bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Samuel 23
2 Samuel 23
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 24 →
1
දාවිත්ගේ අවසාන වචන මෙසේ ය. ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:
2
“සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය. එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය.
3
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක. ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක: මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී,
4
වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළොවේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.
5
සැබැවින් මාගේ වංශය දෙවිඳුන් ඉදිරියෙහි එසේ ම නොපවතින්නේ ද? මන්ද, සියල්ල නියම ලෙස ස්ථිර කර තිබෙන සදාකාල ගිවිසුමක් එතුමාණෝ මා සමඟ කළ සේක. මාගේ මුළු ගැළවීමත්, මට රිසි සියල්ලත් එතුමාණෝ සඵල වන්නට නොසලසන සේක් ද?
6
එහෙත්, සියලු දුදනෝ අතින් ඇල්ලිය නොහැකි, අහක දමනු ලබන කටු ගස් හා සමාන ය.
7
ඒවා අල්ලන මිනිසා යකඩ අවියක් හෝ හෙල්ල මිටක් හෝ රැගෙන සිටිය යුතු ය; ඒවා මුළුමනින් ගින්නෙන් දවා ලනු ඇත.”
8
දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.
9
ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය.
10
ඔහු නැඟිට තමාගේ අත හිරි වැටී, අත කඩුවට ඇළෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය. සමිඳාණන් වහන්සේ එදා ඉමහත් ජයක් සලසා දුන් සේක. සෙනඟ ද කොල්ලය ගන්නට පමණක් ඔහු පස්සේ ගියහ.
11
ඊළඟට, හාරාරීය අගීගේ පුත් ෂම්මා ය. පිලිස්තිවරු කොල්ලු පිරී තිබුණු ලෙහි නම් බිම් කොටසක එක්රැස් ව සිටියෝ ය; සෙනඟ ද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ.
12
එහෙත්, ඔහු බිම් කොටස මැද සිට එය බේරාගෙන පිලිස්තිවරුන් මැරුවේ ය. සමිඳාණන් වහන්සේ ඉමහත් ජයක් සලසා දුන් සේක.
13
ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේ දී දාවිත් සිටි අදුල්ලම් ගුහාවට ගියහ. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියහ.
14
දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්ලෙහෙම්හි සිටියහ.
15
දාවිත්, තද පිපාසාවක් ඇති ව, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර ටිකක් කවුරුත් ගෙනවුත් මට බොන්නට දෙන්නේ නම් යහපතැ”යි කීවේ ය.
16
එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නොබී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට,
17
“සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නොතකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නොබීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය.
18
ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු සිය හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ලෙළවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නම ගිය කෙනෙක් විය.
19
තුන්දෙනා අතරෙන් ඔහු ඉතා කීර්තිමත් තැනැත්තා වෙමින්, ඔවුන්ගේ ප්‍රධානියා විය. එසේ වුවත්, ඔහු පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො වී ය.
20
බොහෝ වීර ක්‍රියා කළ, කබ්ශෙයෙල් ජාතිකයෙකු වූ ජෙහෝයාදාගේ පුත් බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේ ය. හිම වැටෙන දවසක දී ඔහු ගොස් වළක් ඇතුළෙහි වූ සිංහයෙකු මැරුවේ ය.
21
ඔහු එඩිතර පෙනුමක් ඇති මිසර ජාතිකයෙකු මැරුවේ ය. ඒ මිසර ජාතිකයාගේ අතේ හෙල්ලයක් තිබිණි; එහෙත්, ඔහු පොල්ලක් ඇතුව මිසර ජාතිකයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමී ය.
22
ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ දේවල් කොට වීරයන් තුන්දෙනා අතර කීර්තියක් ලැබී ය.
23
ඔහු සෙසු තිස්දෙනාට වඩා කීර්තිමත් කෙනෙක් විය; එහෙත්, පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො වී ය. දාවිත් රජ ඔහු තමාගේ මුර හේවායන්ගේ අධිපතියා කෙළේ ය.
24
ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් තිස්දෙනාගෙන් එක් කෙනෙක් ය. තවත් අයගේ නම් මෙසේ ය: බෙත්ලෙහෙම්හි දෝදෝගේ පුත් එල්හානාන් ය;
25
හරොදිය ෂම්මා ය;
26
හරොදිය එලිකා ය; පල්තිය හෙලෙශ් ය; තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය;
27
අනාතෝතිය අබියෙශෙර් ය; හුෂාතිය මෙබුන්නයි ය;
28
අහෝහිය ශල්මොන් ය; නෙටෝපාතිය මහරයි ය;
29
නෙටෝපාතිය බානාගේ පුත් හෙලෙබ් ය; බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඉත්තයි ය;
30
පීරාතෝනිය බෙනායා ය; ගායෂ්හි මිටියාවතේ හිද්දයි ය;
31
අර්බාතිය අබි-යල්බොන් ය; බර්හුමිය අශ්මාවෙත් ය;
32
ෂාල්බොනිය එලියාබා ය; ජාෂෙන්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන් ය;
33
හරාරීය ෂම්මා ය; අරාරිය ෂරාර්ගේ පුත් අහියාම් ය;
34
මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය;
35
කර්මෙලිය හශේරයි ය; අර්බිය පයරයි ය;
36
ශෝබාහි නාතාන්ගේ පුත් ඉගාල් ය; ගාදිය බානි ය;
37
අම්මොනිය ශෙලෙක් ය; ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙයේරොතිය නහරයි ය;
38
ඉත්රීය ඊරා ය; ඉත්රීය ගාරෙබ් ය;
39
හිත්තීය උරියා ය; ඒ සියල්ලෝ තිස්හත්දෙනෙකි.
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24