වාඩි කරවූ හ. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ.
21
නගරය ද සාමකාමී ව තිබුණේ ය. මෙලෙස ඔව්හු අතලියා කඩුවෙන් මැරුවෝ ය.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36