bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Thessalonians 2
1 Thessalonians 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
1
මක්නිසාද, සහෝදරයෙනි, ඔබ සැම වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව ඔබ සැමම දන්නහුය.
2
ඔබ සැම දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබ සැමට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීතවුණෙමුව.
3
මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත්‍රකමින්වත් වංචාවෙන් යුක්තවවත් නොවේය.
4
නුමුත් ශුභාරංචිය භාරගැනීමට අපි සුදුස්සෝයයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම, මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන්වහන්සේව සතුටුකරන ලෙස කථාකරමුව.
5
මක්නිසාද ඔබ සැම දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත-දෙවියන්වහන්සේ සාක්ෂිය.
6
අප ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් හැටියට ඔබ සැමට බරක්වෙන්ට අපට පුළුවන්කම තිබුණු නුමුත්, ඔබ සැමගෙන්වත් අන්‍යයන්ගෙන්වත් මනුෂ්‍ය ගෞරවය නොසෙවුවෙමුව.
7
එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, ඔබ සැම අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව.
8
එලෙස අපි ඔබ සැමට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව ඔබ සැම අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් ඔබ සැමට දෙන්ට සතුටුව සිටියෙමුව.
9
මක්නිසාද, සහෝදරයෙනි, අපේ වීර්යයත් වෙහෙසත් ඔබ සැමට මතක තිබේ. අපි ඔබ සැමගෙන් කිසිවෙකුට බර නොවන පිණිස රෑ දාවල් වැඩකරමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබ සැමට දේශනා කෙළෙමුව.
10
අදහන්නාවූ ඔබ සැම අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා ඔබ සැමත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.
11
එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් ඔබ සැම කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස ඔබ සැම හැසිරෙන හැටියට,
12
පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් ඔබ සැමට අවවාදකරමින්, ධෛර්යදෙමින්, අණ දෙමින්, ඔබ සැම එක් එක්කෙනාට ක්‍රියාකළ හැටි ඔබ සැම දනිහුය.
13
එසේහෙයින් ඔබ සැම පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, ඔබ සැම පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන ඔබ සැම තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
14
මක්නිසාද, සහෝදරයෙනි, ඔබ සැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම ඔබ සැමත් ඔබ සැමගේ ම රටවැසියන්ගෙන් වින්දහුය.
15
ඒ යුදෙව්වරු වනාහි ස්වාමිවූ යේසුස්වහන්සේද අනාගතවක්තෘවරුන්ද මැරුවෝය, අපත් පන්නාදැම්මෝය; ඔව්හු දෙවියන්වහන්සේ ප්‍රසන්න නොකරති, සියලු මනුෂ්‍යයන්ටද විරුද්ධව සිටිති;
16
අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.
17
නුමුත් සහෝදරයෙනි, අපි හිතෙන් නොව පෙනීමෙන් ඔබ සැම වෙතින් ස්වල්ප කාලයකට අහක්ව සිටිය කල, ඔබ සැමගේ මුහුණ දකින්ට මහත් ආශාවෙන් බොහෝ උත්සාහකළෙමුව.
18
මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් ඔබ සැම වෙතට එන්ට කැමතිව සිටියෙමි; නුමුත් සාතන් අපට බාධාකළේය.
19
අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමම නොවේද?
20
එසේය, ඔබ සැම අපේ ගෞරවයත් අපේ ප්රීතියත්ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 3 →
All chapters:
1
2
3
4
5