bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Samuel 20
2 Samuel 20
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 21 →
1
බෙන්ජමින් ජාතිකයෙකු වන බික්‍රිගේ පුත් ෂෙබා නම් දුර්ජන මිනිසෙක් එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොරගසා, “දාවිත් සමඟ ගනුදෙනු අපට නැත, ජෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් අපට නැත; ඉශ්රායෙල්වරුනි, එකිනෙකා තම තමාගේ කූඩාරම්වලට යේවා”යි කී ය.
2
එවිට සියලු ඉශ්රායෙල් ජනයා දාවිත් අත්හැර, බික්‍රිගේ පුත් ෂෙබා පසුපස ගියෝ ය. එහෙත්, ජොර්දාන් පටන් ජෙරුසලම දක්වා ම ජුදාහි සෙනඟ තමන්ගේ රජුට පක්ෂපාත ව සිටියෝ ය.
3
දාවිත් ජෙරුසලමෙහි රජ මැදුරට පැමුණුණ විට, එය බලාගැනීමට ඔහු තබා ගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන, ඔවුන් රැකවල් යටතේ තබා ඔවුන්ගේ වුවමනාවන් සපයා දුන්නේ ය. එහෙත්, ඔහු ඔවුන් සමඟ එක් නො වී ය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා ම සිරගත ව වැන්දඹුවන් මෙන් සිටියෝ ය.
4
රජ අමාසාට කතා කොට, “තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය.
5
මෙසේ අමාසා ජුදා සෙනඟ කැඳවන්නට ගිය නමුත්, ඔහුට නියම කළ කාලයට වඩා ප්‍රමාද විය.
6
දාවිත් අබිෂයිට කතා කොට, “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත් ෂෙබා අපට අනතුරු කරනු ඇත. ඔහු පවුරු ඇති නගර අත් කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගෙන ඔහු ලුහුබැඳ යන්නැ”යි කී ය.
7
එවිට ජෝවාබ්ගේ සෙනඟ ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද සියලු බලවන්තයෝ ද ඔහු පසුපස පිටත් වී ගියහ. බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු ජෙරුසලමෙන් නික්ම ගියහ.
8
ඔවුන් ගිබියොන්හි තිබෙන මහගල ළඟ සිටිය දී අමාසා ඔවුන් ඉදිරියට පැමිණියේ ය. ජෝවාබ් තමාගේ යුද්ධ ඇඳුම් ඇඳ ඊට උඩින් ඉඟ පටියක් බැඳගෙන සිටියේ ය. එහි කොපුවේ කඩුවක් දමා තිබිණි. ඔහු පිටතට යද්දී කඩුව වැටිණි.
9
ජෝවාබ් අමාසාට කතා කොට, “මාගේ සහෝදරය, ඔබ සුව සේ සිටින්නෙහි දැ”යි ඔහුට කියමින් ඔහු සිඹගන්නට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේ ය.
10
එහෙත්, අමාසා ජෝවාබ්ගේ අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේ ය. ජෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඔහුගේ අතුණු බිමට ඇද හැළුණේ ය. දෙ වන වරට පහර දීම අවශ්‍ය නො වී ය. මෙසේ අමාසා මළේ ය. ජෝවාබ් ද ඔහුගේ සහෝදර වූ අබිෂයි ද බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ ගියහ.
11
ජෝවාබ්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් අමාසා ළඟ සිට, “ජෝවාබ්ට හිතවත්, දාවිත්ට පක්ෂපාත කවුරු නමුත් ජෝවාබ් අනුව යත්වා”යි කී ය.
12
අමාසා වනාහි මහ මාවත මැද තමාගේ ලේ විලේ පෙරළෙමින් සිටියේ ය. ඒ නිසා හැම කෙනෙකු ම නවතින බව ඒ මිනිසාට පෙනී ගියේ ය. අමාසාගේ සිරුර ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු එය මාවතෙන් කෙතට ගෙන ගොස් ඒ පිට රෙද්දක් හෙළුවේ ය.
13
අමාසාගේ මළකඳ මාවතින් ඉවත් කළ පසු, මුළු සෙනඟ බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබඳින පිණිස ජෝවාබ් පසුපස ගියහ.
14
ෂෙබා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර මැදින් ගොස් ආබෙල්-බෙත්-මයකා නගරයට පැමුණුණේ ය. බේරීවරු රැස් වී ඔහු පස්සේ ගියෝ ය.
15
ඔව්හු අවුත් ආබෙල්-බෙත්-මයකා නගරය වටලාගෙන එය ඉදිරිපිට ගොඩැල්ලක් නැඟුවෝ ය. එය පවුර ඉදිරිපිට තිබිණි. ජෝවාබ් සමඟ සිටි මුළු සෙනඟ ද පවුර හෙළා දමන්නට ඊට පහර දුන්හ.
16
එවිට නැණවත් ස්ත්‍රියක් නගරයේ සිට මොරගසා, “මෙන්න, සවන් දෙන්න, සවන් දෙන්න; මා ජෝවාබ් සමඟ කතා කරන පිණිස, ඔහුට මෙහි එන්නට කියා කිව මැනව”යි කීවා ය.
17
ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රිය, “ඔබ ජෝවාබ් ද” කියා ඇසුවා ය. ඔහු ද, “එසේ ය”යි උත්තර දුන්නේ ය. එවිට ඈ, “ඔබේ මෙහෙකාරී කියන දේට සවන් දුන මැනව”යි ඔහුට කීවා ය. ඔහු ද, “මම සවන් දෙමි”යි කී ය.
18
එවිට ඈ කතා කොට, “පුරාණ කාලයේ දී ‘දැනුමැතිකම් ලැබීමට ආබෙල්ට යන්නැ’යි කීමක් තිබිණි. ඒ අනුව පැරැන්නෝ ප්‍රශ්න විසඳාගත්හ.
19
අපේ නගරය, ඉශ්රායෙල්හි ඇති ඉතා සාමකාමී, විශ්වාසදායී නගරයක් බව ප්‍රසිද්ධ ය. ඉශ්රායෙල්හි මවු බිමක් වැනි නගරයක් විනාශ කරන්නට ඔබ උත්සාහ කරන්නෙහි ය. සමිඳාණන් වහන්සේගේ උරුමය ඔබ නාස්ති කරන්නේ කුමක් නිසා දැ”යි ඇසුවා ය.
20
ජෝවාබ් පිළිතුරු දෙමින්, “නගරය නැති නාස්ති කිරීම ගැන අදහසක් මට කොහෙත් ම නැත.
21
එසේ කීම අසත්‍යයකි. බික්‍රිගේ පුත් ෂෙබා නම් එප්‍රායිම් කඳු රටේ මිනිසෙකු දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධ ව කැරලි ගසා ඇත. ඔහු පමණක් පාවා දෙන්න. එවිට මම නගරයෙන් අහක් ව යන්නෙමි”යි කී ය. ඒ ස්ත්‍රිය ද, “ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙත විසි කරනු ලබන්නේ ය”යි ජෝවාබ්ට කීවා ය.
22
එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.
23
ජෝවාබ් මුළු ඉශ්රායෙල් සේනාවට අධිපතියා ය. ජෙහොයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් අධිපතියා ය.
24
අදොරාම් බැල මෙහෙවර භාර ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ය.
25
ෂෙවා වනාහි ලේකම් ය. ශාදොක් හා අබියාතර් පූජකයෝ ය.
26
ජායිර්හි ඊරාත් දාවිත්ගේ පූජකයා ය.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24