bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Samuel 13
2 Samuel 13
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 14 →
1
ඉන්පසු මෙසේ සිදු විය. දාවිත්ගේ පුත් අබ්සලොම්ට තාමාර් නම් රුවැති සහෝදරියක් සිටියා ය. දාවිත්ගේ පුත් අම්නොන් ඈට ප්‍රේම කෙළේ ය.
2
අම්නොන් තමාගේ සහෝදරී වූ තාමාර්ට ප්‍රේම කළ නිසා අසනීප වන තරම් සිත් වේදනාවෙන් සිටී ය. ඈ කන්‍යාවක වන බැවින් ඈට කිසිවක් කිරීම දුෂ්කර බව අම්නොන්ට පෙනුණේ ය.
3
දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් නම් මිත්‍රයෙක් අම්නොන්ට සිටියේ ය. ජොනාදාබ් උපායේ ඉතා දක්ෂ මිනිසෙකි.
4
ඔහු අම්නොන්ට කතා කොට, “රාජ පුත්‍රය, ඔබ දවසින් දවස මෙසේ කෘශවන්නේ මන් ද? මට කියන්නේ නැද්දැ”යි ඇසී ය. එවිට අම්නොන්, “මාගේ සහෝදර අබ්සලොම්ගේ සහෝදරිය වන තාමාර්ට මම ආලය කරමි”යි ඔහුට කී ය.
5
ජොනාදාබ් ද පිළිතුරු දෙමින්, “ඔබ ලෙඩින් සිටින්නා සේ ඔබේ යහනේ වැතිර සිට, ඔබේ පියාණන් ඔබ බලන්නට ආ කල, ඔහුට කතා කොට, ‘මාගේ සහෝදරී වන තාමාර් මා වෙත අවුත් මට කෑම දෙන්නටත්, මට පෙනෙන ලෙස කෑම පිළියෙළ කරන්නටත්, ඇගේ අතින් එය කන්නටත් අවසර දුන මැනවැ’යි ඔහුට කියන්නැ”යි කීවේ ය.
6
මෙසේ අම්නොන් ලෙඩින් සිටින්නා සේ වැතිර සිටියේ ය. රජු අම්නොන් බලන්නට ආ කල, “මාගේ සහෝදරී වන තාමාර්ගේ අතින් ම මට කන්නට පුළුවන් වන පිණිස ඈ අවුත් මා ඇස් ඉදිරියේ ම රොටි දෙකක් සාදන්නට ඈට අවසර දුන මැනවැ”යි කී ය.
7
එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නොන්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය.
8
එවිට තාමාර් තමාගේ සහෝදර අම්නොන්ගේ ගෙට ගියා ය. ඔහු නිදා සිටියේ ය. ඈ පිටි රැගෙන අනා, ඔහුගේ ඇස් ඉදිරියෙහි දී රොටි සාදා, පුළුස්සා,
9
ඇතිලිය ගෙනවුත් ඔහු ඉදිරියෙහි ඒවා බෙදා දුන්නා ය. එහෙත්, ඔහු කන්නට අකමැති විය. අම්නොන්, “හැම දෙනා ම මා වෙතින් පිටතට යන්නැ”යි කී ය. එවිට සියලු දෙනා ම ඔහු වෙතින් පිටතට ගියහ.
10
අම්නොන් කතා කරමින්, “මා ඔබේ අතින් කන පිණිස, කෑම ඇතුළු ගෙට ගෙනෙන්නැ”යි තාමාර්ට කීවේ ය. තාමාර් ඈ සෑදූ රොටි ගෙන ඇතුල් ගෙයි සිටි ඇගේ සහෝදර අම්නොන් ළඟට ගෙන ගියා ය.
11
ඒවා ඔහුට කවන්නට ළඟට ගෙන ගිය විට ඔහු ඈ අල්ලා, “මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැ”යි ඈට කී ය.
12
එවිට ඈ කතා කොට, “මාගේ සහෝදරය, එසේ නොවේවා. මට අවනම්බු නොකරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්නට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න;
13
එසේ කළොත්, මා මාගේ නින්දාව සඟවාගන්නේ කෙසේ ද? ඔබත් ඉශ්රායෙල්හි නින්දිතයන්ගෙන් එක් කෙනෙකු මෙන් වන්නෙහි ය. ඒ නිසා රජ්ජුරුවන්ට කතා කරන්න; ඔහු මා ඔබට නො දී සිටින්නේ නැතැ”යි කීවා ය.
14
එහෙත්, ඔහු ඇගේ කීමට සවන් නො දී, ඈට වඩා ශක්තිමත් බැවින් බලහත්කාරකමින් ඈ දූෂණය කළේ ය.
15
එවිට අම්නොන් ඈට බොහෝ සේ වෛර කෙළේ ය. ඔහුට ඇති වූ ඒ වෛරය කලින් ඔහු ඈට තිබුණ ආලයට වඩා බලවත් විය. “නැඟිට පලයන්නැ”යි අම්නොන් ඈට කී ය.
16
ඈ කතා කොට, “එසේ නොකරන්න; මා යන්නට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත් ය”යි කීවා ය. එහෙත්, ඔහු ඈට සවන් නො දී,
17
තමාට සේවය කළ වැඩකාරයාට අඬගසා, “මේ ස්ත්‍රිය මා වෙතින් පිටතට හැර, දොර අගුල ලාපන්නැ”යි කී ය.
18
ඈ අත් දිග ඇඳුමක් ඇඳ සිටියා ය. රජුගේ කන්‍යා දූවරුන් එබඳු ඇඳුම් ඇඳීම සිරිතකි. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර, දොර අගුල් දැමුවේ ය.
19
එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.
20
ඇගේ සහෝදර අබ්සලොම් ඈට කතා කොට, “ඔබේ සහෝදර අම්නොන් ඔබ සමඟ සිටියේ ද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්ද ව සිටින්න. ඔහු ඔබේ සහෝදරයා ය. මේ කාරණය සිතට නොගන්නැ”යි ඈට කීවේ ය. තාමාර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙදර අසරණ භාවයෙන් විසුවා ය.
21
දාවිත් මේ සියලු දේ අසා ඉතා උදහස් විය.
22
එහෙත්, අබ්සලොම් අම්නොන්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නොකීවේ ය. එසේ නොකීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නොන් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.
23
මීට දෑවුරුද්දකට පසු, එප්‍රායිම්ට නුදුරු වූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූ හ. අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් කැඳෙව්වේ ය.
24
ඔහු රජු වෙත අවුත් කතා කොට, “ඔබේ මෙහෙකරුවාට බැටළු ලොම් කපන්නෝ සිටිති; ඉතින් රජු ද තමන්ගේ සේවකයන් ද ඔබේ මෙහෙකරුවා සමඟ අව මැනවැ”යි කී ය.
25
රජ ද පිළිතුරු දෙමින්, “නැත, මාගේ පුත්‍රය, අපි සියල්ලෝ ම නොඑන්නෙමු; ආවොත් ඔබට බරක් වනු ඇතැ”යි අබ්සලොම්ට කී ය. අබ්සලොම් පෙරැත්ත කළ නමුත්, රජ යන්නට කැමැති නොවී, ඔහුට ආශීර්වාද කොට පිටත් කර හැරියේ ය.
26
එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නොන්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.
27
එහෙත්, අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළෙන්, අම්නොන්ට ද රජුගේ සියලු පුත්‍රයන්ට ද ඔහු සමඟ යන්නට ඉඩ දුන්නේ ය.
28
අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණ කරමින්, “අම්නොන් මුද්‍රික පානය බී විනෝද සිතින් සිටින කල, ‘අම්නොන්ට පහර දෙන්නැ’යි මා ඔබට කී විට, ඔහු මරාදමන්න; බිය නොවන්න; ඔබට අණ කරන්නේ මම නොවෙම් ද? ධෛර්යවත් ව ද බලසම්පන්න ව ද සිටින්නැ”යි කී ය.
29
අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණ කළ ලෙස අම්නොන්ට කළහ. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැඟිට තම තමන්ගේ අශ්වතරයන් පිට නැඟී පලා ගියහ.
30
ඔවුන් මාර්ගයේ යද්දී, “රජුගේ සියලු පුත්‍රයෝ අබ්සලොම් විසින් මරන ලද්දේ ය; එක් කෙනෙක් වත් ඉතුරු වී නැතැ”යි දාවිත්ට සැළ විය.
31
එවිට රජ නැඟිට සොවින් තමාගේ වස්ත්‍ර ඉරාගෙන, බිම වැතුරුණේ ය; ඔහුගේ සියලු සේවකයෝ ද තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන ළඟ සිටියහ.
32
දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් කතා කොට, “රජුගේ පුත්‍රයන් වන ඒ තරුණයන් සියල්ලන් ම ඔව්හු මැරුවෝ යයි මාගේ ස්වාමියා නොසිතා වා; මැරුණේ අම්නොන් පමණයි. මන්ද, අබ්සලොම්ගේ සහෝදරී වන තාමාර් අම්නොන් විසින් කෙලෙසුණු දා පටන්, අබ්සලොම් එසේ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය.
33
ඒ නිසා සියලු රාජ කුමාරයෝ මළෝ යයි මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිතට නොගත මැනව. මැරුණේ අම්නොන් පමණකි”යි කීවේ ය.
34
අබ්සලොම් පලා ගියේ ය. රැකවලේ සිටි තරුණයා හිස ඔසවා බැලූ විට, විශාල සෙනඟක් කන්දේ පැත්තකින් හොරානායිම් මාර්ගයේ එනවා දුටුවේ ය.
35
ජොනාදාබ් රජුට කතා කොට, “අන්න, රාජ කුමාරයෝ එති. ඔබේ මෙහෙකරුවා කී ලෙස ම සිද්ධ වී තිබේ ය”යි කීවේ ය.
36
තවද, ඔහු කතා කර නිම වූ කෙණෙහි ම රාජ කුමාරයෝ අවුත් ශබ්ද නඟා ඇඬූ හ. රජ ද ඔහුගේ සියලු සේවකයෝ ද ශබ්ද නඟා ඇඬූ හ.
37
අබ්සලොම් ගෙෂූර්හි රජ වූ අම්මිහුද්ගේ පුත් තල්මයි වෙත පලා ගියේ ය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැම දින ම බොහෝ කාලයක් තුළ වැලපිණි.
38
මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලා ගොස් එහි තුන් අවුරුද්දක් සිටියේ ය.
39
අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් සැනසීමට පත් ව සිටි බැවින්, අබ්සලොම් කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ ය.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24