bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Acts 27
Acts 27
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 28 →
1
ඉතාලියට නැව් නැගී යන්ට අපට නියමකරනු ලැබූ කල්හි පාවුල්ද වෙනත් සමහර හිරකාරයෝද අගොස්තීනු කණ්ඩායමට අයිතිවූ ජුලියස් නම් සියයකට මුලාදෑනියෙකුට භාරදෙනලද්දෝය.
2
අපි ආසියාවේ මුහුදුබඩ ස්ථානවලට යාත්‍රාකරන්ට තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැගී පිටත්වුණෙමුව; තෙසලෝනිකයේ මකිදෝනියෙක්වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේය.
3
පසුවදා සීදොන්ට පැමිණියෙමුව. ජුලියස් පාවුල්ට මිත්‍රකම් පෙන්වමින්, ඔහුගේ මිත්‍රයන් ළඟට යන්ටද පහසු ලබන්ටද ඔහුට ඉඩ ඇරියේය.
4
එතැනින් පිටත්වී, හුළඟ විරුද්ධව තිබුණු බැවින් කුප්‍රසේ මුවාවෙන් යාත්‍රාකර ගියෙමුව.
5
කිලිකිය සහ පම්පිලිය ළඟ මුහුද මැදින් යාත්‍රාකර, මුරා නම් ලුකියේ නුවරකට පැමිණියෙමුව.
6
එහිදී සියයකට මුලාදෑනියා ඉතාලියට යන අලෙන්ෂද්රියාවේ නැවක් දැක අප එහි නැංගෙවුවේය.
7
හුළඟ අප වැලකූ බැවින් බොහෝ දවසක්ම හෙමින් යාත්‍රාකර, කනීදස ඉදිරියට අමාරුවෙන් පැමිණ, ක්‍රීතයේ මුවාවෙන් සල්මොන ඉදිරියට ඇවිත්,
8
අමාරුවෙන් ඒක පසුකොට ලසේය නුවරට සමීපවූ සුන්දර වරාය නම් ස්ථානයකට පැමිණියෙමුව.
9
බොහෝ කල් ගතවී උපවාසය පසුවූ බැවින් මුහුදේ ගමන අන්තරාය සහිතවූයෙන්, පාවුල් ඔවුන්ට දැනමුතුකම් දෙමින්:
10
මනුෂ්‍යයෙනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව අපේ ජීවිතවලටත් අන්තරාය සහ බොහෝ අලාභත් පමුණුවන එකක් බව මට පෙනේයයි කීවේය.
11
නුමුත් සියයකට මුලාදෑනියා පාවුල් කී දේවලට වඩා නැව්පතියාගේද නැව අයිතිකාරයාගේද කීම සැලකුවේය.
12
ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය හොඳ නැති බැවින්, එතැනින් පිටත්වී පුළුවන් නම් ඊශානටත් ගිනිකොණටත් ඉදිරියෙහි තිබෙන්නාවූ ක්‍රීතයේ වරායක්වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගතකරන්ට යන ලෙස වැඩිදෙනා දැනමුතුකම් දුන්නෝය.
13
දකුණු හුළඟ හීන්සැරේ ගැසූකල, ඔව්හු, තමුන්ගේ අදහස ඉෂ්ටවුණේයයි සිතා, නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ අසලින්ම ගියෝය.
14
නුමුත් මඳ වේලාවකින් එව්රකුලොන් නම් කුණාටු-හුළඟක් එතැනින් හැමුවේය.
15
නැව ඊට අසුවී හුළඟ ඉදිරියට යන්ට බැරිවූ බැවින්, හුළඟට ගහගන යන්ට ඉඩ හැරියෙමුව.
16
තවද ක්ලෞද කියන සුළු දිවයිනක මුවාවට දුවගොස් අමාරුවෙන් ඔරුව ගත්තෙමුව.
17
ඔව්හු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය; සොරවැල්ලේ වැටේය යන භයින් ඔව්හු කුඹ දැව බා, එසේ ගෙනයනු ලැබුවෝය.
18
තද කුණාටුවට අසුවී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලුකරන්ට පටන්ගත්තෝය;
19
තුන්වෙනිදා තමුන්ගේම අත්වලින් නැවේ උපකරණ වීසිකළෝය.
20
බොහෝ දවස් ඉරවත් තාරකාවත් නොපෙනුණ බැවින්ද තද කුණාටුවක් පැවතුණු බැවින්ද අපේ ගැළවිල්ල ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් නැතිවී ගියේය.
21
කෑමෙන් අප බොහෝසෙයින් වැලකී සිටියාට පසු පාවුල් ඔවුන් මැද සිට: මනුෂ්‍යයෙනි, මේ අන්තරාය සහ අලාභයත් නොපැමිණෙන පිණිස ක්‍රීතයෙන් පිටත් නොවන්ට මා කී වචනයට ඇහුම්කන් දෙන්ට යුතුව තිබුණේය.
22
දැන් ඉතින් ධෛර්යවත්ව සිටින ලෙස ඔබ සැමට අවවාදකරමි. මක්නිසාද නැව මිසක් ඔබ සැම අතරේ ජීවිත නැතිවීමක් නොවන්නේය.
23
කුමක්හෙයින්ද මා අයිතිවූ, මා සේවයකරන්නාවූ දෙවියන්වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට:
24
පාවුල් භය නොවන්න; ඔබ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, ඔබ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ ඔබට දුන්සේකැයි කීවේය.
25
එබැවින්, මනුෂ්‍යයෙනි, ධෛර්ය ඇතුව සිටින්න. මක්නිසාද මම දෙවියන්වහන්සේව විශ්වාසකරමි, මට කියන්ට යෙදුණු ප්‍රකාරයටම සිද්ධවන්නේයයි විශ්වාසකරමි.
26
එසේ වුවත් අප එක් දිවයිනකට වැටෙන්ට ඕනෑයයි කීවේය.
27
දසසතරවෙනි රාත්‍රිය පැමිණ අප අද්‍රිය මුහුදේ ඔබ මොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේදී නැව්කාරයෝ, අප ගොඩකට ළංවෙනවායයි සිතා,
28
ගැඹුර බලා විසි බඹයක් බව දැනගත්තෝය. තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා, පසළොස් බඹයක් බව දැනගත්තෝය.
29
එකල අප ගල් ඉඩම්වල වැටේය යන භයින් ඔව්හු අවරෙන් නැංගුරම් හතරක් දමා, පහන්වෙනවා ආශාවෙන් බලා සිටියෝය.
30
නැව්කාරයන් නැවෙන් පලායන්ට සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්ට යන්නාක්මෙන් ඔරුව මුහුදට බැස්සෙවු කල,
31
පාවුල් කථාකොට: මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් ඔබ සැමට ගැළවෙන්ට නුපුළුවනැයි සියයකට මුලාදෑනියාටද හේවායන්ටද කීවේය.
32
එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඒක යන්ට ඇරියෝය.
33
පහන්වේගන එන කල්හි පාවුල් ඔවුන් සියල්ලන්ට කෑම කන්ට අවවාදකරමින්: ඔබ සැම බලාසිටිමින්, කිසිත් නොකා නිරාහාරව සිට අදට දසසතරවෙනි දවසය.
34
එබැවින් කෑම කන මෙන් ඔබ සැමට අවවාදකරමි. මක්නිසාද එය ඔබ සැමගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. ඔබ සැමගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය.
35
ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන්වහන්සේට ස්තුති කොට කඩා කන්ට පටන්ගත්තේය.
36
එවිට ඔවුන් සියල්ලොත් ධෛර්ය ලැබ, තුමූද කෑම කෑවෝය.
37
නැවේ සිටි අපි සියල්ලෝම, දෙසිය සැත්තෑ සදෙනෙක්ය.
38
කෑම කා තෘප්තියට පැමුණුණ විට ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලුකළෝය.
39
පහන්වූ කල ඔව්හු ඒ දේශය කිමෙක්දැයි නොහැඳින්නෝය. නුමුත් වෙරළක් ඇති බොකු වරායක් දැක, එහි නැව පමුණුවන්ට පුළුවන්වේදෝ කියා කථාකරගත්තෝය.
40
නැංගුරම් පහකරදමා මුහුදේ තිබෙන්ට හැර, ඒ එක්කම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල හුළඟට නගා වෙරළ බලා ගියෝය.
41
නුමුත් මුහුදු දෙකක් යාවෙන තැනකට පැමිණ නැව බිමට වැද්දෙවුවෝය; එවිට ඇණිය එරී තදවුණේය, රැළවල වේගය නිසා අවරය බිඳෙන්ට පටන්ගත්තේය.
42
තවද හිරකාරයන්ගෙන් කිසිවෙක් පීනා ගැළවී නොයන පිණිස ඔවුන් මැරීමට හේවායන්ගේ අදහසක් වූයේය.
43
නුමුත් සියයකට මුලාදෑනියා පාවුල් ආරක්ෂා කරනු කැමතිව ඒ අදහසින් ඔවුන් වලක්වා, පීනන්ට පුළුවන් අයට පළමුකොට මුහුදට පැන ගොඩට යන්ටත්,
44
සෙස්සන්ට සමහරු ලෑලිවලින්ද සමහරු නැවේ කෑලිවලින්ද ගොඩට යන්ටත් අණකෙළේය. මෙසේ සියල්ලෝම ගැළවී ගොඩට පැමින්නෝය.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28