bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Matthew 5
Matthew 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 6 →
1
(පරි: 5-7) උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය.
2
එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක-
3
සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.
4
ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය.
5
මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.
6
ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය.
7
දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය.
8
සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.
9
සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.
10
ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.
11
මනුෂ්‍යයන් මා නිසා ඔබ සැමට නින්දා පීඩාකොට ඔබ සැමට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල ඔබ සැම ආශීර්වාදලද්දෝය.
12
ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි ඔබ සැමගේ විපාකය මහත්ය. ඔබ සැමට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.
13
ඔබ සැම පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.
14
ඔබ සැම ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය.
15
මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.
16
එසේම මනුෂ්‍යයන් විසින් ඔබ සැමගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස ඔබ සැමගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
17
ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.
18
සැබවක් ඔබ සැමට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය.
19
එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය.
20
මක්නිසාද ඔබ සැමගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද පරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවීනම්, ඔබ සැම කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුයයි ඔබ සැමට කියමි.
21
මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව ඔබ සැම අසා තිබේ.
22
නුමුත් මම ඔබ සැමට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, ඔබ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය.
23
එබැවින් ඔබේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, ඔබේ සහෝදරයා ඔබ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී ඔබ සැමට සිහිවී නම්,
24
ඔබේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට ඔබේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් ඔබේ පඬුර පුදන්න.
25
ඔබේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා ඔබ සේවකයාට භාරදෙන්නේය, ඔබද හිරගෙයි දමනු ලබන්නෙහිය.
26
සැබවක් ඔබ සැමට කියමි: අන්තිම සල්ලිය ගෙවනතුරු ඔබ කිසිසේත් එයින් පිටවී නොඑන්නෙහිය.
27
කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව ඔබ සැම අසා තිබේ.
28
නුමුත් මම ඔබ සැමට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.
29
ඔබේ දකුණු ඇස ඔබ සැමට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද ඔබේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, ඔබේ අවයවවලින් එකක් නැතිවීම ඔබ සැමට යහපත.
30
ඔබේ දකුණු අත ඔබ සැමට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද ඔබේ මුළු ශරීරය නිරයට යාමට වඩා, ඔබේ අවයවවලින් එකක් නැතිවීම ඔබ සැමට යහපත.
31
ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය.
32
මම ඔබ සැමට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.
33
බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට ඔබේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් ඔබ සැම අසා තිබේ.
34
නුමුත් මම ඔබ සැමට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්,
35
පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න.
36
එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් ඔබ සැමට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න.
37
ඔබ සැමගේ වචනය: එසේය; එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.
38
ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව ඔබ සැම අසා තිබේ.
39
නුමුත් මම ඔබ සැමට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් ඔබේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.
40
යමෙක් නඩු කියා ඔබේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට ඔබේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න.
41
යමෙක් එක හැතැප්මක් යන්ට ඔබ සැමට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න,
42
ඔබෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.
43
ඔබේ අසල්වාසියාට ප්‍රේමකරව, ඔබේ සතුරාට වෛරකරවයි කී බව ඔබ සැම අසා තිබේ.
44
නුමුත් මම ඔබ සැමට කියමි: ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, ඔබ සැමට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
45
මෙසේ ඔබ සැම ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක.
46
ඔබ සැමට ප්‍රේමකරන්නන්ටම ඔබ සැම ප්‍රේමකරනවා නම්, ඔබ සැමට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද?
47
ඔබ සැමගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් ඔබ සැම අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?
48
එබැවින් ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් ඔබ සැමත් සම්පූර්ණව සිටින්න.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28