bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Acts 12
Acts 12
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 13 →
1
හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය.
2
ඔහු යොහන්ගේ සහෝදර යාකොබ් කඩුවෙන් මැරවී ය.
3
එය යුදෙව්වන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්‍යය අතරතුර ය.
4
පේතෘස් අත්අඩංගුවට ගත් හෙරෝද්, ඔහු සිරගෙයි දමා, ඔහු මුර කිරීමේ කාරිය, මුර භටයින් සිව් දෙනකු බැගින් යුතු මුර කණ්ඩායම් හතරකට පැවරී ය. පාස්කුවෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු විභාග කිරීම හෙරෝද්ගේ අදහස විය.
5
පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤා කළහ.
6
හෙරෝද් නඩු විභාගයට ඔහු ගෙන ඒමට කලින් දින රැයේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ, හේවායින් දෙදෙනකුට මැදිව නිදා සිටියේ ය; සෙසු මුර භටයෝ සිරගෙයි දොරටු මුර කළහ.
7
ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි.
8
“ඔබේ ඇඳුම් හැඳ, පාවහන් ලා ගන්නැ” යි දේව දූතයා පේතෘස්ට කී ය. පේතෘස් ඔහු කී ලෙස කළේ ය. “දැන්, ඔබේ කබාය පොරවාගෙන මා පසුපස එන්නැ” යි දේව දූතයා ඔහුට කීවේ ය.
9
පේතෘස් ඔහු පසුපසින් පිටතට ආවේ ය. එහෙත් දේව දූතයා අතින් මේ සිදුවන්නේ සැබෑ සිදුවීම් බැව් ඔහු නො දත්තේ ය. ඔහු සිතුවේ තමා දර්ශනයක් දකිනවා කියා ය.
10
ඔවුහු පළමු හා දෙවන මුරපොළවල් පසු කොට, නගරයට පිවිසෙන යකඩ දොරටුව වෙත ළඟා වූහ. ඉබේම දොරටුව ඔවුන්ට විවර විණි; ඉන් පිටතට වන් ඔවුන් ගමන් කරමින් එක් වීදියක් පසු කරද්දී, සැණෙක දේව දූතයා ඔහු හැර ගියේ ය.
11
එවිට පේතෘස් පියවි සිහි ලැබ, “ස්වාමින්වහන්සේ තම දූතයා එවා, හෙරෝද්ගේ ග්රහණයෙන් හා යුදෙව් ජනයාගේ මුළු අභිලාශයෙන් මා මුදා ගත් වග නිසැකව ම මා දැන් දන්නවා” යි කීවේ ය.
12
එය වටහා ගත් පේතෘස්, මාර්ක් නම් ලත් යොහන්ගේ මව වූ මරියාගේ නිවසට ගියේ ය. එහි බොහෝ දෙනෙක් රැස්ව, යාච්ඤා කරමින් සිටියහ.
13
පේතෘස් පිටත සිට දොරට තට්ටු කළේ ය. රොදා නම් වූ සේවක තරුණිය ඒ කවුරුන්දැයි බලන්නට ආවා ය.
14
පේතෘස්ගේ කටහඬ හැඳින, ප්‍රීතියෙන් ප්‍රමෝද වූ ඈ, දොර නෑරම, ආපසු ගෙතුළට දිව ගොස්, “අන්න! පේතෘස් දොරකඩ” යි හඬ ගෑවා ය.
15
එහෙත් ඔවුහු, “ඔබට ඔල්මාද යැ” යි පැවසූහ. එහෙත් ඒ වග ඇය තරයේම අවධාරණ කරන්නට වූ කල ඔවුහු, “එසේ නම් ඒ ඔහුගේ දූතයා වෙන්ට ඇතැ” යි කීහ.
16
පේතෘස් සිටියේ දොරට තට්ටු කරමිනි. එබැවින් දොර විවර කළ ඔවුහු ඒ පේතෘස් බව දැක විස්මිත වූහ.
17
නිහඬ වන ලෙස ඔවුනට අතින් සන් කළ පේතෘස්, ස්වාමින්වහන්සේ සිර ගෙයින් පිටතට තමා ගෙනා ආ හැටි විස්තර කළේ ය. “යාකොබ්ටත්, අනෙක් සහෝදරයින්ටත් මේ ගැන දන්වන්නැ” යි ඔවුන්ට පැවසූ ඔහු එතැනින් නික්ම, අන් තැනක් බලා ගියේ ය.
18
පහන් වූ කල, මුර භටයින් අතර සුළු පටු නො වූ කැලඹීමක් හට ගත්තේ, පේතෘස්ට කුමක් වීදැයි යන්න ගැන ය.
19
පේතෘස් සොයන්නට හෙරෝද් දැඩි සෝදිසි මෙහෙයුමක් යෙදවී ය. එහෙත් ඔහු සොයාගත හැකි නො වීය. මුර භටයින් ගෙන්වා ප්‍රශ්න කළ හෙරෝද්, ඔවුන් මරා දමන්නට නියෝග කළේ ය. හෙරෝද් ඉන් අනතුරුව යුදයේ සිට කායිසාරිය වෙත අවුත්, මද කලක් එහි ගත කළේ ය.
20
ඔහු තීර් හා සීදොන් වාසීන් සමඟ එදිරිවාදිකමක් ඇති කරගෙන තිබිණි. මෙකල ඔවුහු එකමුතුවී හෙරෝද් බැහැදැක්මට ගියහ. වාසල භාර නිලධාරි බ්ලාස්තුස්ගේ සහාය ඇතිව ඔවුහු රජු හා සාමය ඉල්ලූහ. මන්ද ඔවුන්ට ආහාර සැපයුණේ රජුගේ රටින් බැවිනි.
21
නියම කර ගත් දින හෙරෝද් රාජාභරණයෙන් සැරසී සිහසුන අරා හිඳ ජනයා අමතන්නට වන්නේ ය.
22
“මේ නම් දෙවියකුගේ කටහඬකි; මිනිසකුගේ නො වේ” යි ජනයා කෑ මොර දුන්හ.
23
හෙරෝද් දෙවියන්වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, ස්වාමින්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහු ගසා හෙළුවේ ය. ඔහු පණුවන් විසින් කා දමන ලදුව මිය ගියේ ය.
24
එහෙත් දෙවියන්වහන්සේගේ වචනය වර්ධන වෙමින් පැතිරෙන්නට විය.
25
බාර්ණබස් හා සාවුල් තමන්ගේ මෙහෙය නිමවා, මාර්ක් නම් වූ යොහන් ද කැටිව යෙරුසලමේ සිට ආපසු ගියහ.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28