bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Matthew 10
Matthew 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 11 →
1
තවද උන්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුවකිරීමටද ඔවුන්ට බලය දුන්සේක.
2
ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාමවල් මේය: පළමුවෙනුව පේතෘස් නම්ලත් සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘය; සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ය;
3
පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය;
4
කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය.
5
යේසුස්වහන්සේ මේ දොළොස්දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණකළසේක: කෙසේද? අන්‍ය ජාතීන්ගේ කිසි මාවතකට නොගොස්, සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී,
6
ඉශ්රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න.
7
ඔබ සැම යමින්-ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න.
8
රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. ඔබ සැම නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න.
9
ඔබ සැමගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න.
10
ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය.
11
ඔබ සැම කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න.
12
ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න.
13
ගෙයි වැසියන් සුදුසු නම්, ඔබ සැමගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් ඔබ සැමගේ සමාදානය නැවත ඔබ සැම කරා පැමිණේවා.
14
කවරෙක් නුමුත් ඔබ සැම පිළිගන්නේවත් ඔබ සැමගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල ඔබ සැමගේ පාදවල ධූලි ගසාදමන්න.
15
සැබවක් ඔබ සැමට කියමි: විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට ඉවසීම පහසුවන්නේය.
16
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම ඔබ සැම යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.
17
නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් ඔබ සැම මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබ සැමට තළනවා ඇත;
18
ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස ඔබ සැම මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.
19
නුමුත් ඔවුන් ඔබ සැම පාවාදෙන කල, ඔබ සැම කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද ඔබ සැම විසින් කිය යුතු දේ ඒ පැයේදී ඔබ සැමට දෙනු ලබන්නේය.
20
මක්නිසාද කථාකරන්නේ ඔබ සැම නොව ඔබ සැම තුළ කථාකරන ඔබ සැමගේ පියාණන්ගේ ආත්මයාණෝය.
21
තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය.
22
ඔබ සැම මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.
23
ඔවුන් එක් නුවරකදී ඔබ සැමට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් ඔබ සැමට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් ඔබ සැම ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.
24
ගෝලයෙක් තමාගේ ගුරුවරයාටවත් දාසයෙක් තමාගේ ස්වාමියාටවත් උතුම් නැත.
25
ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද?
26
එබැවින් ඔවුන්ට භය නොවෙන්න. මක්නිසාද ප්‍රකාශ නොවන්නාවූ වැසී තිබෙන දෙයක්වත් දැනගනු නොලබන්නාවූ සැඟවී තිබෙන දෙයක්වත් නැත.
27
මා විසින් ඔබ සැමට අඳුරේදී කියන දේ ඔබ සැම එළියේදී කියන්න. ඔබ සැමගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න.
28
ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න.
29
ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් ඔබ සැමගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත.
30
ඔබ සැමගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ.
31
එබැවින් භය නොවෙන්න; ඔබ සැම බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය.
32
එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි.
33
නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.
34
පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි.
35
මක්නිසාද මනුෂ්‍යයෙකු තමාගේ පියා සමඟද දුව ඇගේ මවු සමඟද යෙහෙළී ඇගේ නැන්දා සමඟද භේදකරවන පිණිස ආවෙමි.
36
මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය.
37
මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ.
38
තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ.
39
තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්නාට ඒක නැතිවේ; මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්නාට ඒක සම්බවේ.
40
ඔබ සැම පිළිගන්නා මා පිළිගන්නේය, මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය.
41
අනාගතවක්තෘ කෙනෙක් නිසාම අනාගතවක්තෘ කෙනෙකු පිළිගන්නාට අනාගතවක්තෘ කෙනෙකුගේ විපාකය ලැබේ; ධර්මිෂ්ඨයෙක් නිසාම ධර්මිෂ්ඨයෙකු පිළිගන්නාට ධර්මිෂ්ඨයෙකුගේ විපාකය ලැබේ.
42
යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් ඔබ සැමට කියමියි කීසේක.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28