bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Acts 28
Acts 28
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
1
මෙසේ ගැළවුණු කල ඒ ද්වීපයට මෙලීතයයි කියන බව දැනගතිමුව.
2
එහි සිටි ම්ලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුණාවූ වර්ෂාව නිසාද ශීතලය නිසාද ඔව්හු ගිනි පත්තුකරදී අප සියල්ලන් පිළිගත්තෝය.
3
පාවුල් දරමිටියක් එක්කොට ගින්නෙහි ලූ කල ගිනි උෂ්ණය නිසා සර්පයෙක් පිටවී ඇවිත් ඔහුගේ අතේ එල්ලුණේය.
4
ඒ සතා ඔහුගේ අතේ එල්ලී ඉන්නවා ම්ලේච්ඡයෝ දැක: ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙක්ය, ඔහු මුහුදෙන් ගැළවුණ නුමුත් ඔහුට ජීවත්වෙන්ට යුක්තිය තෙමේ ඉඩ නොහරින්නේය කියා කථාකරගත්තෝය.
5
නුමුත් ඔහු ඒ සතා ගින්නට ගසාදමා කිසි උපද්‍රවයකට නොපැමිණ සිටියේය.
6
ඔහු ඉදිමෙන්නේය නොහොත් හදිසියෙන් මැරී වැටෙන්නේය කියා ඔව්හු බලා සිටියෝය. නුමුත් බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව ඔව්හු දුටු කල, තමුන්ගේ කල්පනාව වෙනස්කොට, ඔහු දෙවිකෙනෙකැයි කීවෝය.
7
ඒ දිවයිනට ප්‍රධානියාවූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේය. ඔහු අප පිළිගෙන, තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාරකෙළේය.
8
තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ රක්තාතිසාරයෙන් පීඩිතව ඔත්පළව උන්නේය. පාවුල් ඔහු උන් තැනට ගොස් යාච්ඤාකොට, ඔහු පිට අත් තබා, ඔහු සුවකෙළේය.
9
මෙය සිදුවූ කල දිවයිනේ ලෙඩ ඇති අනික් අයද පැමිණ සුවකරනු ලැබුවෝය.
10
ඔව්හු අපට බොහෝ ගරුනම්බුකොට, අප පිටත්ව යන කල අපට වුවමනාදේ නැවේ පැටෙවුවෝය.
11
තුන් මාසයකට පසු ශීත කාලය ඒ දිවයිනේ ගතකළාවූ නිඹුල් සොහොයුරු යන සටහන ඇති අලෙක්ෂන්ද්‍රීයාවේ නැවකට නැගී පිටත්වුණෙමුව.
12
අපි සිරාකුසට පැමිණ එහි තුන් දවසක් සිටියෙමුව.
13
එතනින් පිටත්ව වටකර ගොස්, රෙගියනට පැමිණ, එක දවසකට පසු දකුණු හුළඟ ගැසූ බැවින්, දෙවෙනිදා පොතියොලට ආවෙමුව.
14
එහිදී අපට සහෝදරයන් සම්බවී, තමුන් සමඟ සත් දවසක් නැවතී සිටින්ට ඔව්හු අපගෙන් ඉල්ලුවෝය. මෙසේ අපි රෝමයට පැමිණියෙමුව.
15
සහෝදරයෝ අප ගැන අසා, එතැනින් අපියුස්ගේ වෙළඳාම්පළද තානායම් තුනද දක්වා අප පෙරමගට ආවෝය. පාවුල් ඔවුන් දැක, දෙවියන්වහන්සේට ස්තුතිකොට, ධෛර්ය ලැබුවේය.
16
අප රෝමයට ඇතුල්වුණ කල පාවුල්ට තමා මුරකළ හේවායා සමඟ තනියම සිටින්ට අවසර ලැබුණේය.
17
තුන් දවසකට පසු පාවුල් යුදෙව්වරුන්ගේ ප්‍රධානීන් කැඳෙවුවේය. ඔවුන් රැස්වූ කල ඔහු ඔවුන්ට කථාකොට: සහෝදරයෙනි, මම සෙනඟටවත් අපේ පියවරුන්ගේ නියෝගවලටවත් විරුද්ධව කිසි දෙයක් නොකෙළෙමි. නුමුත් හිරකාරයෙක්ව යෙරුසලමෙන් රෝමයන්ගේ අත්වලට භාරදෙනු ලැබීමි.
18
ඔව්හු මා ගැන විභාගකර, මරණයට සුදුසුවූ කිසි දෙයක් මා අත නොතිබුණු බැවින් මා නිදහස්කරන්ට කැමතිවූවෝය.
19
නුමුත් යුදෙව්වරුන් විසින් ඊට විරුද්ධව කථාකළ කල්හි, කායිසර්ගේ විනිශ්චය ඉල්ලන්ට මට ඕනෑවිය. එහෙත් එසේ කළේ මාගේ ජාතියට කිසි දෝෂයක් තබන අදහසින් නොවේ.
20
මේ කාරණය නිසා ඔබ සැම දකින්ටද ඔබ සැම සමඟ කථාකරන්ටද ඔබ සැම කැඳෙවුවෙමි. කුමක් හෙයින්ද මා මේ දම්වැළෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව නිසායයි කීවේය.
21
එවිට ඔව්හු කථාකොට: යුදයෙන් ඔබ ගැන අපට ලියුම් ලැබුණේවත් ආවාවූ සහෝදරයන්ගෙන් කවුරුවත් ඔබ ගැන කිසි දෝෂයක් දැන්නුවේවත් නැත.
22
නුමුත් මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාරකන බව අපි දනිමුව. එබැවින් ඔබ සිතන්නේ මොකද කියා ඔබෙන් අසන්ට කැමැත්තෙමුයයි කීවෝය.
23
තවද ඔව්හු ඔහුට දවසක් නියමකොට, බොහෝ දෙනෙක් ඔහු ළඟට, ඔහුගේ නවාතැනට, ආවෝය; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂිදෙමින්, යේසුස්වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගතවක්තෘවරුන්ගේ පොත්වලින් කාරණා තේරුම්කරදුන්නේය.
24
කියන ලද දේ සමහරු විශ්වාසකළෝය, සමහරු අවිශ්වාසකළෝය.
25
ඔව්හු ඔවුනොවුන් එකඟ නොවී පාවුල් එක කාරණයක් කී පසු, අහක්ව ගියෝය.
26
එනම්: ඔබ මේ සෙනඟ ළඟට ගොස් කථාකොට-ඇසීමෙන් ඔබ සැම අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; දැකීමෙන් දකින නුමුත් කිසිසේත් නොපැහැදෙන්නහුය.
27
මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසද, කන්වලින් නොඅසන පිණිසද, සිතින් තේරුම්ගෙන නොහැරෙන පිණිසද, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසද, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔව්හු තමුන්ගේ ඇස් පියාන සිටිතියි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන ශුද්ධාත්මයාණන්වහන්සේ අපේ පියවරුන්ට මනාකොට කියෙවු වාක්‍යයය.
28
එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව ඔබ සැමට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.
29
***
30
ඔහු තමා විසින් කුලියට ගත් ගෙයි දෑවුරුද්දක්ම වාසයකොට, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන,
31
කිසිම භයක්වත් තහනමක්වත් නැතුව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනාකරමින්, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කාරණා ඉගැන්නුවේය.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28