bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Acts 10
Acts 10
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 11 →
1
ඉතාලි රෙජිමේන්තුව නම් ලත් හමුදා ඒකකයේ සියයේ සේනාංකයක සෙන්පති වූ කොර්නේලියස් නැමැත්තෙක් කායිසාරියේ විසී ය.
2
ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝම ද දේව භයින් යුතු බැතිමත්හු වූහ. නැති බැරිවුනට ත්‍යාගශීලීව උදවු කළ ඔහු නිරතුරු දෙවියන්වහන්සේට යාච්ඤා කළ කෙනෙකි.
3
දිනක් නව වන පැයේ පමණ ඔහු දර්ශනයක් දුටුවේ ය. දෙවියන්වහන්සේගේ දූතයකු පැමිණ, “කොර්නේලියස්” යයි තමන් අමතනු ඔහු පැහැදිලිව දැක්කේ ය.
4
කොර්නේලියස් බියෙන් දෑස් දල්වා බලා, “කිමෙක් ද ස්වාමිනි?” යි ඇසී ය. එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔබගේ යාච්ඤා හා දාන දෙවියන්වහන්සේ ඉදිරියට සමරුවක් සේ නැගී ඇත;
5
එබැවින් දැන් යොප්පා වෙත පණිවුඩ යවා, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් නැමැත්තා කැඳවන්න.
6
ඔහු මුහුද අද්දර සම් පදම් කරන සීමොන්ගේ නිවසේ නැවතී සිටිතැ” යි පැවසී ය.
7
තමන්ට කතා කළ දේව දූතයා පිටත්ව ගිය පසු, තම සේවකයින් දෙදෙනකු ද තම උපස්ථායකු වූ භක්තිවන්ත භටයකු ද කැඳවූ කොර්නේලියස්,
8
සිදු වූ සියලු පුවත් ඔවුනට පවසා, යොප්පා වෙත ඔවුන් පිටත් කර යැවී ය.
9
පසු දින ඔවුන් පුරවරයට ළඟා වන කල, සවැනි පැයේදී පමණ පේතෘස් යාච්ඤා කරන්නට නිවසේ පියස්සට නැගුණේ ය.
10
ඔහුට කුසගිනි දැනිණි. එබැවින් අහරට යමක් ඕනෑ විය. එහෙත් අහර පිළියෙල වන අතරේ ඔහු දැහැනකට වැටිණි.
11
එවිට අහස විවරව, විශාල රුවල් රෙද්දක් වැනි යමක් එහි සිවු කොනින් පොළොවට පහත් කරනු ඔහු දුටුවේ ය.
12
සියලු වර්ගයේ සිවුපාවුන්, පොළොවේ උරගයින් හා අහස් පක්ෂීහු එහි වූහ.
13
එවිට “පේතෘස් නැගිට, මරා කන්නැ” යි කියන කටහඬක් ඔහුට ඇසිණි.
14
පේතෘස් පිළිතුරු දෙමින්, “නෑ ස්වාමිනි! අකැප, අපවිත්‍ර කිසිවක් මා කිසි කලෙක කෑවේ නැතැ” යි කීවේ ය.
15
එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය.
16
තුන් වතාවක්ම එසේ සිදු විණි. ඉන්පසු එක්වනම එය අහසට ඇදගනු ලැබිණි.
17
තමා දුටු ඒ දර්ශනයේ අරුත කිමෙක්දැයි නො වැටහී, පේතෘස් කල්පනා කරමින් සිටියදී මෙන්න! කොර්නේලියස් වෙතින් පැමිණි පණිවුඩකරුවෝ සීමොන්ගේ නිවස සොයාගෙන ගේ දොරකඩටම අවුත්,
18
පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් එහි නැවතී ඉන්නවාදැයි උස් හඬින් විමසූහ.
19
පේතෘස් තමා දුටු දර්ශනය ගැන සිත සිතා සිටියදී, ආත්මයාණන්වහන්සේ ඔහුට කතා කොට, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයා ඇවිත්;
20
නැගිට පහළට බහින්න; ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්න; මන්ද ඔවුන් එවුවේ මම” යැයි කී සේක.
21
එබැවින් පහළ බැස, ඒ මිනිසුන් හමුවට ආ පේතෘස්, “ඔබ සොයන තැනැත්තා මමයි. ඔබ ආ කාරණය කිමෙක් දැ?” යි ඇසී ය.
22
ඔවුහු පිළිතුරු දෙමින්, “අප ආවේ කොර්නේලියස් නම් සියයේ සේනාංක සෙන්පති වෙතින්. ධර්මිෂ්ඨ, දේව භයින් යුතු කෙනෙක් වන ඔහු මුළු යුදෙව් ජනයාගේ ගෞරවය දිනා සිටී. ශුද්ධ දේව දූතයෙක් ඔහුට දර්ශන වී, ඔබ පවසන දෑ අසන පිණිස, ඔහුගේ නිවසට ඔබ කැඳවන ලෙස දන්වා ඇතැ” යි පැවසූහ.
23
එවිට පේතෘස් තමාගේ අමුත්තන් වශයෙන් ඒ මිනිසුන් ගෙතුළට කැඳවී ය. පසු දා පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් විය. යොප්පාහි සහෝදරයින් කීප දෙනෙක් ද ගමනට එක් වූහ.
24
පසු දා ඔවුන් කායිසාරියට ළඟා වන විට, ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුව, කොර්නේලියස් තම නෑයින් ද හිත මිතුරන් ද තම නිවසට කැඳවා තිබිණ.
25
පේතෘස් ගෙට ඇතුළු වෙත්ම, ඔහු හමුවට ආ කොර්නේලියස් ඔහුගේ පාමුල වැටී වැන්දේ ය.
26
එහෙත් පේතෘස්, ඔහු නැගිටුවමින්, “නැගිටින්න; මාත් මනුෂ්‍යයකු පමණ යැ” යි පැවසී ය.
27
ඔහු සමඟ කතා කරමින්, ගෙතුළට පිවිසි පේතෘස්, මහත් පිරිසක් එහි රැස්ව සිටිනු දුටුවේ ය.
28
ඔහු ඔවුන් අමතමින්, “යුදෙව්වකුට අන්‍ය-ජාතිකයකු බැහැදැක්ම හෝ සමාගම් පැවැත්වීම අප දහම් නීතියට පටහැනි වග ඔබ හොඳින් දනී. එහෙත් කිසි මිනිසකු අකැපය, අපවිත්‍ර ය කියා මා නො කිව යුතු වග දෙවියන්වහන්සේ මට පෙන්වා දුන්නා.
29
එබැවින් මා කැඳවා යැවූ කල, පැකිළීමක් නැතිව මා ආවා. දැන් මා ඔබෙන් අහන්නේ, මා කැඳවූ හේතුව කිමෙක් ද කියායි?” ඇසුවේ ය.
30
කොර්නේලියස් උත්තර දෙමින්, “දවස් හතරකට කලින්, නව වන පැයේ පමණ මේ වෙලාවේ මා නිවසේ යාච්ඤා කරමින් සිටියදී, මෙන්න! එකපාරට දිළිසෙන ඇඳුමින් සැරසුණු කෙනෙක් මා ඉදිරියේ සිටගෙන!
31
ඔහු කතා කරමින්, ‘කොර්නේලියස්, දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤා ඇසූ සේක; ඔබේ දාන ද සිහි කළ සේක.
32
පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවා යොප්පා වෙත පණිවුඩ යවන්න. මුහුද අද්දර, සම් පදම් කරන සීමොන්ගේ නිවසේ ඔහු නැවතී සිටී’ යි කීවා.
33
එබැවින් මා නො පමාව ඔබට පණිවුඩ යැව්වා; ඔබ ආ එක කොතරම් හොඳ ද! ඉඳින් අපට පවසන්නට ස්වාමින්වහන්සේ ඔබට අණ කළ සියල්ල ඇසීමට අප හැමෝම දැන් මෙහි දෙවියන්වහන්සේ ඉදිරියේ සිටිනවා” යි කීවේ ය.
34
එවිට කතාව ඇරඹූ පේතෘස්, “දෙවියන්වහන්සේ පක්ෂග්රාහී නො වන වග, සත්තකින්ම මට දැන් වැටහේ. තවද
35
උන්වහන්සේට බයව, යුතු දේ කරන කවර ජාතිකයකු වුව ද, උන්වහන්සේ පිළිගන්න සේක.
36
සියල්ලන්ගේම ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සාමයේ ශුභාරංචි ගෙනෙමින්, දෙවියන්වහන්සේ ඉශ්රායෙල් ජනයාට දුන් පණිවුඩය ඔබ දනී.
37
යොහන් දේශනා කළ බව්තීස්මයට පසු, ගලීලයෙන් පටන් ගෙන යුදය මුළුල්ලේ වූ සිදුවීම් ඔබ දනී.
38
දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.
39
“යුදෙව් දේශයේත්, යෙරුසලමේත් උන්වහන්සේ කළ හැම දෙයක් ගැනම සාක්ෂිකරුවෝ අපියි. ඔවුහු ගසක උන්වහන්සේ එල්ලා මරා දැමූහ.
40
එහෙත් දෙවියන්වහන්සේ තුන් වන දවසේ උන්වහන්සේ නැගිටුවා, දර්ශන වන්නට සැලසූ සේක.
41
හැම දෙනාටම නො වේ; පෙනුණේ ඒ වන විට දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද සාක්ෂිකරුවන්වූත්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, උන්වහන්සේ සමඟ කෑවාවූ, බීවාවූ අපට ය.
42
ජීවතුන්ගේ ද මළවුන්ගේ ද විනිසුරුවාණන් වශයෙන් දෙවියන්වහන්සේ විසින් පත් කරන ලද තැනැත්තාණෝ උන්වහන්සේම බවට ජනයාට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දරන්නටත් උන්වහන්සේ අපට අණ කළ සේක.
43
සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.
44
පේතෘස් මේ වචන පවසමින් සිටියදීම, ඒ වචන අසා සිටි සියල්ලන් වෙත ශුද්ධාත්මයාණෝ පහළ වූ සේක.
45
පේතෘස් සමඟ පැමිණ සිටි චර්මඡේදිත ඇදහිලිවන්තයින් අන්‍ය-ජාතිකයින් වෙත ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව වගුරුවනු ලැබූ වග දැක, විස්මිත වූහ.
46
මන්ද ඔවුන් අන්‍ය භාෂා කතා කරන හැටිත්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනුත් ඔවුන්ට ඇසුණි. එවිට පේතෘස්,
47
“අප ලැබූ ලෙස ශුද්ධාත්මයාණන් ලබා ඇති මොවුන් වතුරින් බව්තීස්ම කරනු ලැබීම කෙනකුට වැළැක්විය හැකි දැ?” යි පැවසී ය.
48
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම කරන්නට එබැවින් ඔහු අණ කළේ ය. කීප දවසක් තමන් හා නැවතී සිටින ලෙස ඔවුහු පේතෘස්ගෙන් ඉල්ලූහ.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28