bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Samuel 17
2 Samuel 17
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
1
අහිතොපෙල් අබ්සලොම්ට කතා කොට, ‘මිනිසුන් දොළොස්දහසක් තෝරාගෙන, අද රාත්‍රියේ පිටත් ව, දාවිත් පස්සේ ලුහුබැඳ යන්නට මට අවසර ලැබේවා.
2
ඔහු වෙහෙස ව අධෛර්ය ව සිටිය දී මම ඔහුට විරුද්ධ ව ගොස් ඔහු බිය ගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලා යනු ඇත. මම රජුට පමණක් පහර දෙමි.
3
මනාලියක සිය සැමියා වෙත ගෙනෙනු ලබන පරිදි මම මුළු සෙනඟ ඔබ වෙත හරවා ගෙනෙන්නෙමි. ඔබ සොයන්නේ එක් කෙනෙකු මරන්නට ය; සෙසු අය සුරැකි ව සිටිනු ඇතැ”යි කීවේ ය.
4
අබ්සලොම් ද මුළු ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ ද ඒ කීමට ප්‍රසන්න වූ හ.
5
එවිට අබ්සලොම්, “දැන් අර්කීය ජාතික හූෂයිටත් අඬගසන්න; ඔහු කියන දේත් අසමු”යි කීවේ ය.
6
හූෂයි අබ්සලොම් වෙත ආ කල්හි අබ්සලොම් ඔහුට කතා කොට, අහිතොපෙල් කී සියල්ල ඔහුට කියා, “අහිතොපෙල්ගේ කීම ලෙස අපි කරමු ද? එසේ නැත්නම් ඔබ සිතන්නේ කුමක් දැ”යි ඇසී ය.
7
හූෂයි අබ්සලොම්ට කතා කොට, “අහිතොපෙල් මේ වතාවේ දී දුන් අවවාදය නම් හොඳ නැතැ”යි කීවේ ය.
8
හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.
9
දැන් වුව ද ඔහු ගුහාවක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද, මුල් පහර දීමේ දී ඔවුන්ගෙන් සමහර දෙනෙකු මිය ගිය විට එය අසන කවුරුන් නමුත්, ‘අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මහා ඝාතනයක් සිදු වී තිබේ ය’යි කියනු ඇත.
10
එවිට සිංහයකුගේ සිත මෙන් සිතක් ඇති බලවතා පවා සහමුලින් ම මලානික වනු ඇත. මන්ද, ඔබේ පියා බලවන්තයෙකු බවත්, ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මිනිසුන් බවත් සියලු ඉශ්රායෙල්වරු දනිති.
11
ඒ නිසා මා ඔබට දෙන අවවාදය නම් මෙය යි. දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා, සිටින, ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් විශාල සංබ්‍යාවක් වන සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත රැස් වන තෙක් සිට, ඔබ ම පෞද්ගලික ලෙස සටනට යන්න.
12
එසේ ඔහු යම් ස්ථානයක සිටින්නේ ද, අපි එතැනට පැමිණ, මිහි පිට පිනි වැටෙන පරිදි ඔහු කරා පැමිණෙන්නෙමු. එවිට ඔහු වත්, ඔහු සමඟ සිටින මිනිසුන්ගෙන් එකෙක් වත් ඉතිරි නොවන්නෝ ය.
13
ඔහු යම් හෙයකින් නගරයකට ඇතුල් වී සිටියොත්, සියලු ඉශ්රායෙල්වරුන් ඒ නගරයට කඹ ගෙනවුත් එහි බොරළු කැටයක් වත් ඉතුරු නොවන තුරු අපි ඒ නගරය ගඟට ම ඇද දමන්නෙමු.”
14
අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්රභා කරන්නට නියම කර තිබුණේ ය.
15
එකල පූජකයන් වන ශාදොක්ටත්, අබියාතර්ටත් හූෂයි කතා කොට, “අහිතොපෙල් මේ මේ විධියට අබ්සලොම්ටත්, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයන්ටත් අවවාද දුන්නේ ය. මම මේ මේ විධියට අවවාද දිනිමි.
16
එබැවින් දැන් ඉක්මනින් පණිවුඩයක් යවා, ‘රජු ද මුළු සෙනඟ ද නැති නොවන පිණිස, අද රාත්‍රියේ පාළුකරයේ සමභූමිවල නොනැවතී, කොහොම නමුත් එගොඩ විය යුතු ය’යි දාවිත් රජුට දන්වන්නැ”යි කීවේ ය.
17
ජොනතන් හා අහීමයාශ් ඒන්රොගෙල් ස්ථානය ළඟ සිටියෝ ය. වැඩකාරියක් ගොස් සිරිතක් වශයෙන් ඔවුන්ට ආරංචි දැන්වුවා ය. ඔව්හු ගොස් එපවත් රජ්ජුරුවන්ට දැන්වුවෝ ය. මෙසේ කරන ලද්දේ ඒ දෙදෙනා තමන්ගේ නගරය ඇතුළට පිවිසෙනු කිසිවෙකු නොදකින පිණිස ය.
18
එසේ වුව ද, තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්වී ය. එවිට ඔවුන් දෙදෙන වහා ගොස්, බහුරීම්හි වසන මිනිසෙකුගේ ගෙදරට පැමිණියෝ ය. ඔහුගේ ගෙමිදුලේ ළිඳක් තිබුණේ ය. ඔව්හු එයට බැස්සෝ ය.
19
ස්ත්‍රිය ද වැස්මක් ගෙන එය ළිං කටේ එළා, ඒ පිට ධාන්‍ය වනා තැබුවා ය. එසේ කෙළේ, කිසිවෙකු එහි ළිඳක් ඇති බව දැන නොගන්න පිණිස ය.
20
අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රිය වෙත ඒ ගෙදරට අවුත්, “අහීමයාශ් හා ජොනතන් කොතැන දැ”යි ඇසූ හ. ඒ ස්ත්‍රී පිළිතුරු දෙමින්, “ඔව්හු වතුර ඇළෙන් එගොඩ වූවෝ ය”යි කීවා ය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බ නොවූ බැවින් ජෙරුසලමට පෙරළා ගියෝ ය.
21
ඔවුන් ගිය පසු, ජොනතන් හා අහීමයාශ් ළිඳෙන් ගොඩට විත්, දාවිත් රජු වෙත ගොස්, එපවත් දන්වමින්, “ඔබට විරුද්ධ ව අහිතොපෙල් මෙසේ අවවාද කළ නිසා පිටත් වී ඉක්මනින් ඇළෙන් එගොඩ වුව මැනවැ”යි ඔහුට කී හ.
22
එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නොගොස් ඉතිරි ව සිටියේ නැත.
23
තමාගේ අවවාදය ලෙස නොකරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.
24
දාවිත් රජ මහනයිම් නගරයට පැමිණියේ ය. අබ්සලොම් ද ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ ද ජොර්දාන් ගඟෙන් එගොඩට ගියෝ ය.
25
තවද, අබ්සලොම් ජෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා වශයෙන් පත් කළේ ය. අමාසා වූකලී ඉෂ්මායෙල් ජාතික ඉත්රාගේ පුත්‍රයා ය. ඉත්රාගේ බිරිඳ නාහාෂ්ගේ දුව වන අබිගායිල් ය. තවද, ඈ ජෝවාබ්ගේ මව වන ශෙරුයාගේ සහෝදරී ය.
26
ඉශ්රායෙල්වරු ද අබ්සලොම් ද ගිලියද් රටෙහි කඳවුරු බැඳගත්තෝ ය.
27
දාවිත් රජු මහනයිම් නගරයට පැමිණි විට අම්මොන්වරුන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත් ෂෝබි ද ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර් ද රොගේලීම්හි ගිලියද් ජාතික බර්ශිල්ලයි ද
28
යහන්, තළි, මැටි භාජන, කෑමට තිරිඟු, යව පිටි, විලඳ, මෑ, කොල්ලු ඇට, බැදපු මුං,
29
මී පැණි, කේජු, බැටළුවන් සහ එළ දීකිරි යන මේවා දාවිත්ටත්, ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝ ය. ඔවුන් එසේ කෙළේ, “සෙනඟ පාළුකරයේ බඩගිනි ව, වෙහෙස ව, පිපාසිත ව සිටිති”යි දැන සිටි බැවිනි.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24