bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Acts 17
Acts 17
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 18 →
1
ඔව්හු අම්පිපොලිස හා අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආවෝය, එහි යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණේය.
2
පාවුල් තමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස්, සබත් දවස් තුනක් ඔවුන්ට කථාකර, ලියවිලි තෝරාදෙමින්,
3
ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියාද, ඔබ සැමට මා විසින් ප්‍රකාශකරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේය කියාද පෙන්වා ප්‍රකාශකෙළේය.
4
ඔවුන්ගෙන් සමහරෙක්ද භක්තිවන්තවූ ග්‍රීක්වරුන්ගෙන් මහත් සමූහයක්ද ප්‍රධාන ස්ත්‍රීන්ගෙන් කීපදෙනෙක්ද ඇදහීමට පමුණුවනු ලැබ, පාවුල් හා සීලස් සමඟ සමාගම් වූවෝය.
5
නුමුත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, අධමයන් අතරෙන් සමහර අසත්පුරුෂයන් කැඳවාගන, සමූහයක් රැස්කරවා, නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ, සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත්කළෝය.
6
නුමුත් ඔව්හු ඔවුන් සොයා නොදැක, යාසොන් සහ සමහර සහෝදරයන්ද නුවර මුලාදෑනීන් ළඟට ඇදගන ගොස්: ලෝකය පෙරළුවාවූ මොව්හු මෙහිත් ඇවිත් සිටිති;
7
යාසොන් ඔවුන් පිළිගත්තේය. මොවුන් සියල්ලෝද යේසුස් නම් අන් රජෙක් ඇතැයි කියා කායිසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියාකරතියි මොරගසා කියමින්,
8
මේ කාරණා ඇසූ සමූහයාද නුවර මුලාදෑනීන්ද කැලඹෙවුවෝය.
9
ඔව්හු යාසොන්ගෙන්ද අනික් අයවලුන්ගෙන්ද ඇප ගෙන ඔවුන් යන්ට ඇරියෝය.
10
එවේලේම සහෝදරයෝ රාත්‍රියේ පාවුල් හා සීලස් බෙරීයයට ඇරියෝය. ඔව්හු එහි පැමිණ යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වූවෝය.
11
ඔව්හු තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔව්හු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින්, සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය.
12
එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ග්‍රීක් කුල ස්ත්‍රීන් හා පුරුෂයන්ගෙන් කීපදෙනෙක්ද අදහාගත්තෝය.
13
නුමුත් පාවුල් විසින් බෙරීයයෙහිදීත් දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව තෙසලෝනිකයේ යුදෙව්වරු දැන, එතැනටත් පැමිණ, සමූහයා පොලඹා කැලඹෙවුවෝය.
14
එවිට සහෝදරයෝ පාවුල් මුහුද දක්වා යන්ට එවේලේම ඔහු පිටත්කර ඇරියෝය. සීලස්ද තිමෝතියස්ද එහිම නැවතී සිටියෝය.
15
පාවුල් කැඳවාගන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙනගොස්, ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අණලැබ, පිටත්ව ගියෝය.
16
පාවුල් අතීනසයේදී ඔවුන්ගේ ඊම බලා සිටි කල නුවර දේවරූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ ආත්මය ඔහු තුළ චංචලවූයේය.
17
එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟද දවස්පතා වෙළඳාම්පළේදී සම්බවූවන් සමඟද වාදකෙළේය.
18
එපිකුරීය සහ ස්තෝයික පණ්ඩිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණගැසුණෝය. සමහරෙක්ද: මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස්වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවින්ය.
19
එබැවින් ඔව්හු ඇරියෝපගයට ඔහු ගෙනගොස්: ඔබ කියන මේ අලුත්වූ ඉගැන්වීම කිමෙක්දැයි අපට දැනගන්ට පුළු-වන්ද?
20
මක්නිසාද සමහර අමුතු කාරණා ඔබ අපේ කන්වල හෙළන්නෙහිය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක්ද කියා දැනගන්ට කැමැත්තෙමුයයි කීවෝය.
21
(මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියාවූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන සැටියකින් කාලය ගත නොකළෝය.)
22
එවිට පාවුල් ඇරියෝපගය මැද සිට කියනුයේ: අතීනසයේ මනුෂ්‍යයෙනි, දෙවිවරුන් ඇදහීමට ඔබ සැම ලැදිව සිටින බව සියලු කාරණාවලදී මට පෙනේ.
23
මක්නිසාද මා ඔබ සැමගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර: නාඳුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි. එබැවින් ඔබ සැම නොදන්නාකමින් නමස්කාරකරන ඒ දෙය මම ඔබ සැමට ප්‍රකාශකරමි.
24
ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක;
25
උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.
26
උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.
27
මෙසේ කළේ අතගා යමින්වත් යම් අන්දමකින් දෙවියන්වහන්සේව සම්බවන ලෙස ඔවුන් තමන්වහන්සේව සොයන පිණිසය; එහෙත් උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක.
28
මක්නිසාද අප උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව. තවද: අපි උන්වහන්සේගේ දරුවෝයයි ඔබ සැමගේ කාව්‍යක්කාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ.
29
එහෙයින් දෙවියන්වහන්සේගේ දරුවන්වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය.
30
ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.
31
මක්නිසාද තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේයයි කීවේය.
32
මළවුන්ගෙන් නැගිටීම ගැන ඔවුන් ඇසූ කල, සමහරු සරදම්කළෝය; සමහරෙක්: මේ ගැන අපි නැවතත් ඔබ කියන දේ අසන්නෙමුයයි කීවෝය.
33
එවිට පාවුල් ඔවුන් අතරෙන් අහක්ව ගියේය.
34
නුමුත් සමහර මනුෂ්‍යයෝ ඔහුට එකතුවී අදහාගත්තෝය. ඔවුන් අතරෙහි ඇරියෝපගිය දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද වූවෝය.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28