bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Thessalonians 1
1 Thessalonians 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 2 →
1
පාවුල්ද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින් පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනිකවරුන්ගේ සභාවට ලියා එවන වගනම්: ඔබ සැමට අනුග්‍රහයත් සමාදානයත් වේවා.
2
අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්,
3
අපේ යාච්ඤාවලදී ඔබ සැම ගැන මතක්කරමින්, ඔබ සැම සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
4
එසේය, දෙවියන්වහන්සේ ප්‍රේමකරන්නාවූ සහෝදරයෙනි, උන්වහන්සේ ඔබ සැම තෝරාගත් බව අපි දනිමුව.
5
මක්නිසාද අපේ ශුභාරංචිය ඔබ සැම වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය. එසේය, ඔබ සැම නිසා අපි ඔබ සැම අතරෙහි කොයි ආකාර අය වීමුදැයි ඔබ සැම දන්නහුය.
6
ඔබ සැමද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.
7
මෙසේ ඔබ සැම මකිදෝනියෙහි සහ අකායෙහි සිටින සියලු ඇදහිලිවන්තයන්ට ආදර්ශවුණහුය.
8
මක්නිසාද ඔබ සැම වෙතින් ස්වාමීන්වහන්සේගේ වචනයේ හඬ මකිදෝනියෙහිත් අකායෙහිත් පැතිර ගියා පමණක් නොව අප විසින් කිසිවක් කියන්ට ඕනෑ නොකරන හැටියට දෙවියන්වහන්සේ කෙරෙහි තිබෙන ඔබ සැමගේ ඇදහිල්ල සෑම තැනම ප්‍රකාශවිය.
9
එසේ ඔබ සැම වෙතට අපේ පැමිණීම කොයි ආකාරව තිබුණේද කියාත් ඔබ සැම ජීවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙකරන පිණිසද, උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූ,
10
පැමිණෙන උදහසින් අප ගළවන්නාවූ තමන්ගේ පුත්‍රවූ යේසුස්වහන්සේ ස්වර්ගයෙන් එනවා බලාසිටින පිණිසද, ඔබ සැම දේවතාරූප කෙරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරුණ හැටිත් ඔව්හුම දන්වති.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 2 →
All chapters:
1
2
3
4
5