bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Matthew 12
Matthew 12
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 13 →
1
එසමයෙහිදී යේසුස්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ බඩගිනිව කරල් කඩා කන්ට පටන්ගත්තෝය.
2
පරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය.
3
උන්වහන්සේ කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද බඩගිනිවූ කල්හි කළ දේ,
4
එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව ඔබ සැම කියෙවුවේ නැද්ද?
5
නොහොත් දේවමාළිගාවෙහි පූජකයන් සබත් දවසේදී සබත් කඩකොට නිවැරදිව සිටින බව ව්‍යවස්ථාවෙහි ඔබ සැම කියවා නැද්ද?
6
නුමුත් ඔබ සැමට කියමි: දේවමාළිගාවට වඩා උතුම්වූ කෙනෙක් මෙහි සිටියි.
7
නුමුත්: මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය ඔබ සැම දැනගන සිටියා නම් නිවැරදිකාරයන් පිට වරද තබන්නේ නැත.
8
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි ඔවුන්ට කීසේක.
9
උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් ඔවුන්ගේ සිනගෝගයට ඇතුල්වුණසේක.
10
එහි වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරද තබන පිණිස: සබත් දවසේදී සුවකරන්ට යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
11
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඔබ සැම අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද?
12
එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා-
13
ඔබේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගු කෙළේය; එවිට ඒක අනික් අත මෙන් සුවවිය.
14
එවිට පරිසිවරු පිටත්ව ගොස්, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය.
15
නුමුත් යේසුස්වහන්සේ ඒ දැන එතැනින් අහක්ව ගියසේක. බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ සියල්ලන්ට සුවකොට,
16
තමන්වහන්සේ ප්‍රසිද්ධ නොකරන ලෙස ඔවුන්ට අණකළසේක.
17
මෙසේ වූයේ: අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියන ලද:
18
බලව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවූ, මාගේ ආත්මයට ප්‍රසන්නවූ මාගේ ප්‍රේමවන්තයා මේය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තබන්නෙමි, ඔහු අන්‍ය ජාතීන්ට විනිශ්චය ප්‍රකාශකරන්නේය.
19
ඔහු ඩබරකරන්නේවත් මොරගසන්නේවත් නැත; ඔහුගේ හඬද වීථිවල කිසිවෙකුට නොඇසෙන්නේය.
20
ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.
21
ඔහුගේ නාමය කෙරෙහි අන්‍ය ජාතීහු බලාපොරොත්තුවන්නෝය යන කීම සම්පූර්ණ වන පිණිසය.
22
එවිට යක්ෂාවේශවූ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. උන්වහන්සේ ඔහුව සුවකළසේක, එහෙයින් ඒ ගොළුවාට කථාකරන්ටද දකින්ටද පුළුවන්විය.
23
සියලු සමූහයෝ විස්මපත්වී: මුන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයාණෝදැයි ඇසුවෝය.
24
නුමුත් පරිසිවරු ඒ අසා: මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය.
25
උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කථාකොට: තමාටම විරුද්ධව භේදවුණාවූ හැම රාජ්‍යයම පාළුවන්නේය; තමාටම විරුද්ධව භේදවුණාවූ හැම නුවර හෝ ගෙය නොපවතින්නේය.
26
සාතන් විසින්ම සාතන් දුරුකරයි නම් ඔහු තමාටම විරුද්ධව භේදව සිටියි; එසේවී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කොහොමද?
27
තවද මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, ඔබ සැමගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන උන් දුරුකරද්ද? එබැවින් ඔව්හු ඔබ සැමගේ විනිශ්චයකාරයෝ වන්නෝය.
28
නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ සැම කරා පැමිණ තිබේ.
29
නොහොත් බලවන්තයා පළමුකොට නොබැඳ, යමෙකුට ඔහුගේ ගෙට වැද ඔහුගේ වස්තු කොල්ලකන්ට කෙසේ හැකි වේද? බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය.
30
මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි.
31
එබැවින් මම ඔබ සැමට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය.
32
යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය.
33
ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ එකේ ඵල වලින් ඇඳිනගනු ලැබේ.
34
පොළොං වංශය, නපුරුව සිටින ඔබ සැම යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.
35
යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය.
36
තවද මනුෂ්‍යයන් කියන්නාවූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තරදෙන්ට වෙන්නේයයි ඔබ සැමට කියමි.
37
මක්නිසාද ඔබේ වචනවලින් ඔබ නිදොස්කරනු ලබන්නෙහිය, ඔබේ වචනවලින් ඔබ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක.
38
එවිට ලියන්නන්ගෙන්ද පරිසිවරුන්ගෙන්ද සමහරෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබගෙන් ලකුණක් දකින්ට කැමැත්තෙමුයයි කීවෝය.
39
උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය.
40
මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය.
41
නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාකිරීමෙන් ඔව්හු පසුතැවිලිවූවෝය; බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
42
දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමා වලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
43
අපිරිසිදු ආත්මය මනුෂ්‍යයෙකුගෙන් දුරුව ගිය කල්හි, ඔහු දිය නැති තැන්වල ඇවිදිමින් විශ්‍රාම සොයා නොලැබ:
44
මම පිටත්ව ආ මාගේ ගෙට හැරීයමියි කියයි; ඔහු එහි පැමිණි කල, ඒ ගෙය හිස්ව, අතුගා, සරහා තිබෙන බව දකියි.
45
එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.
46
උන්වහන්සේ සමූහයන්ට කථාකරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටියෝය.
47
එවිට එක්කෙනෙක් උන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටිතියි උන්වහන්සේට කීවේය.
48
එහෙත් උන්වහන්සේ තමන්ට කථාකළ තැනැත්තාට උත්තරදෙමින්: මාගේ මෑණියෝ කවුද? මාගේ සහෝදරයෝ කවුරුදැයි කියා,
49
තමන් ගෝලයන් දෙසට අත දිඟුකොට: මෙන්න, මාගේ මෑණියෝ සහ මාගේ සහෝදරයෝ!
50
මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්යයි කීසේක.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28