bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Acts 28
Acts 28
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
1
ඒ දූපත, මෝල්ටා නමින් හැඳින්වෙන වග අප දැන ගත්තේ, එසේ ගැලවී ගොඩබිමට ආ පසුව ය.
2
දූපත්වාසීහු අපට අසාමාන්‍යව කාරුණික වූහ. වැස්ස හා සීතල නිසා, ඔවුහු ගිනි මැලයක් දල්වා සාදරයෙන් අප හැම පිළිගත්හ.
3
දර මිටියක් එකතු කළ පාවුල්, එය ගිනි ගොඩට දැමීමට ළං වූ විට, රස්නය නිසා දර අතරින් පිටතට ආ පොළඟෙක් ඔහුගේ අතේ එල්ලිණ.
4
සර්පයා පාවුල්ගේ අතේ එල්ලෙනු දුටු දූපත්වාසීහු, “සැකයක් නැහැ; මේ මිනිහා මිනීමරුවෙක්; මිනිහා මුහුදින් බේරුණත් ඔහුට ජීවත් වීමට යුක්ති ධර්මය ඉඩ දී නැතැ” යි තමන් අතරේ කියා ගත්හ.
5
එහෙත් පාවුල් අත ගසා, ඌ ගින්නෙහි හෙළා, කිසි අනතුරක් නැතිව සිටියේ ය.
6
ඔහු ඉදිමෙනු ඇත කියා හෝ මැරී වැටෙනු ඇත කියා ඔවුහු බලා සිටියහ. එසේ බොහෝ වෙලාවක් බලා සිටි නමුදු ඔහුට කිසි විපතක් සිදු නො වූ බැවින් තම අදහස් වෙනස් කර ගත් ඔවුහු, ඔහු දෙවියෙකැයි කීහ.
7
දූපත් නායක පබ්ලියස්ට අයත් වතු යායක් ඒ අසල තිබිණි. තම නිවසට අප පිළිගත් ඔහු දවස් තුනක් අපට ආගන්තුක සත්කාර කළේ ය.
8
ඔහුගේ පියා උණෙන් හා අතීසාරයෙන් පෙළෙමින් ඔත්පළව සිටියේ ය. පාවුල් ඔහු සිටි තැනට ගොස්, යාච්ඤා කර, ඔහු පිට අත් තබා, ඔහු සුව කළේ ය.
9
එය සිදු වූ පසු දිවයිනේ සෙසු රෝගීහු ද පැමිණියාහු සුව කරන ලදහ.
10
ඔවුහු අපට බොහෝ ගරු සත්කාර කළහ. අප යළි යාත්‍රා කරන්නට සූදානම් වූ කල, අපට අවශ්‍ය දෑ ඔවුහු නැවට පැටවූහ.
11
ශීත කාලය ඒ දූපතේ ගත කළ අපි තුන් මසකට පසු, නැවක නැගී යළි යාත්‍රා කළෙමු. “නිඹුල් සොහොයුරු” යන ලාංඡනයෙන් යුතු එය ඇලෙක්සන්ද්රියාවේ නැවකි.
12
සිරාකුස වෙත පැමිණි අපි දවස් තුනක් එහි ගත කළෙමු;
13
එතැන් සිට යාත්‍රා කර, රෙගියුම් වෙත ළඟා වීමු. ඊට පසු දින දකුණු දිග සුළඟ හැමූයෙන්, අපි ඊළඟ දවසේ පොතියොලි වෙත ළඟා වීමු.
14
එහිදී අපට සහෝදරයින් කීප දෙනෙක් හමු විණ. තමන් හා සතියක් ගත කරන ලෙස ඔවුහු අපට ඇරියුම් කළහ. මෙසේ අපි රෝමයට පැමිණියෙමු.
15
අප එන වග සැල වූ එහි සහෝදරයෝ අප මුණ ගැසෙන්නට අප්පියුස් වෙළඳ සංකීර්ණය හා තානායම් තුන දක්වා අපගේ පෙර මඟට ආහ. ඔවුන් ඇස ගැසුණු කල, දෙවියන්වහන්සේට තුති පිදූ පාවුල් ධෛර්යවත් විය.
16
අප රෝමයට පැමිණි පසු, එක් හේවායකුගේ මුරකාව යටතේ තමන් කැමති තැනක සිටින්නට පාවුල්ට අවසර ලැබිණි.
17
තුන් දිනකට පසු පාවුල් යුදෙව් නායකයින් කැඳවා යැවී ය. ඔවුන් රැස් වූ කල ඔවුන් ඇමතූ පාවුල් “මා සහෝදරයිනි, අප ජනයාට හෝ අපේ පියවරුන්ගේ චාරිත්‍රවලට එරෙහිව මා කිසි වරදක් නො කළ නමුත් යෙරුසලමේදී මා අත්අඩංගුවට ගෙන රෝමවරුන් අතට මා පත් කරනු ලැබුවා.
18
ඔවුන් මා විභාග කළ විට, මරණ දණ්ඩනයට හේතු වන අපරාධයක් සිදු වී නැති බැවින්, මා නිදහස් කරන්නට අදහස් කළා.
19
එහෙත් යුදෙව්වන් ඊට විරුද්ධ වූ නිසා සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලීමට මා පෙලඹුණා. එසේ කළේ මගේම ජනතාවට එරෙහිව වරද පවරන අදහසින් නො වේ.
20
මේ හේතුව නිසයි ඔබ දකින්නටත්, ඔබ හා කතා කරන්නටත් මා ඔබ කැඳවූයේ; මෙසේ මා යදමින් බඳිනු ලැබ සිටින්නේ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව නිසාවෙනි” යි පැවසී ය.
21
ඔවුහු පිළිතුරු දෙමින්, “යුදයේ සිට ඔබ ගැන සඳහන් ලිපි කිසිවක් අපට ලැබී නැහැ. එහි සිට මෙහි ආ අපගේ සහෝදරයින්ගෙන් කිසිවකු ඔබ ගැන නරක ආරංචියක් දැන්වූයේවත්, කතා කළේවත් නැහැ.
22
එහෙත් ඔබේ මතය අසා දැනගන්නට අපි කැමතියි; මොකද මේ නිකායට එරෙහිව හැම තැනකම කතා කෙරෙන වග අප දන්නවා” යි කීහ.
23
පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝසෙස්ගේ දහම් නීති සංග්‍රහය හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය.
24
ඔහු කී දෑවලින් ඇතමුන් ඒත්තු ගැන්විණි; එහෙත් සෙසු අය විශ්වාස කළේ නැත.
25
එබැවින් ඔවුහු එතැනින් බැහැරව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇතිව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි:
26
“ ‘මෙම ජනයා වෙත ගොස්, මෙසේ පවසන්න, “නිරතුරු ඔබ අසනු ඇත. එහෙත් වටහා ගන්නේ නැත; නිරතුරු ඔබ දකිනු ඇත. එනමුත් සිතට ගන්නේ නැත.”
27
මන්ද තමන්ගේ ඇස්වලින් නො දක්නා පිණිස ද, තම කන්වලින් නො අසන පිණිස ද, තමන්ගේ සිත්වලින් වටහා නො ගන්න පිණිස ද, සුවය ලබන්නට මා වෙත නො හැරෙන පිණිස ද, මොවුන්ගේ හදවත් දැඩිව තිබේ. ඔවුහු නො අසන කන් ඇතිව, තම ඇස් පියාගෙන සිටිති’ යනුයි.
28
“එබැවින් දෙවියන්වහන්සේගේ මේ ගැලවීම අන්‍ය-ජාතීන් වෙත ගෙන යනු ලබන වග, දැන ගනිත්වා! ඔවුන් ඊට සවන් දෙනු ඇතැ” යි පැවසී ය.
29
පාවුල් එසේ කී පසු යුදෙව්වෝ තම තමන් අතර උණුසුම්ව වාද කරමින් ඉවත්ව ගියහ.
30
ඊළඟ දෙවසර පාවුල් වාසය කළේ, ඔහුගේම වියදමින් කුලියට ගත් නිවසක ය. තමන් හමුවීමට එහි පැමිණි සැවොම සාදරයෙන් පිළිගත් ඔහු,
31
කිසිදු බාධාවකින් තොරව, එඩිතරව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පිළිබඳව ඉගැන්වී ය.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28