bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
2 Samuel 14
2 Samuel 14
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 15 →
1
දාවිත් රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම් ව තිබෙන බව ශෙරුයාගේ පුත් ජෝවාබ්ට පෙනී ගියේ ය.
2
එවිට තෙකෝවායෙන් කපටි ස්ත්රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්ර හැඳ, තෙල් නොගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්රියක මෙන් වී,
3
රජු ළඟට ගොස්, මෙසේ කියන්නැ”යි කීවේ ය. ජෝවාබ්, ඈ විසින් කියනු ලැබිය යුතු දේ ඈට කියා දිනි.
4
තෙකෝවාවේ ස්ත්රිය රජු ළඟට ගොස්, මුණින්තළා වී වැඳ, “අනේ දේවයන් වහන්ස, පිහිට වුව මැනවැ”යි කීවා ය.
5
රජු කතා කොට, “ඔබට කුමක් වෙලා දැ”යි ඇගෙන් ඇසූ විට, ඈ පිළිතුරු දෙමින්, “මම සැබැවින් ම වැන්දඹුවක්මි. මාගේ පුරුෂයා මැරුණේ ය.
6
ඔබේ දාසීට පුත්රයෝ දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා පිටත දී දබර කරගත්හ. ඔවුන් නවත්වන්නට කිසිවෙකු නොසිටි නිසා, එක් කෙනෙක් අනෙකාට ගසා ඔහු මැරුවේ ය.
7
ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබේ දාසියට විරුද්ධ ව නැඟිට, ‘සිය සහෝදරයා මැරූ මිනිසා එසේ කළ බැවින් අප ඔහු මරා දමන පිණිස අපට භාර දෙන්න. මෙසේ අපි උරුමකරුවාත් විනාශ කරමු’යි කියති. මෙයාකාරයෙන් මාගේ පුරුෂයාට මිහි පිට නාමයක් වත්, දරුවෙකු වත් නොපවතින ලෙස, ඔවුන් මට ඉතිරි ව තිබෙන ගිනි අඟුර නිවනු ඇතැ”යි කීවා ය.
8
රජ ද කතා කරමින්, “ඔබ ගෙදර යන්න. මම ඔබේ පැමිණිල්ල ගැන බේරුමක් කරන්නෙමි”යි කීවේ ය.
9
තෙකෝවාහි ස්ත්රිය කතා කරමින්, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඒ දෝෂය මා පිටත්, මාගේ වංශය පිටත් වේවා; රජු ද රජුගේ සිංහාසනය ද ඒ ගැන නිර්දෝෂ වේවා”යි කීවා ය.
10
රජු ද, “ඔබට විරුද්ධ ව කතා කරන අය මා ළඟට ගෙනෙන්න. එවිට ඔහු තවත් ඔබට අත නොගසන්නේ ය”යි කී ය.
11
එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නොකරන පිණිස ද ඔහු මාගේ පුත්රයා නැති නොකරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්රයාගේ හිසකෙසක් වත් බිම නොවැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.
12
එවිට ස්ත්රිය, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට වචනයක් කියන්නට ඔබේ දාසීට අවසර ලැබේවා”යි කීවා ය. “කියන්නැ”යි ඔහු කී ය.
13
ස්ත්රිය ද මෙසේ කීවා ය: “එසේ වී නම්, ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ ව එබඳු දෙයක් කරන්නට කල්පනා කෙළේ මන් ද? ඔබ පන්නා දැමූ ඔබේ පුත්රයාට ආපසු එන්නට ඉඩ දී නැත. එබැවින් ඔබ කී දෙයින් ම ඔබ වරදකරුවෙක් වන්නෙහි ය.
14
මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නොදෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.
15
“එබැවින් දැන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මේ කාරණය කියන්නට මා පැමිණ සිටින්නේ, සෙනඟ මා බිය ගැන්වූ නිසා ය. එබැවින්, මම රජ්ජුරුවන්ට කතා කරමි; සමහර විට රජ්ජුරුවන් වහන්සේ තම දාසියගේ ඉල්ලීම ඉෂ්ට කරනු වන්නට පුළුවන.
16
මන්ද, දෙවියන් වහන්සේගේ උරුමයෙන් මාත්, මාගේ පුත්රයාත් එක වර ම නැති කර දමන්නට හදන මිනිසාගේ අතින් තමන්ගේ දාසිය ගළවාගන්නට රජ්ජුරුවන් සවන් දෙනු ඇතැ යි මම සිතුවෙමි.
17
එබැවින් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේ වා’යි ඔබේ දාසී කීවා ය. මන්ද, යහපත හා අයහපත විමසීමේ දී මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමාන ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”
18
එවිට රජ පිළිතුරු දෙමින්, “මා ඔබෙන් අසන දෙය මාගෙන් නොසඟවන්නැ”යි ස්ත්රියට කීවේ ය. ස්ත්රිය ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ කතා කරත්වා”යි කීවා ය.
19
රජ ද, “මේ සියල්ල සම්බන්ධ ව ජෝවාබ් ඔබට අනුබල දී ඇද්දැ”යි ඇසී ය. ස්ත්රිය පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී සියල්ල මඟ හැර දකුණට වත්, වමට වත් යන්නට කිසිවෙකුට නොහැකි බව ඔබේ නාමයෙන් මම දිවුරා කියමි. එසේ ය, ඔබේ සේවක වන ජෝවාබ් ම මට අණ කර ඔහු ම මේ සියලු වචන ඔබේ දාසීගේ කටට දුන්නේ ය.
20
ඔබේ සේවකයා වන ජෝවාබ් මෙසේ කෙළේ, ඒ කාරණය අන් මඟකට හරවන පිණිස ය. එහෙත්, මිහි පිට සියල්ල දැනගැනීමට මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ ප්රඥාව දෙවියන් වහන්සේගේ දූතයෙකුගේ ප්රඥාව හා සමාන ය”යි කීවා ය.
21
එවිට රජ ජෝවාබ්ට කතා කොට, “මෙන්න, ඔබේ ඉල්ලීම ඉටු කර දෙමි. ඔබ ගොස් තරුණ අබ්සලොම් කැඳවාගෙන එන්නැ”යි කී ය.
22
ජෝවාබ් මුණින්තළා වී වැඳ රජුට ස්තුති කොට, “රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ට කළ නිසා, රජතුමනි, ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව ඔබේ මෙහෙකරුවා දැන් දන්නේ ය”යි කී ය.
23
මෙසේ ජෝවාබ් පිටත් ව ගෙෂූර් නගරයට ගොස්, අබ්සලොම් ජෙරුසලමට කැඳවාගෙන ආවේ ය.
24
රජ ද, “ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නොපැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නොපැමිණියේ ය.
25
අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්රායෙල්හි නොසිටියේ ය. පතුල පටන් හිස් මුදුන දක්වා ඔහුට කිසි කැළලක් නො වී ය.
26
ඔහු තමාගේ හිස කෙස් අවුරුද්දෙන් අවුරුද්දට කැපුවේ ය. එසේ කෙළේ, ඔහුගේ කේශ කලාපය ඔහුට බර ව තිබුණ නිසා ය. ඔහු හිස කෙස් කැපූ විට එය කිරා බැලුවේ ය. ඒවායේ බර සම්මත රාජකීය මිම්ම අනුව කිලෝග්රෑම් දෙකක් විය.
27
අබ්සලොම්ට පුත්රයෝ තුන්දෙනෙක් ද එක දුවක් ද උපන්නාහ. දුවගේ නම තාමාර් ය. ඈ ශෝභන පෙනීමක් ඇති කාන්තාවක් වූවා ය.
28
අබ්සලොම් රජු ඉදිරියට නොපැමිණ දෑවුරුද්දක් ම ජෙරුසලමේ වාසය කෙළේ ය.
29
එවිට අබ්සලොම්, ජෝවාබ් රජු ළඟට යවන පිණිස, ඔහුට අඬගසා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො වී ය. ඔහු යළිත් දෙ වන වර ද කියා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො වී ය.
30
එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, “බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ.
31
එවිට ජෝවාබ් නැඟිට අබ්සලොම්ගේ ගෙදරට අවුත්, “ඔබේ මෙහෙකරුවන් අවුත් මාගේ කෙතට ගිනි තැබුවේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.
32
අබ්සලොම් කතා කොට, “මෙහි පැමිණෙන්නැ යි ඔබට පණිවුඩ එව්වේ, ‘මම ගෙෂූර් සිට ආවේ කුමට ද? මේ වන තුරුත් එහි සිටියෙම් නම් හොඳ ය’ කියා දන්වා ඔබ රජු වෙත යවන පිණිස ය. ඉතින් මට රජුගේ මුහුණ දකින්නට ලැබේවා. මා තුළ අපරාධයක් ඇත්නම්, ඔහු මා මැරුවා වේ”යි කී ය.
33
ජෝවාබ් රජු ළඟට අවුත් එපවත් ඔහුට දැන්වී ය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට අවුත්, රජු ඉදිරියෙහි මුණින්තළා වී වැන්දේ ය. රජ ද අබ්සලොම් සිඹගත්තේ ය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24