bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Matthew 28
Matthew 28
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
1
සබත් දවස නිමවන්ට ළංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලේහි, මග්දලායේ මරියාද අනික් මරියාද සොහොන්ගෙය බලන්ට ගියෝය.
2
එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය.
3
ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය.
4
රැකවල්ලු ඔහුට භයින් වෙවුලා මළවුන් සේ වූහ.
5
දේවදූතයා ඒ ස්ත්රීන්ට කථාකරමින්: භය නොවෙන්න; මක්නිසාද කුරුසියෙහි ඇණ ගසනලද යේසුස්වහන්සේව ඔබ සැම සොයන බව දනිමි.
6
උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැගුටුණුසේක. එන්න, ස්වාමීන්වහන්සේ උන් ස්ථානය බලා ඉක්මනින් ගොස්,
7
උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණුසේක කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියන්න; උන්වහන්සේ ඔබ සැමට පළමු ගලීලයට යනසේක; එහිදී ඔබ සැම උන්වහන්සේ දකින්නහුය. බලන්න, ඔබ සැමට කීයෙමියි කීවේය.
8
එවිට ඔව්හු භයින්ද මහත් ප්‍රීතියෙන්ද සොහොන් ගෙයින් ඉක්මනින් නික්ම ගොස්, උන්වහන්සේගේ ගෝලයන්ට දන්වන පිණිස දිවුවෝය.
9
එකල යේසුස්වහන්සේ ඔවුන්ට සම්මුඛවී: ශුභසිද්ධවේවයි කීසේක. ඔව්හු ළඟට ඇවිත් උන්වහන්සේගේ පාද වැළඳගෙන, උන්වහන්සේට නමස්කාරකළෝය.
10
එකල යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: භය නොවෙන්න, මාගේ සහෝදරයන් ළඟට ගොස්, ගලීලයට පිටත්ව යන්ට ඔවුන්ට කියන්න, එහිදී ඔවුන් මා දකිනවා ඇතැයි කීසේක.
11
ඔවුන් යන කල රැකවලුන්ගෙන් සමහරෙක් නුවරට ඇවිත් සිදුවූ සියල්ල නායක පූජකයන්ට දැන්නුවෝය.
12
එවිට ඔව්හු වැඩිමහල්ලන් සමඟ රැස්ව මන්ත්‍රණයකොට, හේවායන්ට බොහෝ මිලදී:
13
අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න.
14
මේක ආණ්ඩුකාරයාට ආරංචිවුණොත්, අපි ඔහු සතුටුකොට ඔබ සැම බේරාගන්නෙමුයයි කීවෝය.
15
ඔව්හු මිල රැගෙන තමුන්ට ඉගැන්නූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යුදෙව්වරුන් අතරේ ප්‍රසිද්ධව, අද දක්වා පවත්නේය.
16
ගෝලයෝ එකොළොස්දෙනා යේසුස්වහන්සේ තමුන්ට නියමකළ ගලීලයේ කන්දට ගියෝය.
17
ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාරකළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය.
18
යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.
19
එබැවින් ඔබ සැම ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න.
20
මා විසින් ඔබ සැමට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම ඔබ සැම සමඟ සිටිමියි කීසේක.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28