bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Matthew 6
Matthew 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 7 →
1
මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී ඔබ සැමගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේ වෙත ඔබ සැමට විපාකයක් ඇත්තේ නැත.
2
එබැවින් ඔබ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබ සැමට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
3
නුමුත් ඔබ දන්දෙන කල්හි, ඔබේ දානය රහස්ව තිබෙන පිණිස, ඔබේ දකුණත කරන දෙය වමත නොදනීවා.
4
එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාක දෙනසේක.
5
තවද ඔබ සැම යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
6
නුමුත් ඔබ යාච්ඤාකරන කල්හි ඔබේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාකදෙනසේක.
7
තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.
8
එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද ඔබ සැමගේ පියාණන්වහන්සේගෙන් ඔබ සැම යමක් ඉල්ලන්ට පළමුවෙන් ඔබ සැමට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක.
9
එහෙයින් ඔබ සැම මෙසේ යාච්ඤාකරන්න:- ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
10
ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.
11
අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.
12
අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව.
13
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.
14
මක්නිසාද ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, ඔබ සැමගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ ඔබ සැමටත් කමාකරනසේක.
15
නුමුත් ඔබ සැම මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, ඔබ සැමගේ පියාණන්වහන්සෙත් ඔබ සැමගේ වරද කමා නොකරනසේක.
16
තවද ඔබ සැම නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් ඔබ සැමට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
17
නුමුත් ඔබ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන ඔබේ පියාණන්වහන්සේට මිස ඔබ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,
18
ඔබේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින ඔබේ පියාණන්වහන්සේ ඔබ සැමට විපාක දෙනසේක.
19
පොළොවෙහි ඔබ සැමට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති.
20
නුමුත් ස්වර්ගයෙහි ඔබ සැමට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.
21
මක්නිසාද ඔබේ වස්තුව යම් තැනෙක්හිද ඔබේ සිතත් එතැන්හිම වන්නේය.
22
ශරීරයේ පහන නම් ඇසය. එහෙයින් ඔබේ ඇස පැහැදිලි නම්, ඔබේ මුළු ශරීරය එළිය වන්නේය.
23
ඔබේ ඇස නපුරුනම්, ඔබේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් ඔබ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද!
24
ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට ඔබ සැමට නුපුළුවන.
25
එහෙයින් ඔබ සැමට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?
26
ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. ඔබ සැම උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?
27
කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට ඔබ සැම අතරෙන් කවරෙකුට පුළුවන්ද?
28
ඔබ සැම ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත.
29
එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්වර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි ඔබ සැමට කියමි.
30
මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් ඔබ සැම නොපළඳවනසේක්ද?
31
එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න.
32
මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල ඔබ සැමට ඕනෑ බව ඔබ සැමගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.
33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.
34
එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28