bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Acts 7
Acts 7
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 8 →
1
එවිට උත්තම පූජකයා, “මේවා ඇත්ත දැ?” යි ඇසී ය.
2
ස්තේපන් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය: “සහෝදරයිනි, පියවරුනි, මට සවන් දෙන්න. අප ආදි පිය වූ ආබ්‍රහම්, හාරාන්හි විසීමට පෙර, මෙසපොතාමියාවේ සිටියදී, තේජසේ දෙවියන්වහන්සේ ඔහුට පෙනී,
3
‘ඔබේ රටත්, ඔබේ නෑසියනුත් අතහැර, මා ඔබට පෙන්වා දෙන දේශයට යන්නැ’ යි පැවසූ සේක.
4
“එබැවින් ඔහු කල්දිවරුන්ගේ දේශයෙන් පිට වී ගොස්, හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ මරණයෙන් පසු, දැන් ඔබ වෙසෙන මේ දේශයට දෙවියන්වහන්සේ ඔහු ගෙනා සේක.
5
උන්වහන්සේ මෙහි කිසි උරුමයක් ඔහුට දුන්නේ නැත. බිම් අඩියක්වත් දුන්නේ නැත. එහෙත් මේ දේශය ඔහුටත්, ඔහුගෙන් පසු, ඔහුගේ දරු පරපුරටත් හිමි කොට දෙන බවට උන්වහන්සේ පොරොන්දු වූයේ, ඒ වන විටත් ආබ්‍රහම් දරුවකු නො ලැබ සිටියදී ය.
6
දෙවියන්වහන්සේ ඔහුට පැවසූයේ, ‘ඔබගේ දරු පරපුර වසර හාරසියයක කාලයක් අනුන්ගේ දේශයක වහල් භාවයට හා තාඩන-පීඩනයට පත් වෙමින්, පිටදේශීන් මෙන් ගත කරනු ඇත.
7
එහෙත් ඔවුන් වහල්කමේ යෙදවූ ජාතියට මම දඬුවම් කරන්නෙමි’ යනුවෙනි. දෙවියන්වහන්සේ ඔහුට කතා කරමින්, ‘ඉන්පසු ඔවුන් ඒ දේශයෙන් පිට වී අවුත්, මේ ස්ථානයේදී මට නමස්කාර කරනු ඇතැ’ යි පැවසූ සේක.
8
ඉන්පසු උන්වහන්සේ චර්මඡේද ගිවිසුම ආබ්‍රහම්ට දුන් සේක. මෙසේ ආබ්‍රහම් ඊසාක්ගේ පියා බවට පත්ව, අට වන දවසේ ඔහු චර්මඡේද කළේ ය. ඊසාක්, යාකොබ්ගේ පියා විය. යාකොබ්, මුල් දොළොස් ගෝත්‍රපතීන්ගේ පියා විය.
9
“මෙම ගෝත්‍රපතීන්, යෝසෙප්ට ඊර්ෂ්‍යාවෙන් ඔහු වහලකු සේ ඊජිප්තුවට විකුණූ නමුදු, දෙවියන්වහන්සේ ඔහු සමඟ සිටි සේක;
10
ඔහුගේ සියලු කරදරවලින් ඔහු මිදූ උන්වහන්සේ ඔහුට ප්‍රඥාවත්, ඊජිප්තු රජු වූ පාරාවෝගේ ප්‍රසාදයත් දුන් සේක. එබැවින් පාරාවෝ ඊජිප්තුවේ හා මුළු රජ මැදුරේ පාලකයා කොට ඔහු පත් කළේ ය.
11
“එකල ඊජිප්තුව මුළුල්ලේත්, කානාන් දේශයේත් සාගතයක් හා මහා වින්නැහියක් ඇති වී, අපේ පියවරුන්ට ආහාර සොයා ගැනීමට නො හැකි විය.
12
ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග සැල වූ කල යාකොබ්, අප පියවරුන් පළමු වරට එහි පිටත් කර යැවී ය.
13
ඔවුන් දෙවන වර එහි ගිය අවස්ථාවේ, යෝසෙප් තමා කවුරුන්දැයි තම සහෝදරයනට හෙළි කළේ ය. මෙසේ යෝසෙප්ගේ පවුලේ වගතුග පාරාවෝට දැනගන්නට ලැබිණි.
14
පසුව යෝසෙප්, තම පියා වූ යාකොබ් ද හැත්තෑපස් දෙනකුගෙන් යුතු ඔහුගේ පවුලේ සියල්ලන් ද කැඳවමින් පණිවුඩ යැවී ය.
15
යාකොබ් ඊජිප්තුවට ගියේ මෙලෙසිනි. ඔහුත්, අප පියවරුත් එහිදී මළහ.
16
ඔවුන්ගේ සිරුරු ආපසු ගෙනවුත්, ආබ්‍රහම් විසින් හාමොර්ගේ පුත්‍රයින්ගෙන් නිශ්චිත මුදලකට මිලට ගෙන තිබූ ෂෙකෙම්හි සොහොනේ තැන්පත් කරන ලදී.
17
“දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ආසන්න වෙත්ම, ඊජිප්තුව තුළ වූ අපේ ජන සංඛ්‍යාව අධිකව වර්ධන වූ අතර,
18
‘යෝසෙප් පිළිබඳ අවබෝධයක් නැති වෙනත් රජෙක් ඊජිප්තුවේ රජකමට පත් වූයේ ය.’
19
ඔහු අපේ ජනතාවට එරෙහිව කූට උපා යොදමින්, ඔවුන්ගේ බිළිඳු දරුවන් ජීවත් නො වන පිණිස ඔවුන් ගෙවලින් පිටත දමන ලෙස බල කරමින්, අපේ පියවරුනට කුරිරුකම් කළේ ය.
20
“මෝසෙස් උපන්නේ මෙම වකවානුවේදී ය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දරුවෙක් විය. ඔහු තුන් මසක් තම පියාගේ නිවසේ වැඩිණි.
21
ගෙයින් පිටතට ඔහු දැමූ කල, පාරාවෝගේ දූ කුමරි ඔහු රැගෙන ගොස්, තම පුත්‍රයා ලෙස ඔහු හදාවඩා ගත්තා ය.
22
ඊජිප්තුවරුන්ගේ සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්වනු ලැබ, මෝසෙස් කතාවෙහි ද ක්‍රියාවෙහි ද ප්රබලයකුව සිටියේ ය.
23
“හතළිස්වන වියට පත් පසු, තම සහෝදර ජනතාව වන ඉශ්රායෙල්වරුන්ගේ වගතුග බලන්නට යෑමට මෝසෙස්ට සිත් පහළ විය.
24
එසේ යද්දී ඔවුන්ගෙන් කෙනකුට ඊජිප්තුවරයෙක් පීඩා කරනු දැක ඔහු බේරන්නට ගොස්, ඊජිප්තුවා ගසා හෙළා, පීඩිතයාගේ පළිය ගත්තේ ය.
25
ඔහු සිතුවේ ඔවුන් ගලවා ගැනීමට දෙවියන්වහන්සේ තමා යොදවනු ඇතැයි තම ජනයා වටහා ගනිතැයි කියා ය. එහෙත් ඔවුන් වටහා ගත්තේ නැත.
26
පසු දින ඔවුන් දබර කරද්දී පැමිණි ඔහු ඔවුන් සමඟි කරන අදහසින්, ‘මිනිසුනි, නුඹලා සහෝදරයෝයි! එකිනෙකාට හිරිහැර කරන්නේ මන්දැ?’ යි ඇසී ය.
27
“එවිට තම අසල්වැසියාට වරද කළ තැනැත්තා මෝසෙස් තල්ලුකර දමමින්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද?
28
ඊයේ අර ඊජිප්තුවා මරා දැමූ ලෙස මා මරන්නට එනවා දැ?’ යි ඇසී ය.
29
ඒ ප්‍රකාශය ඇසූ මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයේ විදේශිකයකු සේ කල් ගෙවී ය. එහිදී ඔහු පුතුන් දෙදෙනකු ලැබී ය.
30
“ඉන් හතළිස් වසරක් ගෙවුණු පසු, සීනයි කන්ද අසල පාළුකරයේ ගිනි ඇවිළෙන පඳුරක් තුළින් දේව දූතයකු ඔහුට පෙනුණි.
31
ඒ දැකුමෙන් විස්මිත වූ මෝසෙස් වඩා හොඳින් එය නරඹන පිණිස, ඒ අසලටම ගියේ ය. එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ ඔහුට ඇසිණි.
32
‘ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ මම ය.’ මෝසෙස් වෙවුලන්නට වී, තවත් ඒ දෙස බලන්නටත් බය විය.
33
“එවිට ස්වාමින්වහන්සේ, ‘ඔබේ පාවහන් ගලවනු; මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි.
34
මගේ ජනයා ඊජිප්තුවේ විඳින හිංසා-පීඩා සැබවින් මම දුටිමි; ඔවුන්ගේ සුසුම් ලෑම ඇසීමි; එබැවින් ඔවුන් ගලවනු පිණිස බැස ආවෙමි. එන්න! මම ආපසු ඊජිප්තුවට ඔබ යවන්නෙමි’ යි කී සේක.
35
“වරක්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද?’ කියමින් ඔවුන් ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ මෝසෙස්ම ය. පඳුර තුළ ඔහුට පෙනුණු දේව දූතයා මඟින් එම ජනයාගේ පාලකයා හා මිදුම්කරුවා කොට දෙවියන්වහන්සේ විසින් යවන ලද්දේ මොහුම ය.
36
ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ ඔහු ඊජිප්තුවේදීත්, රතු මුහුදේදීත්, පුරා හතළිස් වසරක් තුළ පාළුකරයේදීත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය.
37
“ ‘මා හා සමාන දිවැසිවරයකු ඔබේම ජනයා අතරින් දෙවියන්වහන්සේ ඔබ වෙත එවන සේකැ’ යි ඉශ්රායෙල් ජනතාවට කීවේත් මේ මෝසෙස් ය.
38
කාන්තාරයේ සභාවේත්, සීනයි කන්දේදී තමා හා කතා කළ දේව දූතයා සමඟත්, අපේ පියවරුන් සමඟත් සිටියේ මොහු ය. අපට බාර දෙනු පිණිස ජීවනයේ වදන් ලැබුණේත් ඔහුට ය.
39
“එහෙත් අපේ පියවරු ඔහුට අවනත වීම ප්‍රතික්ෂේප කර, ඔහු පසෙකට කර, තම හදවත් ඊජිප්තුව දෙසට හැරවූහ.
40
ඔවුහු ආරොන්ට කතා කොට, ‘අපේ පෙරමුණ ගැනීමට දෙවිවරුන් සාදන්න. ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ ඒ මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ’ යි කීහ.
41
ඔවුන් වස්සකුගේ ස්වරූපයෙන් පිළිමයක් අඹා ගත්තේ එකල්හිදී ය. ඒ ඉදිරියේ යාග පූජා ඔප්පු කළ ඔවුහු තමන්ගේ අත්වල වැඩ ගැන ප්‍රීති වූහ.
42
එබැවින් දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් ඉවත හැරී, ග්‍රහ-තරු වන්දනාවට ඔවුන් අත්හළ සේක. ඒ ගැන දිවැසිවරුන්ගේ පොතේ මෙසේ සඳහන් වෙයි: “ ‘එම්බා ඉශ්රායෙල් වංශය, පුරා හතළිස් වසරක් කාන්තාරයේදී නුඹලා මා වෙත යාග පූජා ගෙන ආවා ද?
43
නුඹලා ඉහළට එසවූයේ මොලොක්ගේ දෙවොලත්, රෙපාන් දේවතා තරුවත් යන නුඹලාම තනා ගත් පිළිමත් ය. එබැවින් මම, බබිලෝනියෙනුත් එපිටට නුඹලා පිට මං කරමි.’
44
“කාන්තාරයේදී අපේ පියවරුන් සමඟ සාක්ෂි මණ්ඩපය තිබිණි. එය සාදා තිබුණේ මෝසෙස්ට කතා කළ තැනැන්වහන්සේ පෙන්වූ පරිදි ඔහු දුටු ආකෘතියට අනුව ය.
45
එම මණ්ඩපය ලද අපේ පියවරු, දෙවියන්වහන්සේ විසින් පලවා හරින ලද ජාතීන්ගේ මේ දේශය හිමි කර ගත් විටත්, යෝෂුවා යටතේ එය මෙහි ගෙන ආහ. දාවිත්ගේ දවස දක්වාත් එය දේශයේ තිබිණි.
46
දෙවියන්වහන්සේගේ ප්‍රසාදය දිනූ දාවිත්, යාකොබ්ගේ දෙවියන්වහන්සේට වාසස්ථානයක් තැනීමට ඉල්ලුවේ ය.
47
එහෙත් උන්වහන්සේට ගෘහයක් සෑදුවේ සලමොන් ය.
48
“එසේ වුව ද මහෝත්තමයාණෝ මිනිස් අතින් නිම වූ ගෘහවල නො වසන සේක. දිවැසිවරයා ඒ ගැන සඳහන් කරන්නේ:
49
“ ‘ස්වර්ගය මාගේ සිංහාසනයයි; පොළොව මාගේ පා පුටුවයි. මා උදෙසා ඔබ තනන්නේ කෙබඳු ගෘහයක් දැයි? ස්වාමින්වහන්සේ පවසන සේක. නො එසේ නම් මට විවේකාගාරය වන්නේ කොතැන ද?
50
මේ හැම මා අතින් මැවුණා නො වේ ද?’
51
“මිථ්‍යාදෘෂ්ටික සිත් හා කන් ඇති මුරණ්ඩු ජනයිනි! නුඹලා නුඹලාගේ පියවරුන් වගේම ය. නුඹලා හැම විට ශුද්ධාත්මයාණන්ට හරස්වන්නහු ය.
52
නුඹලාගේ පියවරුන් පීඩා නො කළ එක් දිවැසිවරයකු හෝ සිටියේ ද? ධර්මිෂ්ඨයාණන්ගේ පැමිණීම ගැන අනාවැකි කී අය පවා, ඔවුහු මරා දැමූහ. දැන් නුඹලා උන්වහන්සේ පාවා දී, මරා දමා ඇත.
53
දේව දූතයින්ගේ මැදිහත්කමින් දහම් නීතිය ලද්දෝ නුඹලාම වුවත්, නුඹලා ඒවා පිළිපැද්දේ නැත.”
54
ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට ව ඔහුට එරෙහිව දත්මිටි කන්නට වූහ.
55
එහෙත් ස්තේපන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, ස්වර්ගය දෙස ඉහළ බැලූ කල, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය ද දෙවියන්වහන්සේගේ දකුණු පස යේසුස්වහන්සේ සිටගෙන සිටිනු ද දැක,
56
“අන්න! ස්වර්ගයේ දොරටු ඇරී තිබේ. මනුෂ්‍ය පුත්‍රයාණෝ දෙවියන්වහන්සේගේ දකුණු පස සිටගෙන සිටිනු මට පෙනේ” යි කීවේ ය.
57
එවිට තම කන්වල ඇඟිලි ගසා ගත් ඔවුහු, යටි ගිරියෙන් බෙරිහන් දෙමින්, සැවොම එකට දුව ගොස් ස්තේපන් පිටට පැන,
58
නගරයෙන් පිටතට ඔහු ඇදගෙන ගොස්, ඔහුට ගල් ගැසූහ. සාක්ෂිකරුවෝ තම වස්ත්‍ර සාවුල් නම් වූ තරුණයකු භාරයේ තැබූහ.
59
ඔවුන් එසේ ගල් ගසද්දී ස්තේපන්, “යේසුස් ස්වාමිනි, මා ආත්මය බාරගත මැනවි” යි යාච්ඤා කළේ ය.
60
ඉන්පසු දණින් වැටුණු ඔහු, “ස්වාමිනි, මේ පාපය මොවුන් පිට නො තැබුව මැනව” යි මහ හඬින් පැවසී ය. එසේ පැවසූ ඔහු සැතපුණේ ය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28