bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Acts 25
Acts 25
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 26 →
1
මෙසේ පෙස්තුස් තෙමේ ඒ පළාතට පැමිණි කල තුන් දවසකට පසු කායිසාරියේ සිට යෙරුසලමට ගියේය.
2
නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ ප්‍රධානීහුද පාවුල්ට විරුද්ධව පෙස්තුස්ට දැනුම්දී,
3
ඔවුන්ට කරුණාවක් වශයෙන් ඔහු යෙරුසලමට යවන ලෙස පෙස්තුස්ගෙන් ඉල්ලුවෝය. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැකසිට ඔහුව මරන පිණිසය.
4
නුමුත් පෙස්තුස් උත්තරදෙමින්: පාවුල් කායිසාරියෙහි හිරබාරේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්ට ඉන්න බවත් කීවේය.
5
එහෙයින් ඔබ සැම අතරෙහි වැදගත් අය මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් දෝෂයක් ඇත්නම් ඔහුට වරද තබත්වයි කීවේය.
6
ඔහු ඔවුන් අතරෙහි දවස් අටකට නොහොත් දහයකට වඩා ප්‍රමාද නොවී කායිසාරියට ගොස්, පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුල් ගෙනෙන්ට අණකෙළේය.
7
ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.
8
පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමියි කීවේය.
9
නුමුත් පෙස්තුස් යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල්ට උත්තරදෙමින්: ඔබ යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන මා ඉදිරියෙහි විනිශ්චයකරනු ලබන්ට කැමැත්තෙහිදැයි ඇසුවේය.
10
නුමුත් පාවුල්: මම කායිසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මෙහිදී මා විනිශ්චයකරන්ට යුතුය. යුදෙව්වරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත, ඒ බව ඔබටත් හොඳාකාර පෙනීයන්නේය.
11
ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු කිසිවක් කෙළෙම් නම්, මරණය නොලබන ලෙසට නොඉල්ලමි. නුමුත් මොවුන් මට තබන වරදවලින් එකක්වත් සැබෑ නොවේ නම්, මා ඔවුන්ට පාවාදෙන්ට කිසිවෙකුට බැරිය. මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමියී කීවේය.
12
එවිට පෙස්තුස් මන්ත්‍රණ සභාව සමඟ කථාකොට: ඔබ කායිසර්ගේ විනිශ්චය ඉල්ලුවෙහිය. කායිසර් ළඟට යන්නෙහියයි උත්තරදුන්නේය.
13
කීප දවසකට පසු අග්‍රිපා රජද බර්නීකිද කායිසාරියට ඇවිත් පෙස්තුස්ට ආචාරකළෝය.
14
ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටියදී පෙස්තුස් පාවුල්ගේ කාරණය රජුට දන්වමින්: පීලික්ස් නිදහස් නොකර ගිය එක් හිරකාරයෙක් සිටියි.
15
මා යෙරුසලමට ගිය විට නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු ගැන මට දන්වමින්, ඔහුට විරුද්ධව විනිශ්චය ඉල්ලුවෝය.
16
මම ඔවුන්ට උත්තරදෙමින්: යම් වරද තබනු ලැබූවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේයයි කීවෙමි.
17
එහෙයින් ඔවුන් මෙහි රැස්වූ කල, මම ප්‍රමාදයක් නොකොට පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මනුෂ්‍යයා ගෙනෙන්ට අණකෙළෙමි.
18
වරද තබන්නන් නැගිට සිටි විට මා සිතූ දේවල් ගැන කිසි වරදක් නොතබා,
19
තමුන්ගේ ආගම ගැනද ජීවත්ව සිටිනසේකැයි පාවුල් කියා සිටි යේසුස් නම් මළාවූ කෙනෙකු ගැනද ඔහුට විරුද්ධව සමහර වාද කාරණා ඔවුන්ට තිබුණේය.
20
මේ දේවල් ගැන විභාගකරන්නේ කෙසේදැයි වියවුල්වූ මම වනාහි, ඔහු යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන විනිශ්චයකරනු ලබන්ට කැමතිදැයි ඔහුගෙන් ඇසුවෙමි.
21
නුමුත් අධිරාජතුමාගේ තීරණයට නඩුව නවත්වාගන්න මෙන් පාවුල් ඉල්ලූ කල, ඔහු කායිසර් ළඟට යවන තුරු රැකවල්කර තබන්ට මම අණකෙළෙමියි කීවේය.
22
එවිට අග්‍රිපා: මමත් ඒ මනුෂ්‍යයා කථාකරනවා අසන්ට කැමැත්තෙමියි පෙස්තුස්ට කීවේය. හෙට ඔබට අසන්ට ලැබේයයි ඔහු කීවේය.
23
එසේ පසුවදා අග්‍රිපාද බර්නීකිද මහත් පෙරහැරකින් ඇවිත් ප්‍රධාන සේනාපතීන් සහ නුවර ප්‍රධාන මනුෂ්‍යයන් සමඟ නඩුශාලාවට පැමිණි කල, පෙස්තුස්ගේ ආඥාවෙන් පාවුල් ගෙන්වන ලද්දේය.
24
පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.
25
නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.
26
ඔහු ගැන මාගේ ස්වාමීන්ට ලියා ඇරීමට යමක් මට ලැබෙන පිණිස ඔබ සැම ඉදිරියටද ප්‍රධානකොට, අග්‍රිපා රජ්ජුරුවනි, ඔබ ඉදිරියටද ඔහු ගෙනාවෙමි.
27
මක්නිසාද හිරකාරයාට විරුද්ධව ගෙනා පැමිණිලි නොදන්වා ඔහු යැවීම අනුවණ දෙයක් බව මට පෙනේයයි කීවේය.
← Chapter 24
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 26 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28