bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Acts 8
Acts 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 9 →
1
ඔහු මරාදැමීම ගැන සාවුල්ද එකඟව සිටියේය. ඒ දවසේදී යෙරුසලමෙහිවූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් අටගත්තේය; එවිට ප්‍රේරිතයන් හැර ඔවුන් සියල්ලෝ යුදයේද සමාරියේද පළාත්වල විසුරුවනු ලැබුවෝය.
2
භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදානකොට, ඔහු ගැන බොහෝසෙයින් වැලපුණාහ.
3
නුමුත් සාවුල් සියලු ගෙවලට වැද, පුරුෂයන්ද ස්ත්‍රීන්ද ඇදගෙන ගොස් හිර ගෙට භාරදෙමින්, සභාව නාස්තිකෙළේය.
4
එබැවින් විසුරුවනු ලැබූ ඔව්හු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශකළෝය.
5
පිලිප් සමාරිය නුවරට ගොස් එහි සිටියවුන්ට ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශකෙළේය.
6
සමූහයෝ ඇහුම්කන්දී, පිලිප් කළ ආශ්චර්යයන් දුටු කල, ඔහු කී කරුණු එක්සිත්ව සැලකුවෝය.
7
කුමක්හෙයින්ද අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහත් හඬින් මොරගසමින් අහක්වගියෝය. බොහෝ අංශභාග රෝගීහුද කොරුද සුවකරනු ලැබුවෝය.
8
ඒ නුවර මහත් ප්‍රීතියක් වූයේය.
9
නුමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාසකළාවූ, තමා උත්තමයෙකැයි ප්‍රකාශකරමින් සමාරිය වැසියන් විස්මිත කළාවූ සීමොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය.
10
මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය.
11
ඔවුන් විසින් ඔහු එසේ සලකනලද්දේ ඔහුගේ මායාවලින් බොහෝ කලක පටන් ඔවුන් විස්මිතකළ නිසාය.
12
නුමුත් ඔව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යයද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද ගැන ශුභාරංචිය දේශනාකළාවූ පිලිප් විශ්වාසකොට, පුරුෂයෝද ස්ත්‍රීහුද බව්තීස්මකරනු ලැබුවෝය.
13
එකල සීමොන්ද විශ්වාසකොට, බව්තීස්ම කරනු ලැබ, පිලිප් සමඟ නිතර සිට, ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විස්මිතවූයේය.
14
සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලමේ සිටියාවූ ප්‍රේරිතයෝ අසා, පේතෘස් සහ යොහන් ඔවුන් ළඟට යැවුවෝය.
15
ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය.
16
මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත.
17
ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය.
18
සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්:
19
යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැයි කීවේය.
20
නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට ඔබ සිතූ බැවින් ඔබේ මිල ඔබ සමඟ විනාශවේවා.
21
මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් ඔබට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත හරි නැත.
22
ඒ නිසා ඔබේ සිතේ කල්පනාව ඔබට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, ඔබේ මේ දුෂ්ටකම ගැන පශ්චාත්තාපව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න.
23
මක්නිසාද ඔබ තික්තකමේ පිතේද අයුතුකම නැමති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය.
24
සීමොන් උත්තරදෙමින්: ඔබ සැම කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.
25
එබැවින් ඔව්හු සාක්ෂිදී දෙවියන්වහන්සේගේ වචනය කියාදුන්නායින් පසු, යෙරුසලමට හැරී යද්දී සමාරියයන්ගේ බොහෝ ගම්වල ශුභාරංචිය ප්‍රකාශ කළෝය.
26
එහෙත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කථාකොට: නැගිට දකුණු දෙස යෙරුසලමේ සිට ගාසාට බහින පාරට යන්නැයි කීවේය. එය කාන්තාර පාරක්ය.
27
ඔහු නැගිට ගියේය. එකල එතියෝපිය රට වැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තාවූද, ඇගේ මුළු වස්තුවේ භාණ්ඩාගාරිකවූද, නපුංසකවූ එතියෝපියයෙක් නමස්කාරකරන පිණිස යෙරුසලමට ගොස් ආපසු යන්නේ,
28
තමාගේ රථයේ හිඳ, අනාගතවක්තෘවූ යෙසායාගේ පොත කියවමින් උන්නේය.
29
එවිට ආත්මයාණන්වහන්සේ පිලිප්ට කථාකොට: ඔබ මේ රථය ළඟට ගොස් එක්වෙයන්නැයි කීසේක.
30
පිලිප් ඔහු ළඟට දිව ගොස්, අනාගතවක්තෘවූ යෙසායාගේ පොත ඔහු කියවනවා අසා: ඔබ කියවන දේ ඔබට තේරෙනවාදැයි ඇසුවේය.
31
යමෙක් මගපෙන්නුවොත් මිස නැත්නම් මට තේරුම්ගන්ට පුළුවන් කොහොමදැයි කියා, රථයට නැගී තමා සමඟ ඉඳගන්ට ඔහු පිලිප්ගෙන් උදක්ම ඉල්ලුවේය.
32
ඔහු කියවමින් සිටි ශුද්ධලියවිලි කොට්ඨාසය නම්: උන්වහන්සේ බැටළුවෙකු මෙන් මරණයට ගෙනයනු ලැබ, බැටළු පැටවෙක් උගේ ලෝම කපන්නා ඉදිරිපිට ගොළුව සිටින්නාක්මෙන් තමන් මුඛය නාරිනසේක.
33
උන්වහන්සේගේ පහත්වීමේදී උන්වහන්සේ විනිශ්චය බැහැර කරනලද්දේය. උන්වහන්සේගේ පරම්පරාව ප්රකාශකරන්නේ කවුද? මක්නිසාද උන්වහන්සේගේ ජීවිතය භූමියෙන් පහකරනලද්දේය යනුයි.
34
නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්: අනාගතවක්තෘ මේක කියන්නේ කා ගැනද? තමාම ගැනද නොහොත් වෙන කෙනෙකු ගැනදැයි කියන ලෙස ඔබෙන් ඉල්ලමියි කීවේය.
35
එවිට පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් පටන්ගෙන, යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේය.
36
ඔව්හු මාර්ගයේ යද්දී, වතුර තිබෙන තැනකට පැමුණුණහ; නපුංසකයා කථාකොට: මෙන්න, වතුර තිබේ; බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේදැයි කියා,
37
***
38
රථය නවත්වන්ට අණකෙළේය. එවිට පිලිප්ද නපුංසකයාද දෙදෙනම වතුරට බැස්සෝය; පිලිප් ඔහුව බව්තීස්මකෙළේය.
39
ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.
40
නුමුත් පිලිප් අසෝතසේදී දක්නාලද්දේය. ඔහු කායිසාරියට එන තෙක් සියලු නුවරවල් මැදින් යමින් ශුභාරංචිය ප්‍රකාශකෙළේය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28